• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසයේ සැඟවුණු රාජසිංහ – මල්වතී ප්‍රේමයේ මන්දිරය…

November 27, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
ඉතිහාසයේ සැඟවුණු රාජසිංහ – මල්වතී ප්‍රේමයේ මන්දිරය…
Share on WhatsAppShare on Facebook

අවංක ආදරයට සීමාවක් නොවේ. එය මෙතෙකැයි මෙතෙකැයි කියා වචනයෙන් විස්තර කර කීම අසාර්ථක විය හැකිය. ඒ ආදරයට සීමා මායිම් බල නොපාන්නා සේම ආදරය දන්නෝ ආදරය කරන්නෝ ආදරය වෙනුවෙන් කළ කැපකිරීම් අනන්ත අප්‍රමාණ විය හැකිය.

එමෙන්ම තම අවංක ආදරය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූවෝද, ජීවිතය පූජා කළෝද අනන්තවත් සිටිති. එවන් උත්තරීතර ආදරයේ නාමයෙන් අසිරිමත් දායාද ලොවට තිළිණ කළ ඇත්තෝද නැත්තේම නොවේ.

එවන් ආදරණීය නිර්මාණ අතර ඉන්දියාවේ ටාජ්මහලට හිමිවන්නේ සුවිශේෂ තැනකි. ටාජ්මහල ගැන කියද්දී සාජහාන් මුම්ටාස් ගැන ආදරණීය මතකය කාගේත් හදවත් තුළ පරම පවිත්‍ර ප්‍රේමයක වටිනාකම් ඉස්මතු කරන්නේය.

එවැනි ප්‍රේම වෘත්තාන්ත රැසකම අතීත මතකයන් ඔස්සේ ජන හදවත් තුළ ජනප්‍රවාදයක් සේ පැවැත එන්නේය. ඒ අතර සාජහාන් මුම්ටාස්, රාධා ක්‍රිෂ්ණා, සාලිය අශෝකමාලා මේ ආදී නම් රාශියකි.

එහෙත් මේ නම් ගොන්නට එකතු නොවුණු එවැනි අමරණීය පෙම්වතුන් තවත් කොතරම් පිරිසක් ඉතිහාස මතකයේ සැඟවී ඇත්ද යන්න දන්නේ ඉතිහාසයම පමණකි. එවැනි සැඟවුණු නම් අතරින් ජනප්‍රවාදය ඇසුරේත්, ඒ හා බැඳුණු සුවිශේෂ ඉදිකිරීමක් අනුවත් හෙළිවන අපූරු ප්‍රේම කතාවක් වෙයි. එම ප්‍රේමයේ පෙම්වතා සීතාවක රාජසිංහ රජුය. පෙම්වතිය මල්වතී බිසවය. ඉන්දියාවේ මම්ටාස් දේවිය වෙනුවෙන් සාජහාන් රජු ඉදිකළ ටාජ්මහල මෙන් ලංකාවේ මල්වතී බිසවගේ ආදරයේ නාමයෙන් සීතාවක රාජසිංහ රජු ඉදිකළ සිහිවටනය වන්නේ මැදගොඩ පත්තිනි දෙවොලය.

ආදරයේ සිහිවටන ගැන කතා කරද්දී නිතැතින්ම ටාජ්මහල් ගැන කතා කළද මේ රාජසිංහ මල්වතී ආදරයේ සිහිවටනය ගැන එතරම් ප්‍රසිද්ධ වී නැත. එහෙත් මෙරට අවංක ආදරයේ නාමයෙන් ගෞරවනීය සිහිවටනයක් කරවීමේ ගෞරවය සීතාවක රාජසිංහ රජුට හිවිවිය යුතුමය.

