• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!

November 20, 2021
in CID, Exclusive
Reading Time: 5 mins read
A A
සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!
Share on WhatsAppShare on Facebook

මෑතක සිට ඉන්දියානු පොලීසිය දැවැන්ත මෙහෙයුමක් දියත්කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් සිය රටට පලාවිත් සිටින අපරාධකරුවන් සොයාය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධුරයේ රැඳී සිටියදී ඇගේ එක් ඇසක් අහිමි කරමින් කොළඹ පුරහල් භූමියේදී එල්ල කළ එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයට නම ගෑවුණු මෙරට මත්කුඩු ජාලයේ ප්‍රධාන ජාවාරම්කරුවකුව සිටි ‘කිඹුලා ඇල ගුණා’ සිය ගෝලයෝ රොත්තත් එක්කම අල්ලාගන්නේත්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඝාතනය කිරීමේ අරමුණින් පිළියන්දලදී ඔහුට වෙඩිතැබීම සැලසුම් කළ නවාස් ඇතුළු ගෝලබාලයන් කිහිප දෙනෙකුත් ඉන්දියාවේ සිට බෝට්ටු මගින් වරින් වර මෙරටට පැමිණ මිනීමරමින් මත්කුඩු ජාවාරම් මෙහෙයවමින් සිටි පූකුඩිකන්නා සහ බුම්මාද ඇතුළුව තිහ හතළිහක් ගෙවී ගිය මාස හතර පහ තුළ ඉන්දියානු පොලීසියේ කිව් ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේය. ඒ බුද්ධි අංශයේද සහාය ඇතිවය.

මෙයට පෙරද කිඹුලා ඇල ගුණාවද, ඔහුගේ ගෝලබාලයන් වන සුරේෂ්, කොට ගාමිණි ඇතුළු සහපිරිවරද, අංගොඩ ලොක්කා, ලඩියා වගේම බ්ලූමැන්ඩල් සංඛ වැනි අපරාධකරුවන්ද ඉන්දියානු පොලීසිය අල්ලාගත්තත් කිසිවකුටත් මේ තරම් දරුණුවට නීතිය ක්‍රියාත්මකවූ’බවක් පෙනෙන්නට නොවීය. අඩුම තරමින් එම අපරාධකරුවන්ව අපේ රටට ඉල්ලා සිටියත් ඉන්දියාව ඒ ගැන ක්‍රියා කළේ නිද්‍රාශීලී ප්‍රතිපත්තියකි. එම අපරාධකරුවන්ට නිදහසේ රැඳී සිටින්නටද අවස්ථාව උදාකර දුන්නේය.
එසේ තිබියදීත් හිටිහැටියේම ඉන්දියාවේ රැඳීසිටින ශ්‍රී ලංකික අපරාධකරුවන් කෙරෙහි ඉන්දියානු පොලීසියේ විශේෂ අවධානයක් යොමුවන්නේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැන සිටින අපරාධකරුවන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හඳුනාගැනීමත් සමගිනි.

ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට එරට රැඳී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් තර්ජනයක් බව හඳුනාගන්නේ පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට ඉන්දියානු සාගර කලාපය ඔස්සේ කෙරෙන මත්කුඩු ජාවාරමක් ඉකුත් මාර්තුවේදී වැටලීමට ඉන්දියානු වෙරළාරක්ෂක බළකාය සමත්වීමත් සමගිනි. දෙමටගොඩ රුවන්ට අයත් හෙරොයින් කිලෝ 340ක් ප්‍රවාහනය කරමින් තිබුණු එම යාත්‍රාවේ රැඳී සිටි ශ්‍රී ලාංකීය ධීවරයන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවන්නේ පාකිස්තානුවන් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වන ඉන්දියාවේ රැඳීසිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් හේතුවෙන් ඉන්දියාවට බරපතළ ආරක්ෂක තර්ජනයක් එල්ලවී ඇති බවය.

කිඹුලා ඇල ගුණාලා, කොට ගාමිණිලා, බුම්මලා, පූකුඩිකන්නලා, නවාස්ලා කොටුවන්නේ ඒ අනුවය. ලංකාවෙන් ඉන්දියාවට බෝට්ටුවලින් පැනගන්නා අපරාධකරුවන්ට පහසුකම් සපයා දුන් සුරේෂ්ද ඒ අය අතර විය.

