සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන හරීන් ප්‍රනාන්දු සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් අතර අද පාර්ලිමේන්තුවේදී වචන හුවමාරුවක් සිදු විය.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා සිටියදී එක් මන්ත්‍රීවරයකු රෝහලට දිව ගිය බවට වෙල්ගම මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ප්‍රනාන්දු මහතා සදහන් කළේ “මම කළ ශල්‍යකර්මයට සාක්ෂියක් ලෙස මගේ කමිසය ගලවා මගේ පපුවේ කැළල ඔහුට පෙන්වීමට මම සූදානම්. නොදන්නා දේ කතා නොකළ යුතුයි” යනුවෙනි.
පසුව ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙල්ගම කියා සිටියේ තමන් පසුගිය දිනක තම කතාවේදී කිසිඳු මන්ත්‍රීවරයෙකුගේ නම සඳහන් නොකළ බවයි.
“මම සීඅයිඩීය කතා කළාම හැංගිලා ඉන්න මිනිහෙක් නෙමෙයි’ යනුවෙන් වෙල්ගම කියා සිටියේය.