ක්‍රි.ව. 1538දී සීතාවක පාලනය කළ මායාදුන්නේ රජුගේ අභාවය සිදුවූ පසු ඔහුගේ පුත් ටිකිරි කුමරුට රාජ්‍යත්වය හිමිවිය. සීතාවක රාජසිංහ නමින් කිරුල භාරගත් ටිකිරි කුමරු එඩිතර නිර්භීත රජකු ලෙස විශිෂ්ට ලෙස සිය පාලනය ගෙන ගියේය. පසු කලෙක පස්දුන් කෝරලයද සතු රයිගම් රාජධානියද සීතාවකට ඈඳාගැනීමට සමත් වූ සීතාවක රාජසිංහ රජු සිය බලය මොනවට කියාපෑමට සමත් විය.

මේ අතර කාලයේ සුදුසු මොහොත එළඹෙන තුරු බලා සිටි හෙතෙම කෝට්ටේ රාජධානිය පාලනය කළ බුවනෙකබාහු රජු පෘතුගීසි වෙඩිල්ලකින් මියගිය පුවත අසා මාතොටද සිය පාලනය ප්‍රදේශයට ඈඳාගන්නට සීතාවක රාජසිංහ රජුට හැකියාව ලැබිණි.

කිසිදු අවස්ථාවක කිසිදු අභියෝගයක් හමුවේ පසුබැසීමේ අදහසක් හෝ පුරුද්දක් නොවූ රාජසිංහ රජු, තම බලපුළුවන්කාරකමත්, නිර්භීතකමත් නිසාම අතිශය ජනප්‍රිය රජකු ලෙස කා අතරත් ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

මෙකල රජු තම රාජධානියේ නිතර නිතර සංචාරය කරමින් ජනයාගේ අඩුපාඩු දුක් දොම්නස් සොයා බලන්නට පුරුදුව සිටියේය. දිනපතා තම සුපුරුදු රාජකාරි අතර පෙතංගොඩ උයනට යෑමටද රජු පුරුදුව සිටියේය.

දිනක් සුපුරුදු ලෙස දහවල් කාලයේ රාජසිංහ රජු රජ මාලිගයෙන් පිටත්ව පෙතංගොඩ උයනට යන්නට පාරට බැස තිබේ. ඒ යන අතර මඟදී නෙත සිත සොරාගන්නට සමත් රූමත් සිරුරකින් යුතු තරුණියක් මහ මඟ ඇවිද යන අයුරු රජු දුටුවේය. තරුණියගේ මනරම් ආකර්ෂණීය රූපයටත්, අඟපසඟයටත් සිත පහදවාගත් රජු, මාලිගයට පැමිණියේ එම රූපය සිත තුළ රඳවාගෙනය. තම දිවියේ 60 වැනි වර්ෂයද පසුකර සිටි රාජසිංහ රජුට මේ 18 හැවිරිදි රූමතිය ගැන ඇතිවූයේ ඉවත් කළ නොහැකි අසීමිත ආදරයකි. ඇය නමින් ‘මල්වතී’ නම් වූවාය.

දොඩම්පෙ ගණිතයාගේ දියණියක වූ මල්වතී කුමරිය අමතක කර දමන්නට තරම් නම්‍යශීලී වීමට නොහැකි වූ තැන රජු ඇයව සිය මාලිගයට කැඳවාගෙන විත් අග බිසෝ තනතුරේ තබාගැනීමට කටයුතු කළේය. රාජ්‍ය බලය භාවිත කළ රජු කළ මේ ක්‍රියාව ගැන දොඩම්පෙ ගණිතයා අසීමිතව කෝප වූ අතර මල්වතී කුමරිය සරණකර ගන්නට පෙරමඟ බලා සිටි රාජසූරිය සිටියේ එතරම්ම කේන්තියකිනි.