ඉන්දියාවේ සිටි තවත් ප්‍රධාන අපරාධකරුවෙක් වූයේ අංගොඩ ලොක්කාය. ඉන්දියානුවෙක් ලෙස පෙනී සිටිමින් එරට කේටරින් ව්‍යාපාරයකද නිරතව සිටි අංගොඩ ලොක්කා ගැහැනු ගැටයකට හසුවී අබිරහස් ලෙස මරුමුවට පත්වන විට ලොක්කා එක්ක ඉන්දියාවට එක බෝට්ටුවේම පැනගත් ඔහුගේ ගෝලයා වූ ලඩියා සිටියේ ඔහුගෙන් වෙන්වය. අංගොඩ ලොක්කාගේ අබිරහස් මරණය පිටුපස ඔහුද සිටියේය.

ප්‍රදීප් සිං නමින් ඉන්දියාවේ කොයිම්බතූර්හිදී’ ඉකුත් වසරේ ජූලි 03 වැනිදා මරණයට පත්වන්නේ අංගොඩ ලොක්කාම යැයි තහවුරු කිරීමට ඔහුගේ මවගේ රුධිර සාම්පල් ඩී.එන්.ඒ. පරීක්ෂාවකට පවා යොමුකරනු ලැබීය. ඒ අනුව ඒ මියගොස් සිටින්නේ අංගොඩ ලොක්කාම යැයි තහවුරුවී ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ ඉකුත් සතියේදීය.

අංගොඩ ලොක්කාගේ මරණය වසරකට වැඩි කාලයකට පසු එසේ තහවුරු කෙරෙන විට අංගොඩ ලොක්කාගේ දකුණු අත යැයි එකල හැඳින්වූ’අතුරුගිරියේ ලඩියා බැංගලෝර්හිදී අත්අඩංගුවට ගන්නේ ඉන්දියාවේ අපරාධ සිදුකරන ශ්‍රී ලාංකිකයන් කොටුකරගන්නා මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

දිනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග හොවත් ලඩියා නම් වූ ඔහු, අංගොඩ ලොක්කා සමග ඉන්දියාවට පැනගන්නේ 2017 පෙබරවාරි 27 වැනිදා ලොක්කාගේ ප්‍රතිවාදියා වූ’කඩුවෙල සමයං ඇතුළු 07 දෙනෙක් කළුතර එතනමඩලේදී වෙඩිතබා ඝාතනය කිරීමෙන් අනතුරුවය. එතෙක් අංගොඩ ලොක්කාගේ අතකොළුවක් ලෙස අතුරුගිරියේ ලොක්කා වෙනුවෙන් කප්පම් එකතුකරමින් සිටි ලඩියා එතැන් සිට නමගිය පාතාල අපරාධකරුවෙක් බවට පත්වන්නේ ඔහුගේ නාමය මාධ්‍ය තුළ නිතර ඇසෙන්නට ගැනීමත් සමගිනි. ඒ වන විට පාතාලයේ වැඩකරුවෙක් නොවූ’බිය සුළු චරිතයක් වූ’ලඩියා චරිතයක් බවට පත්වන්නේ එතැන් සිටය.

සමයංගේ ඝාතන සැලසුම සංවිධානාත්මකව සිදුවූවකි. එකල ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ්ද ඒ සැලසුම පිටුපස සිටි බව කියැවිණි. මධුෂ්ද වෙඩික්කරුවන් කිහිප දෙනෙක් ලොක්කාගේ සහායට ලබාදී තිබුණු අතර ඒ අය දෙමළ කතාකරන පිරිසකි. හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් හැඳි, ගිනිඅවි හැසිරවීමේ අති දක්ෂයන් වූ’ඔවුන් කවුරුන්දැයි අදටත් අබිරහසකි. ඒ ගැන දැන සිටියේ මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා පමණි. දැන් ඒ දෙන්නාම ජීවතුන් අතර නැත. මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි කාලවකවානුවේදී ඒ බව කිසිවක් හෙළිකළ බවක්වත් වාර්තා වූයේ නැත. මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ මරණ සමග සියල්ල වැළලෙන්නේ අබිරහස් ගොන්නක්ද සමගිනි.

