ගෑස්වල සංයුතිය බාල වී ගෑස් ටැංකි ගිනිගන්නා තත්ත්වයක් මතුව ඇති බවට වගකිවයුත්තන් පෙන්වා දෙද්දී මුලින් එය හාස්‍යයට ලක් කළ ආණ්ඩුව මේ වනවිට ගෑස් සම්බන්ධයෙන් අනතුරක් ඇති බව පිළිගැනීමට කටයුතු කොට ඇත.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පිළිගත් අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, මේ පිළිබදව විෂය දැනුමැති පුද්ගලයන්ගෙන් අදහස් ලබා ගැනීමට සූදානම් බවත් සදහන් කර සිටියේය.










