• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පත්තර ගෙදර විප්ලවකාරයා!

November 27, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
පත්තර ගෙදර විප්ලවකාරයා!
Share on WhatsAppShare on Facebook

ඒ කාලයේ ලේක්හවුස් පත්තර කොම්පැනියට කිව්වේ බේරේ ගෙදර පච පත්තර කොම්පැනිය කියාය. හේතුව ලේක්හවුස් පත්තර එවකට අගමැති ඩී.ඇස්. සේනානායකට එරෙහි සියලු බලවේගවලට පහර ගහපු නිසාය. එකල විපක්ෂය වූ වාමාංශික පක්ෂවලට පමණක් නොව ආණ්ඩුව තුළ සේනානායකවරුන්ට අභියෝගයක් වූ බණ්ඩාරනායකටද ලේක්හවුස් පුවත්පත් තදින් පහර ගැසීය. බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට ගිය විට පහර ගැසීම දැඩි විය. 1956 මහ ඡන්දය ආවේ මේ කාලයේය. සටන තිබුණේ යූ.ඇන්.පී. නායක අගමැති සර් ජෝන් කොතලාවල සහ විපක්ෂ නායක බණ්ඩාරනායක අතරය. ලේක්හවුස් පුවත්පත් බය හැක නැතුව සර් ජෝන්ගේ පැත්ත ගත්තේය. එකල ලේක්හවුස් පුවත්පත් කොම්පැනියේ ප්‍රධානියා වූයේ රනිල්ගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහය. කර්තෘ මණ්ඩලයම ඔහුව සතුටු කරන්න සර් ජෝන්ට කඩේ ගියහ. එහෙත් එක් මාධ්‍යවේදියකු පමණක් ලේක්හවුස් කොම්පැනියේ උඩුගං බලා පිහිනන මාධ්‍ය කලාවක් තෝරාගත්තේය. බණ්ඩාරනායකගේ කැම්පේන් එක කවර් කරන්න එස්මන්ඩ් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට කී විට ඔවුන් ගත් කටටම ‘බැහැ’ කීවේ හාම්පුතා වූ එස්මන්ඩ් පිනවන්නටය. එහෙත් නීති විද්‍යාලයේ නීතිය හදාරන්න ගොස් උසාවියට එන මාධ්‍යවේදීන් දැක පත්තරකාරයකු වීමේ පිස්සුව ඔළුවට ගහල ලේක්හවුස් ආයතනයට බැඳුණු තරුණ මාධ්‍යවේදියෙක් ලෙක්හවුස් නම් වූ යූ.ඇන්.පී. බළකොටුව තුළ සිට ඔවුන්ගේ පරම හතුරා වූ බණ්ඩාරනායකගේ කැම්පේන් එක කවර් කරන්න කැමැති විය. ඔහු අනෙකකු නොව නීති ලෝගුව අතර මඟ දමා පෑන අතට ගත් එල්මෝ ගුණරත්නය. මේ තරුණයා දැක එස්මන්ඩ් පුදුම විය. එස්මන්ඩ්ගේ අවසරය ගත් ඔහු, දිවගියේ රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක හමුවීමටය. ලේක්හවුස් පුවත්පත් තමාව ඔහුගේ කැම්පේන් එක කවර් කරන්න පත්කළ බව එල්මෝ කී විට බණ්ඩාරනායක කොක් හඬලා සිනාසුණේය. තමාව දේශපාලන වශයෙන් ඝාතනය කරන්න පුවත් මවන ලේක්හවුස් කොම්පැනිය තමාගේ ඡන්ද සටන කවර් කිරීමට මාධ්‍යවේදියකු එවීම ඔහු මවිතයට පත් කළේය.

‘ඔබ ලියන ඒවා ඔය පත්තරේ යන එකක් නැහැ…’ බණ්ඩාරනායක කීවේය.

‘නැහැ මට වාහනයක්, ගමන් වියදම් ලේක්හවුස් එකෙන්ම දෙනවා…’

එල්මෝ කීවේය

එල්මෝ, බණ්ඩාරනායකගේ කැම්පේන් එක හොඳටම කවර් කළේය. ඒත් එල්මෝ ලෝක්හවුස් එකට යවන බණ්ඩාරනායකගේ කතා කපා කොටා පිටුවක කොනක පළවිය. වැඩි දවසක් ගියේ නැත. බණ්ඩාරනායකව කවර් කරන්න යන වාහන සහ ගමන් වියදම්ද කැපුණි. බණ්ඩාරනායක මෙය දැන එල්මෝව තමන්ගේ වාහනයේ දමාගෙන ගියේය.
1956 බණ්ඩාරනායක දින්නේය. එල්මෝ ආණ්ඩුවේ ලොකු පුටුවකට යයි කියා ලේක්හවුසියේ කටකතා පැතිරිණි.