පොලිස් විමර්ශන තොරතුරුවලට අනුව කියැවෙන්නේ එදා ඒ ප්‍රහාරයට 09 දෙනෙක් සම්බන්ධ වූ’බවය. අංගොඩ ලොක්කාගේ නායකත්වයෙන් ප්‍රහාරයට ගිය එම කණ්ඩායමේ ලඩියා, බත්තරමුල්ලේ බන්ටි, ආමි චමී, ලැටා, මධුරංග යන හයදෙනා සමග තවත් තිදෙනෙක් සිටියහ. මෙතෙක් නම් වශයෙන් කියන්නට නොදන්නේ මධුෂ් එවූ’ඒ වෙඩික්කරුවන් තිදෙනාය. අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවෙසකදී ඔවුන් තිදෙනා හමුදා ඇඳුම් ඇඟලා ගන්නා විට අංගොඩ ලොක්කා ඇතුළු සෙසු පිරිස පොලිස් නිල ඇඳුම්වලින් සැරසෙන්නේ ආමි පොලිස් මෙහෙයුමකට යන ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් බව බැලූ බැල්මට පෙනෙන්නට ඇති ආකාරයෙනි.

අංගොඩ ලොක්කා පොලිස් පරීක්ෂක නිල ඇඳුමින් සැරසී පිස්තෝලයක්ද ඉණේ ගසාගත්තේය. ඒ වන විට ඒ සෑම අයෙකුටම ඇතිවන්නට ආයුධ සහ පතොරම් අංගොඩලොක්කාට ලැබී තිබුණේය. ටී 56 අවි පමණක් 06කි. සෙසු අවි පිස්තෝලය. මධුෂ්ගේ ගෝලබාලයන් භාවිත කරන්නේ ටී 56 අවිය. එම අවි මෙහෙයුමට යන අයට බෙදෙන්නේ මිලේනියම් සිටිහිදීය. මෙහෙයුමෙන් පසු සීසීකඩ පිරිස් විසිරෙන්නේද අංගොඩ ලොක්කාගේ අතට නැවත අවි ටික භාරදීමෙන් පසුවය. ඒ අවිවලින් කිසිදු අවියක් මෙතෙක් සොයාගත් බවක් කියැවෙන්නේ නැත.

අංගොඩ ලොක්කා සැලසුම් කරන්නේ සමයංගේ ඝාතනයෙන් පසු සිය ගෝලබාලයන් ටික ඉන්දියාවට පන්නන්නටය. ඒ වෙනුවෙන් ඔහු කල්පිටියෙන් ඉන්දියාවේ තූත්තුකුඩියට යන්නට ධීවර බෝට්ටුවක් පවා සූදානම්කර තිබුණේය. එම බෝට්ටුවේ නැගී ඉන්දියාවට යන්නට සූදානම්කර තිබුණේ චමියා, බන්ටි, ලැටා සහ මධුරංගය. එහෙත් චමියා සහ බන්ටි ඉන්දියාවට යන්නට එතරම් කැමැත්තක් නොදැක්වූ’නිසා අවසානයේදී ඉන්දියාවට බෝට්ටුවෙන් පැන ගන්නේ ලැටා සහ මධුරංග පමණි. ඊට දින කිහිපයකට පෙර බන්ටි කතරගමදී පොලීසියට හසුවන අතර ටී 56 අවියක්ද බත්තරමුලේ නිවෙසක සඟවා තිබී සොයා ගත්තේය. ඒ ගිනි අවිය සමයං ඝාතනයට යොදාගත්තක් නොවූවත් එකල පොලීසිය සඳහන් කළේ එම අවිය ප්‍රහාරයට යොදාගත් එකක් බවය. පසුව චමියාද පොලීසියට හසුවන අතර මෑතකදී ඔහු පොලීසිය සමග ආයුධ පෙන්වීමට ගොස් ගම්පහ කළුපාලම පාමුලදී ඝාතනය වන්නේ පොලීසියේ වෙඩි ප්‍රහාරයකට ලක්වය.

