යුරෝපය තුළ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් ලෙස දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) තහනම ඉවත් කිරීම සඳහා වූ අභියාචනය යුරෝපා සංගමයේ මහාධිකරණය මේ සතියේ ප්‍රතික්ෂේප කොට ඇත.
ඩෙන්මාර්කය පදනම් කරගත් එල්ටීටීඊයේ යුරෝපීය දේශපාලන අනුකොට්ඨාශය වන පෙත්සම්කරුවන්ට ඔවුන්ගේ නීතිමය වියදම් සහ යුරෝපා සංගමයේ කවුන්සිලය (EU) විසින් දරන ලද වියදම් ගෙවන ලෙසටද නියෝග කර ඇත.
එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් වසර දහයකට පසු 2019 ජනවාරි මාසයේදී යුරෝපා කවුන්සිලය විසින් එල්ටීටීඊය ත්‍රස්ත සංවිධානයක් ලෙස නැවත ලැයිස්තුගත කිරීම අවලංගු කරන ලෙස ඔවුන් ඉල්ලුම් කර තිබුණි.