‘අපිට තමයි සර් ජෝන් පස්සෙ ගිහින් වැරැදුණේ. එල්මෝට දැන් බණ්ඩාරනායක හොඳට සලකයි නේද…?

ලේක්හවුස් ලොක්කෝ එල්මෝට කීහ.

‘මම කළේ මගේ මාධ්‍ය රස්සාව. මම බණ්ඩාරනායකට රස්සාව කළේ නැහැ.’

එල්මෝ කීවේය.

ලේක්හවුස් ප්‍රධානී එස්මන්ඩ්ටත් එල්මෝ ගැන පැහැදුණි. 1964 බණ්ඩාරනායකගේ බිරිය, බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ලේක්හවුස් රජයට පවරා ගන්න පත්තර පනත ගේන විට එයට එරෙහිව සටන් කරන්න එල්මෝව හවුල් කරගත්තේය. එස්මන්ඩ්ට ඒ සටනට හාමුදුරුවන්ගේ සහාය අවශ්‍ය විය. උපතින් ඇංග්ලිකානු භක්තිකයකු වූ එස්මන්ඩ්ට හාමුදුරුවන්ට වඳින්න පුරුදු කළේ එල්මෝය.

‘දවසක් වඳින හැටි රිහසල් කරන්න ගිහින් එස්මන්ඩ්ගේ කකුල කෙටුණා…’

එල්මෝ පසු කලක කීවේය. 70-77 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ලේක්හවුස් රජයට පවරා ගත් විට එහි සභාපති රංජිත් විජේවර්ධනට හිස් අතින් ගෙදර යන්න සිදුවිය. ඔහු ලේක්හවුසියේ පඩිපෙළ බසින විට අවසන් වශයෙන් ලේක්හවුස් ගොඩනැගිල්ල දෙස බැලීය. තමාගේ පිටුපසින් කවුරුන් හෝ එන බව ඔහු දුටුවේ එවිටය. ඒ, එල්මෝ ගුණරත්නය. ඔහු අස්වීමේ ලිපිය දී ස්වාමියා පසුපසින් ගියේ තමාට හිතවත් තම වාමවාදී මත දරන බණ්ඩාරනායක ආණ්ඩුව ගැහුවේ නිදහස් මාධ්‍යයට බව පෙන්වා එයට විරෝධය දක්වන්නටය. ඒ වෙනකොට එතෙක් ලේක්හවුස් සභාපතිගේ ගුණ වයමින් සිට ලේක්හවුසිය රජයට පවරාගත් විට ඔහුගේ වැරැදි කතා කරමින් ඔහුට පහර ගසමින් ලේක්හවුසියේ තම රැකියා බේරාගන්න පෝලිමේ ගිය මාධ්‍යවේදීන් අතර එල්මෝ අසාමාන්‍ය මාධ්‍යවේදියකු විය. ඔහුගේ දේශපාලන මිතුරන් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ සිටියත් ඔහු ඒ වෙලාවේ පෙනීසිටියේ මාධ්‍ය නිදහස වෙනුවෙනි.