ටැලියා සහ මධුරංග ඉන්දියාවට පලාගොස් දින කිහිපයකට පසුව අංගොඩ ලොක්කාත් ලඩියාත් බෝට්ටුවක නැගී ඉන්දියාවට පැන ගත්තේය. එකල කියැවුණු ආකාරයට අනුව ඔවුන්ට යම් ආරක්ෂක නිලධාරීන් පිරිසකගේද සහාය ඊට ලැබී තිබුණේය. එහි ඇත්ත නැත්ත අදටත් ප්‍රශ්නාර්ථයකි. එහෙත් අංගොඩ ලොක්කා සහ ලඩියා ඉන්දියාවේ ගතකරන හැටි එක්තරා ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් නම් හොඳින් දැන සිටි බව ඔවුනොවුන් අතර නම් ප්‍රසිද්ධ රහසකි.

එදා අංගොඩ ලොක්කා සහ ලඩියාව ඉන්දියාවට පැන්නුවේ මාකඳුරේ මධුෂ්ය. ඔවුන් දෙදෙනාට මෙන්ම ඔවුන්ට පෙර ඉන්දියාවට ගිය ලැටා සහ මධුරංගටද එහිදී පහසුකම් සපයන ලද්දේ මේ වන විට ඉන්දියානු පොලිස් අත්අඩංගුවේ සිටින සුරේෂ්ය.

මාකඳුරේ මධුෂ්ගේ සැලසුම වන්නේ අංගොඩ ලොක්කාවත් අතුරුගිරියේ ලඩියාවත් ඉන්දියාවෙන් ඩුබායි වෙත පන්නා ගන්නටය. ඒ වෙනුවෙන් ඔහු මේ දෙදෙනාට වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් ගමන් බලපත්‍ර පවා සකස්කරගෙන ඉන්දියාවට ගෙන්වාගෙන තිබුණේය. එම ගමන් බලපත්‍රයට අනුව අංගොඩ ලොක්කා මාලඹේ පන්සල පාරේ පදිංචිකරුවෙක් වන ඉලවලගේ සඳුන්ය. ලඩියා පෙනී සිටියේ මීගොඩ පාරේ පදිංචිකරුවෙක් වන චානක දසනායක ලෙසිනි.

සැලසුම් ප්‍රකාරව ලොක්කාත් ලඩියාත් 2017 වසරේ මැයි 20 වැනිදා චෙන්නායි ගුවන්තොටුපොළට යන්නේ ඩුබායි බලා පිටත්වීමේ අරමුණ ඇතිවය. එදා ඔවුන්ට ඩුබායි යනවා වෙනුවට සිදුවන්නේ චෙන්නායි හිර ගෙදරට යන්නටය. ඒ ඔවුන් අත ඒ වන විට පැවැති විදෙස් ගමන් බලපත්‍රයේ ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැමිණි බවට ආගමන විගමන නිලධාරීන්ගේ මුද්‍රා සටහන්ව නොතිබුණු නිසා ඇතිවුණු සැකයක් මත කෙරුණු පරීක්ෂාවක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව මාසයකට ආසන්න කාලයක් ආගමන විගමන නීති උල්ලංඝනයකට චෙන්නායි බන්ධනාගාරයේ සිටි ඔවුන් දෙදෙනාව ඇපමත එළියට ගන්නේද සුරේෂ්ය. චෙන්නායි හිරගෙදරදීත් ඔහු මෙරට රැඳීසිටි සිය ගෝලබාලයන්ගේ දුකසැප සොයා බැලීමට අමතක නොකළේය. චෙන්නායි හිරගෙදර පවා ඔවුන් සිටියේ මෙරට හිර ගෙදරකදී ලැබෙන පුද සත්කාර ලබමිනි.

