• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන.. ඒත් මේක කට්ට කාලා ආව ගමනක්…

November 27, 2021
in Exclusive, Heart
Reading Time: 6 mins read
A A
කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන.. ඒත් මේක කට්ට කාලා ආව ගමනක්…
Share on WhatsAppShare on Facebook

10 වසරෙදි මගේ ඩී. ජේ. එෆ් එම් වල ගියා…
ඒ ලෙවල් කළේ පැය 06ක් පාරේ ඉඳලා…
මං ඉපදුණේ රැප් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති ගමක…

DJ JNk කියන්නේ නව පරපුරේ බොහෝ දෙනෙක් ආදරය කරන කලාකරුවෙක්. රැප් කලාවට අමුතුම වෙනසක් අරගෙන ආව DJ JNk මේ වෙද්දි යූ ටියුබ් ජාලයේ අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්නවා. ඔහුගේ “බොන්නෝන” ගීතය මේ වෙද්දි මිලියන 06කට වැඩි පිරිසක් නරඹලා තියෙනවා. ඊට පසුව ඉදිරිපත් කළ “සාරවිට” ගීතයත් මේ වෙද්දි විශාල ආකර්ෂණයක් ලබා ගෙන තියෙනවා. ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කරන මේ අපූරු තරුණයාව හොයා ගෙන යන්න අපිට හිතුණා.

ජනක කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර නම් ඉතාම හොඳයි. හරිම සතුටුයි ඒ ගැන.

කිව්වට කවුරුවත් ඔබේ සම්පූර්ණ නම දන්නේ නැතිව ඇති. ඒ හින්දා කතාබහ පටන් ගන්න කලින් අපි නම ගම කියලා ඉමුද?
මගේ සම්පූර්ණ නම රණතුංග ආරච්චිගේ ජනක චමල්. මගේ ගම කිරින්ද. මේ වෙද්දි මොරටුව සරසවියේ අවසන් වසරේ ශිෂ්‍යයෙක්.

අද වෙද්දි ලංකාවේ රැප් ගායකයෝ ඕනෑ තරම් ඉන්නවා. එහෙම වටපිටාවක මේ වගේ ජනප්‍රිය වෙන්න හේතු වුණු රහස මොකක්ද?
මේ වෙද්දි මම මගේම ගීත 30කට වැඩිය නිර්මාණය කරලා තියෙනවා. ඒත් ඒ අතරින් අවසානයට කෙරුව සාරවිට සහ බොන්නෝන කියන ගීත දෙක තමයි මේ විදියට ජනප්‍රිය වුණේ. ඇත්තටම මේ ගීත දෙකටම අපි යොදා ගත්තේ හරි සරල භාෂාවක්.

ඒ වගේම අපේම කියලා වාග් කෝෂයකුත් මේ සඳහා අපි යොදා ගත්තා. දකුණු පළාතේ සාමාන්‍යයෙන් භාවිතා වෙන වචන තමයි අපි ඊට එකතු කළේ. මං හිතන්නේ ඒ වචනවලට බොහෝ දෙනෙක් ආසයි. ඒ හින්දා වෙන්න ඇති මේ ගීත මෙතරම් ජනප්‍රිය වුණේ. ඒ වගේම සමාජයේ එදිනෙදා මුහුණපාන සිදුවීම් කිහිපයක් එකතු කරලා තමයි රූප රචනය කළේ. ඒ හැමදෙයක්ම සාර්ථක වුණා.

අපි ජනක මේ ගමන ආව විදිය ගැන කතා කරමු. කොහොමද මුලින්ම සංගීතයට යොමු වුණේ?
මම ඉපදුණේ කිරින්දේ ඈත ගමක. ඇත්තටම අපේ ගමේ මිනිස්සු ඒ වෙද්දි රැප් කියන්නේ මොකක්ද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. මම මුලින්ම පාසල් ගියේ කිරින්ද කනිෂ්ඨ විද්‍යාලයට. එතැනින් ශිෂ්‍යත්වය පාස් වෙලා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට ආවා.

