ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කාන්තාවන්ට ප්‍රසිද්ධයේ කළ අපහාසයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විරෝධය පළ කිරීමත් සමග එහි ඉතා උණුසුම්කාරී තත්ත්වයක් මතුවයි.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සභා ගැබ මැදට පැමිණ කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා යාමට උත්සාහ කළ අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන් පිරිසක් පැමිණ එම උත්සාහය වළකාලනු ලැබීය.










