අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්රයා වන රෝහිත රාජපක්ෂ මහතා මෙවර ශ්රී ලංකා ප්රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්රිඩා කරයි.
ඔහු අංක 07 සදහන් ඇදුමක්ද සහිතව දඹුල්ල කණ්ඩායමට සඳහා තරඟ වදින බව එම කණ්ඩායමේ සමාජ ජාල ගිණුමේ පින්තූර පල කර ඇත.
දඹුල්ල කණ්ඩායමට ජාතික කණ්ඩායමේ ක්රීඩකයන් කිහිප දෙනෙකුද එකවන අතර විදෙස් ක්රීඩකයන්ද එක් කර ගනු ලබයි.
රෝහිත රාජපක්ෂ මහතා පානදුර නාගරික ක්රීඩා සමාජයට මිට පෙර ක්රීඩා කලේය.