ගමෙන් මාතරට ආවට පස්සේ තමයි මට රැප් ගායකයෙක් වෙන්න ඕනෑ කියන අදහස ආවේ. මට ඕනෑ වුණේ ප්‍රසිද්ධියේ මගේ නම කියවා ගන්න එක. ඒ හින්දා මම ස්කෝලේ 8, 9 වසර වෙනකොට ඩී. ජේ. ශිල්පියෙක් බවට පත් වෙලා හිටියා. ඒ වෙද්දි මම තනිවම පොඩි පොඩි පාටි වගේ ඒවා ප්ලේ කළා.

ස්කෝලේ 10 වසරට යද්දි මම රී මික්ස් කිහිපයක්ම නිර්මාණය කරලා තිබුණා. ඒ වගේම ඒ වෙද්දි මගේ නිර්මාණ එෆ්. එම් සේවාවල පවා ඇහෙන්න ලැබුණා. මගේ නම ප්‍රසිද්ධියේ අහන්න තිබුණු ආසාව ඒ වෙද්දිම ඉටු වුණා.

මේ හැම දෙයක් එක්කම ඔබ අධ්‍යාපන කටයුතුත් ඉතාම හොඳින් කරගෙන යන්න සමත් වුණා. අපි ඒ ගැනත් කියමු?
10 වසරෙන් පස්සේ 11 වසරට ගියාම මම කාලයක් ඩී. ජේ. වැඩවලින් ඉවත් වුණා. සාමාන්‍ය පෙළ විභාගයට මුල් තැන දුන්නා. ඊට පස්සේ උසස් පෙළට ගියාම ආයෙත් වැඩ පටන් ගත්තා. මට සාමාන්‍ය පෙළට ඒ 09ක් තියෙනවා. මට ඕනෑ වුණේ මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න. ඒ හින්දා මම උසස් පෙළට ගණිතය හැදෑරුවා. ඒ අතර ඩී. ජේ. වැඩ කළා.

ඒ වෙද්දි ඔබ මාතර ඉතාම ජනප්‍රිය චරිතයක් කියලා අපි අහලා තියෙනවා. කොහොමද ඒ දේවල් අධ්‍යාපනයට උදව් වුණේ?
ඇත්තටම ඒක මට ලොකු උදව්වක් වුණා. මොකද ඇතැම් අවස්ථාවල මට සමහර පොත් පත් ගන්න ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. ඒ වෙලාවලදි මට උදව් කරන්න ගොඩක් යාළුවෝ හිටියා. ඒ වගේම ගුරුවරුත් මට ගොඩක් උදව් කළා. ඒ හැම දෙයක් හින්දාම උසස් පෙළට ඒ 03ක් අරගෙන මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න මට පුළුවන් වුණා.

ඔබ මේ හැම දෙයක්ම කළේ දිනපතා කිරින්දේ ඉඳන් මාතර ඇවිත්. මං හිතන්නේ ඔබේ කතාව හැමෝටම ආදර්ශයක්. ඒ හින්දා ඒ ගැනත් කියමු?
කිරින්දේ ඉඳන් මාතරට එන්න විතරක් පැය 03ක් විතර යනවා. ඒ හින්දා දවසින් පැය 06ක් මට වැය වුණේ මහ මඟට. උසස් පෙළ ළං වෙද්දිවත් මාතර නවතින්න තරම් ආර්ථික ශක්තියක් මට තිබුණේ නැහැ. ඒ හින්දා මම හැමදාම ඒ කට්ට කෑවා. බස් එකෙන් බැහැලා අපේ ගෙදරට යන්නත් ටික දුරක් පයින් යන්න ඕනෑ. එහෙම ගෙදර ගියාම වැඩක් කරන්න පනක් නැහැ. ඒ හැම දෙයක්ම විඳ ගෙන තමයි මේ ගමන ආවේ.

ආපහු අපි සංගීතය ගැන කතා කරමු. උසස් පෙළින් පස්සේ මොකද වුණේ?
උසස් පෙළ ප්‍රතිඵල ආවට පස්සේ මගේ අතේ තරමක මුදලක් ඉතිරි වුණා. ඒ ටියුෂන් පන්තිවලින් ලැබුණු ත්‍යාග මුදල් සහ ටියුෂන් ගුරුවරු එක්ක උගන්වන්න ගිය මුදල් හින්දා.
මම ඒ මුදලින් ටිකක් වැය කරලා සංගීත නිෂ්පාදනය ගැන පාඨමාලාවක් හැදෑරුවා.

