මානව හිමිකම් ගැටලු හේතුවෙන් ලංකාවට ලබා දෙන ස්කොට්ලන්ත පොලිස් පුහුණුව අත්හිටුවීමට තීරණය කර ඇති බව ස්කොට්ලන්ත පොලීසිය, මෙරට බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබේ.
මෙරටට පොලිසිය සදහා ස්කොට්ලන්ත පොලිස් පුහුණුව ලබා දීම සදහා වූ කොන්තරාත්තුව 2022 වසරේ අවසන් වන අතර, ඉන් පසුව එම කොන්තරාත්තුව දීර්ඝ නොකිරීමට ස්කොට්ලන්ත පොලිස් සේවය තීරණය කරයි.
කෙසේ වෙතත්, මෙරට මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්,ස්කොට්ලන්ත පොලිස් පුහුණුව මෙරටට ලබා දීම 2020 වසරේ සිට අත්හිටුවා තිබේ.










