30 වසරක කුරිරු යුද්ධයෙන් මාතෘ භුමිය මුදාගැනීමට දිවිහිමියෙන් කැපවු රණවිරුවන් සිහිකරමින් ඉදිවන සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ මහ සංඝරත්නයට පුජාකිරීම අද (18) දිනයේ සිදුකෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ අද පස්වරුවේ මහා සංඝරත්නය වෙත පුජා කිරීමට නියමිතය.
2010 වර්ෂයේ දි ඉදිකිරිම් කටයුතු ආරම්භ කළ මෙම චෛත්‍ය පොළොව මට්ටමේ සිට අඩි 283ක් උසකින් යුක්ත වන අතර පොළොව මට්ටමේ සිට අඩි 45ක් යට සිට ගොඩ නංවා තිබේ.
ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරුණු සඳහිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ අද සිට ජනතාවට වැදුම් පිදුම් කරගැනීම සඳහා අවස්ථාව උදාවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.