ඒ එක්කම ගෙදර ස්ටුඩියෝ එකක් කරන්නත් මට ඕනෑ වුණා. ගමේ යාළුවෝ එකතු කර ගෙන අවම මට්ටමේ උපකරණ යොදා ගනිමින් ඒ වැඬේ කර ගන්නත් මට පුළුවන් වුණා. ඊට පස්සේ තමයි මම කැම්පස් ආවේ. ඒ ඇවිත් ඒ වැඩ කරන ගමන් නිවාඩුවලට ගෙදර ගිහින් තමයි සංගීත වැඩ කටයුතු කරන්නේ.

ඉතාම අඩු වයසක හිටියත් ඔබ මේ වෙද්දි සම්මානයට පවා ලක් වුණු ශිල්පියෙක්. එහෙම නේද?
ඔව්. මට මේ වෙද්දි හොඳම හිප් හොප් නිර්මාණ ශිල්පියා කියන සම්මානය හිමි වෙලා තියෙනවා.

කියන්නේ තනි පුද්ගලයෙක් වුණත් ඔබ හැම තැනදිම නිර්මාණ ගැන කතා කරන්නේ අපි කියන වචනය දාලා. කවුද මේ අපි කියන පිරිස?
මෙතැනදි අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ දෙන්නා තමයි හසිඳු ද සිල්වා සහ දිගා. ඒ දෙන්නා තමයි වීඩියෝ වැඩ සම්පූර්ණයෙන්ම කරන්නේ. ඒ වගේම දැන් අපි එක්ක හොඳ පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපේ වීඩියෝවල එකම පිරිසක් ඉන්නේ ඒ හින්දයි. අපි ඔක්කොම එක වයසේ. ඒ වගේම අහම්බෙන් එකතු වුණු කට්ටිය.

ඉදිරියේදී මීටත් වඩා වෙනස්කම් අපිට දැක ගන්න ලැබේවිද?
අනිවාර්යයෙන්ම. දැනටම අපි අපේ ඊළඟ වීඩියෝ එකේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. මගේ අධ්‍යාපන වැඩ හින්දයි පොඞ්ඩක් පරක්කු වෙන්නේ. මේ හැම එකකම අදහස මගේ. සාමාන්‍යයෙන් එක නිර්මාණයක් අවසන් කරද්දී ඊළඟ නිර්මාණය මොකක්ද කියන එක මගේ ඔළුවට එනවා.

මං හිතන්නේ ඒක අත්දැකීම් එක්ක ලැබුණු දෙයක්. කන්නෝන, බොන්නෝන කියන්නේ නිතරම මගේ කටේ තියෙන වචන ටිකක්.

ඒ නිර්මාණය කරන්න තිස්ස ගිය වෙලාවේ වැලි කන්දක් දැකලා ඊළඟ නිර්මාණයට කාන්තාරයක් යොදා ගන්න මට හිතුණා. ඊළඟ නිර්මාණය මීටත් වඩා වෙනස් එකක්. ඒක එළියට දානකම් ඉමු කතා කරන්න නේද.

කවදා වගේද ඒ නිර්මාණය අපිට දැක ගන්න ලැබෙන්නේ?
ලබන ජනවාරියේදී ඒක එළිදක්වන්න තමයි අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

-චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ගෑස් බය පාර්ලිමේන්තුවටත් එයි! සජිත් තේරීම්කාරක සභාවක් ඉල්ලයි! (VIDEO)

Next Post

අලුත් ප්‍රබේදයට දොස්තර ජීවන්දරත් බය වෙයි!

MORE NEWS

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

Load More
වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වියපත්ව සිටින බැවින් මේ වනවිට ගෙදරට වී ලබන ආත්මෙට පිනක් දහමක් කරගෙන සිටිය යුතු බව ව්‍යාපාරික...

Read more
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.