මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තවත් දින කිහිපයකින් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරීස් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
විවිධ ක්‍රමවේද හරහා රටට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා ඉන්දියානු රජයේ නායකත්වය සමග සාකච්ඡා කිරීම මුදල් අමාත්‍යවරයාගේ නිල සංචාරයේ අරමුණයි.
රජයේ ප්‍රතිපත්තිය වනුයේ, ණය ලබා ගැනීම නොවන බව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරීස් මහතා ප්‍රකාශ කළේ ය.










