අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක පරිදි නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර තිබේ.
ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනය කර ඇති බව වාර්තා වේ.
විදේශ අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ආයතිනක හා නෛතික රාමුව මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
















