තිරිඟු පිටි ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ යෑම හමුවේ බේකරි පවත්වාගෙන යෑමට නොහැකි වීම නිසා කුඩා පරිමාණයේ බේකරි 700 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනාවරණය කරයි.
ලංකාව තුළ බේකරි 7000 ක් පමණ තිබෙන බවත්, ඉන් බේකරි සියයට පහත් දහයත් අතර ප්‍රමාණයක් වසා දමා ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.
සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් කොළඹදී ඊයේ (28 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කීවේය
බේකරි කර්මාන්තය නිසා ලක්ෂ හයක් පමණ රැකෙන බවද සභාපතිවරයා කියයි.