ඉන් පසු රස්සාව අහිමි වී ඔහු තායිලන්තයේ බැංග්කොක් පෝස්ට් පුවත්පතේ රස්සාවට ගියේය. ඔහුට ලංකාදීප ටයිම්ස් පුවත්පතේ කර්තෘ මණ්ඩල ප්‍රධානියා වීමට ආරාධනා ලැබුණේ ඔහු තායිලන්තයේ සිටියදීය. ලංකාවේ සිංහල සහ ඉංග්‍රීසි පවත්පත් දෙකෙහිම කර්තෘ වූ ප්‍රථම කර්තෘවරයා ඔහුය. දේශපාලන ප්‍රශ්න මත ටයිම්ස් – ලංකාදීප පුවත්පත වැසුණි. එතකොට තිබුණේ ජේ.ආර්.ගේ ආණ්ඩුවය. මේ වන විට ලේක්හවුස් හිටපු සභාපති රංජිත් විජේවර්ධන, එල්මෝට එන්න කියා අලුත් පත්තර කොම්පැනියක් පටන්ගන්න සාකච්ඡා කරමින් සිටියේය. ලංකාදීප – ටයිම්ස් පුවත්පතේ නම ආණ්ඩුවට පවරාගෙන ඇති නිසා පාඨකයන්ට හුරු පුරුදු ඒ නම ගමු යැයි එල්මෝ යෝජනා කළේය. ඒත් රජයට පවරාගත් ලේක්හවුස් තමාට යළි නොදීම ගැන රංජිත් විජේවර්ධන හිටියේ ජේ.ආර්.ගේ ආණ්ඩුවත් සමග නොසතුටිනි. ජේ.ආර්.ගේ ආණ්ඩුව රංජිත් විජේවර්ධනට විශාල වන්දියක් ලබාදී තිබිණි. ජේ.ආර්.ගේ අණ්ඩුවෙන් ලංකාදීප, ටයිම්ස්, ඩේලි මිරර් නම්වල අයිතිය ලබාගැනීමට ආණ්ඩුවත් සමග සාකච්ඡා කළේ එල්මෝය. එල්මෝ කොහොම හරි ඒ නම් රංජිත් විජේවර්ධනට ලබාදෙන්න ආණ්ඩුවත්, ලංකාදීප – ටයිම්ස් පුවත්පත් කොම්පැනියේ හිමිකරුවන් එකඟ කරගන්න සමත් විය. හැබැයි එල්මෝට යළිත් ලංකාදීප – ටයිම්ස් පුවත්පත පටන්ගනිද්දී ඒ කළ සේවයට කර්තෘකම ලැබුණේ නැත. එල්මෝ එය ඉල්ලුවේත් නැත.

රාවය විකල්ප පුවත්පත පටන් ගනිද්දී පත්තරයට අවශ්‍ය අරමුදල් හොයන්න ප්‍රපෝසල් එක හදල දුන්නේත් එල්මෝය.

ඒ, එල්මෝය. ඔහු ලංකාදීප – ටයිම්ස් කර්තෘ ධුර දරද්දී එවකට අගමැති රණසිංහ ප්‍රේමදාස දවසක් එල්මෝගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

‘එල්මෝ ඔයා කොහෙද ඉන්නේ…?’

එල්මෝ තමා පදිංචි ස්ථානය කීවේය.

‘ඒ ගේ එල්මෝගෙද…?’

ප්‍රේමදාස ඇසුවේය.

‘නෑ… මම කුලියට ඉන්නේ…’

එල්මෝ කීවේය. ප්‍රේමදාස මවිත විය. තමාගෙන් ගෙවල් ඉල්ලාගෙන එන අනෙකුත් අය සේ, පසු දිනම පාන්දර 4ට තමාව හමුවන්න සුචරිතයට එන්නැයි ප්‍රේමදාස, එල්මෝට කීවේය.

‘මම එල්මෝට මෙහෙම එන්න කියන්නේ පාන්දර 3ට 4ට මාව හමුවෙන්න එන මිනිසුන්ව එල්මෝට පෙන්වන්න…’

ප්‍රේමදාස කීවේය. එල්මෝට තට්ටු නිවාසයක් හිමිවිය. ඔහු මියයද්දී ඔහු ළඟ තිබුණේ ඒ ඔප්පුව පමණි. පොතක ශත පහක්වත් තිබුණේ නැත. ඩඩ්ලි මියයන විට ඔහුගේ බැංකු පොතත් හිස්ය. එවැනි පරමාදර්ශී දේශපාලනඥයන් සිටි කාලයක මාධ්‍ය කලාව කළ එල්මෝ එවැනිම පරමාදර්ශී පත්තරකාරයෙකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

(පුවත්පත් කලාවේ විශිෂ්ටතමයකු වූ එල්මෝ ගුණරත්නයන් නික්ම ගොස් තෙමසක් පිරීම නිමිත්තෙන් වූ විශේෂ ලිපියකි)

SendShareShare
Previous Post

මේ එන්නේ පස්වැනි මහින්ද රජුගේ සාගතයමද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ඇතෙක් මරලා හොරෙන්ම වත්තේ වළ දාලා! (VIDEO)

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.