ලංකාවේ දැනට මතුව ඇති ආර්ථික අර්බූදය මගහරවා ගැනීම සදහා ආධාර ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකගතාව පළ කොට තිබේ.
එම අරමුදලේ ලංකාව බාර ප්‍රධානී මෂහිරෝ නොසාකි ප්‍රකාශ කොට ඇත්තේ තවමත් ඒ සම්බන්ධයෙන් ලංකාවෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව නැති නමුත් ඊට සිය සංවිධානය සූදානම් බවකි.
එමෙන්ම ලංකාවේ පැවැත්වෙන සමුලුවකට සිය අරමුදලේ නියෝජිතයන් ලබන 07 වැනිදා සිට 20 දක්වා කාලය ඇතුළත සහභාගී වීමට නියමිත බවත්, අවශ්‍ය නම් එහිදී මේ පිළිබදව සාකච්ජා පැවැත්විය හැති බවත් නොසාකි ප්‍රකාශ කොට ඇත.
කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට යාම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ මත දෙකක් පවතින අතර එක් කොටසක් එසේ යා යුතු බවත්, තවත් කොටසක් එසේ නොකළ යුතු බවත් කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ තිබේ.