එහෙත් මල්වතී කුමරියට සියලු රජ සම්පත් ලබාදෙමින් අග බිසිවකට හිමි ගෞරවයද උපරිමව ලබාදෙන්නටත්, ඇයට අසීමිතව ආදරයකින් සැලකීමටත් රජු පසුබට නොවීය. මේ නිසාම මල්වතී කුමරියත් තම උපරිමයෙන් රජුව ආදරයෙන් මුසපත් කරන්නට කටයුතු කළාය. ඇගේ ඒ ආදරයෙන් රජු අසීමිතව සතුටට පත් වුණේය. කාලයක් යන තුරුම දෙදෙනා අසීමිත ආදරයකින් බැඳී උන්නද හිටි හැටියේ මල්වතී කුමරිය වසංගත රෝගයක් වැලඳී මියගියාය.

මල්වතී කුමරියගේ මියයෑම රජුගේ හදවත සසල කළ සිදුවීමක් වූ හෙයින් රජු කාලයක් පුරා ශෝකයෙන් වැළපෙමින් සිටියේය. අවසානයේ සිය සිතෙහි ශෝකය නැති කරගත හැකි මඟක් සොයමින් සිටි රජු මැදගොඩ ග්‍රාමය තෝරාගෙන ඓතිහාසික මැදගොඩ පත්තිනි දෙවොල ඉදිකරවා එය පත්තිනි මෑණියන්ට පූජා කිරීමට කටයුතු කළේය. එයට අමතරව දේවාලයේ නඩත්තුවට, පැවැත්මට ගම්වරයක්ද ලබාදුන් රජු එතැන් පටන් නිතර නිතර දෙවොලට පැමිණි සිය මල්වතී බිසව සිහිපත් කොට පින් පැමිණ වූ බවද පැවැසේ.

සිතේ උපන් ආදරයේ නාමයෙන් මල්වතී කුමරියව තමන් සතුකර ගත් රජු, ඇයට තමාට හැකි උපරිම ආකාරයෙන් රාජකීය සැප සම්පත්ද ලබාදී අවසානයේ ඇගේ වියෝවෙන් වේදනාවට පත්ව දෙවොලක්ද ඉදිකළද, දොඩම්පෙ ගණිතයාගේත්, රාජසූරියගේත් සිත් තුළ වූ කේන්තිය අඩු නොවීය. ඔවුන් දෙදෙනා කල්යල් බලමින් හිඳ අවස්ථාව ලද විගස රාජසිංහ රජුගේ පාදයකට තුවාල සිදුකොට එම තුවාලයට විෂ බැන්දවීමට කටයුතු කළ බවද ජනප්‍රවාදයේ එයි. එම විෂෙන්ම රජු මියගිය හෙයින් බියට පත් දොඩම්පෙ ගණිතයා යටියන්තොට ප්‍රදේශයේ ගම්මානයකට පැනගොස් සැඟව සිටියේය. යටියන්තොට ගණිත කන්ද යනු එදා දොඩම්පෙ ගණිතයා සැඟව සිටි ප්‍රදේශය බවට ජනතාව අතර මතයක් පවතී.

කෙසේ නමුත් සිය පරම පවිත්‍ර ආදරය නිසාම මල්වතී කුමරියව තමන් සතුකර ගත්තා සේම, ඇයට උපරිම ආදර සත්කාර කරන්නට අමතක නොකළ රජු, ඇය මියගිය පසු සිය උත්තරීතර ආදරයේ නාමයෙන් ඉදිකළ දෙවොලට නිතර නිතර පැමිණි අතර රජු මියයන තුරුම එම පුරුද්ද අත් නොහළ බවද ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ධන රාශිය හඳුනාගෙන වාසනාව පාදාගන්න…

Next Post

මහජන බැංකුවේ ATM යන්ත්‍රයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට…

MORE NEWS

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේට සතියක් හිරේ ඉන්නකොට කෙඳිරි ගෑවෙන්න පටන් අරන්... සැලසුම හෙළිවෙනකොට සලේ කියනවා රාබුත් එක්ක බත් දෙන්නේ කියලා...- වසන්ත මුදලිගේ...

Read more
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.