හිර ගෙදරින් එළියට පැමිණි ඔවුන් දෙදෙනා ඩුබායි පැනගනීවි යැයි බොහෝ දෙනා සිතුවත් එය එසේ නොවීය. අධිකරණයෙන් ඇප ලැබුණු ඔවුන් ඉන්දියාවේ රැඳීසිටීමට එය ලයිසන් එකක් බවට පත්කර ගත්තේය. මුළු ඉන්දියාවේම ඔවුන් දෙදෙනා ඇවිද්දේය. සමයං ඝාතනයෙන් අපරාධ ලෝකයේ ඔවුන් ගොඩනඟාගත් බලය යොදාගෙන අංගොඩ සහ අතුරුගිරියේ ජීවත්වන සහ ව්‍යාපාරවල නිරත ව්‍යාපාරිකයන්ගෙන් මිලියන ගණනින් කප්පම් ගන්නට ගත්තේය. කප්පම් නොගෙවූ’ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම කුලී ඝාතකයන් යොදා මරාදැමුවේය. ඒ අතර මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ස්ථානයකට වෙඩික් කරුවෙක් යොදා වෙඩිතබා බියගන්වා මිලියන 5ක කප්පමක් ගත්තේය.

එය එතැනින් හමාර වූයේ නැත. මත්කුඩු ජාවාරමද ඉන්දියාවේ සිට ජයටම කරගෙන ගියේය. අංගොඩ පැත්තේ වැලි සේදීමේ ව්‍යාපාර මෙන්ම කුඹුරු ඉඩම් ගොඩකිරීමේ බලය ඔහු සියතට ගත්තේය. සිය අණට අකීකරු වන්නන්ගේ මාරයා සොයා අවේය. එසේ පාතාලයේ ලොකු බලයක් ලොක්කා වටා ගොඩනැගෙන විට ඔහු බලයෙන් ඉදිමුණේය. මාකඳුරේ මධුෂ්ව පවා ඔහු තැකීමක් නොකළේය. මධුෂ්ගේ තැන ගන්නට පවා ඔහු උත්සාහ ගත්තේය. තමාගේ සෙවණැල්ල බඳුව සිටි ලඩියා පවා ඒ නිසාම ලොක්කාගෙන් ඈත්වන්නට ගත්තේය. ලොක්කාගේ අවසානයත් අබිරහස් ලෙස සිදුවන්නේ ඒත් එක්කමය.

ලොක්කාගේ මරණින් පසු ලඩියා ඒ තැන ගන්නට සූදානම් වූවත් ඒ වන විට ඩුබායි පැනගොස් සිටි හරක් කටාගෙන් ඊට ඉඩක් නොවීය. මධුෂ්ගේත් අංගොඩ ලොක්කාගේත් පාතාල ව්‍යාපාර සියල්ලක්ම ගෝලබාලයන් සමග හරක් කටා සියතට ගත්තේය. ඒත් එක්කම පොලිස් මෙහෙයුම්වලට අංගොඩ ලොක්කාගේත් ලඩියාගේත් දේපොළ හසුවන්නට ගත්තේය. ඒ අනුව ලඩියා ඉන්දියාවට පලාගිය පසු ඔහු විසින් මත්කුඩු සහ පාතාල අපරාධවලින් උපයාගත් මුදල්වලින් සිය ඥාතීන්ගේ නම්වලට මිලදී ගත් කෝටි එකහාමාරකට අධික වටිනාකමක් ඇති මගී බස් රථ තුනක්ද අතුරුගිරිය පොලීසිය සොයා ගත්තේය. ඒ ඉකුත් වසරේ සැත්තැම්බරයේය. මෙම බස් රථවලින් දෙකක් සුඛෝපභෝගී ඒවාය. එම බස් රථ ධාවනයෙන් ලැබෙන මුදල් බැරවූයේ ලඩියාගේ බිරියගේ බැංකු ගිණුමකටය. ලඩියා ඉන්දියානු පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේ නීති විරෝධීව පාතාල අපරාධවලින් ඔහු උපයාගත් මුදල් සහ දේපොළ රාජසන්තක කිරීමට ලඩියාගේ වත්කම් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භකර ඇති අවස්ථාවකදී වීම විශේෂිතය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ගෑස්-කිරිපිටි ගේන්නත් ඩොලර් නැතිලු! කියන්නේ අමාත්‍යංශ ලේකම්ලු!

Next Post

කැලණිතිස්සත් නවතී! බලාගාර 5කටම තෙල් නෑ! කළුවරේ ඉන්න වෙයිද?

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.