• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙළ තාක්ෂණයෙන් ලෝකය මවිත කළ රන්මසු උයනේ පොළොව යට සැඟවුණු රහස…

November 21, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
හෙළ තාක්ෂණයෙන් ලෝකය මවිත කළ රන්මසු උයනේ පොළොව යට සැඟවුණු රහස…
Share on WhatsAppShare on Facebook

හෙළ ඉතිහාසය යනු ලෝකය මවිතයට පත්කරන විස්මයජනක නිර්මාණ ඉදිකිරීම් රාශියක් දායාද කළ කාලයකි. වර්තමානයේ නවීන යන්ත්‍ර සූත්‍රවලින් වුවද කළ නොහැකි ඇතැම් දේ ඉතා සූක්ෂ්මව එදා සිදුකර ඇති අයුරු කෙසේ කළේද යන්න අදටත් සිතාගත නොැකි තරමටම එම ඇතැම් නිර්මාණ දියුණු සහ සංකීර්ණ මට්ටමකින් දකින්නට ලැබෙයි. සුවිශේෂ වූ එම ඉදිකිරීම් සහ නිර්මාණ අතරින් කාගේත් අවධානයට ලක්වූ ස්ථාන ලෙස තිසාවැවත් රන්මසු උයනත් ඒ හා බැඳුණු වටපිටාවත් හඳුන්වා දිය හැකිය.

තිසාවැව දේවානම්පියතිස්ස රජු ක්‍රි.පූ. 256-210 අතර කාලයේ ඉදිකරන ලද්දකි. එය කොතරම් පැරැණිද යන්න හඳුන්වා දෙන්නේ නම් තිසාවැවට පෙර ඉදිකළේ යැයි සැලකෙන වැව් ඇත්තේ දෙකක් පමණි. ඒ පාණ්ඩ වැව සහ අභය වැවයි. තිසාවැවේ ඉතිහාසය පණ්ඩුකාභය රාජ සමය දක්වා දිවයනු ඇත. පණ්ඩුකාභය රජු කුඩා පොකුණක් සාදවා එයින් නගර වැසියන්ට ජලය ලබාදුන් බවත්, පොකුණ ‘ජය වැව’ ලෙසින් නම්කර ඇත. පසු කාලීනව දේවානම්පියතිස්ස රජු එම ජය වැව ප්‍රතිසංස්කරණය කර විශාල කර තිසාවැව නිර්මාණය කර තිබේ. එම යුගයේ බුදු දහම ස්ථාපිත වූ පසු තිසාවැව පරිහරණය ජනතාවට මෙන්ම රජවරුන්ටද තහනම් විය. එතැන් පටන් තිසාවැවේ ජලය ජයශ්‍රී මහා බෝධියට පැන් වැඩීමටත් කිරි ආහාර සැකසීමටත් පමණක් වෙන්කොට එම වැව බුදුරදුන්ට පිදූ වැවක් ලෙස නම්කොට පිරිසිදුව තබාගන්නට කටයුතු කොට තිබේ. රජවරුන් තම රාජාභිෂේකයට පමණක් තිසාවැවේ ජලය ලබාගෙන තිබේ. ඒ, තිසාවැව ආසන්නයේ රන්මසු උයන නම් උද්‍යානයක් කරවා එයි සකස් කළ පොකුණකට පීලි මගින් තිසාවැවේ ජලය ලබාගනිමිනි. මෙකල දේවානම්පියතිස්ස රජු තිසාවැව ඉදිකිරීමට සුදුසු ස්ථානයක් සෙවීමට විශේෂ පර්යේෂණයක් කළ බවද පැවැසේ. ඒ සඳහා විවිධ වූ භූගෝලීය කරුණු සලකා බැලූ බවද පැවසෙයි. පසු කලෙක ධාතුසේන රාජ සමයේ යෝධ ඇළ ඔස්සේ ලැබුණු ජලයෙන් තිසාවැව පෝෂණය විය. ඉන් පසු බි්‍රතාන්‍ය යටත් විජිත සමයේ කිහිප වතාවක්ම මෙම වැව අලුත්වැඩියා කර ඇත. එහි බැම්ම යළි සංවර්ධනය කළ යුතු නැතැයි යනුවෙන්ද මතයක් වෙයි.

පසු කලෙක මහවැලි සැලැස්ම මගින් මහවැලි ගඟත් කලා වැවත්, තිසාවැවත් එකිනෙකට සම්බන්ධ කරමින් තිසාවැවේ ජල ධාරිතාව පවත්වාගෙන යන්නට කටයුතු කර ඇත.
අතීත හෙළයන්ගේ වාරි තාක්ෂණයේ විස්මිත බව කියාපාන මෙම වැව වර්ග කිලෝමීටර් 3කට ආසන්න ප්‍රමාණයක විහිදී ඇත. එය අක්කරවලින් 550කි. තිසාවැවෙහි ප්‍රධාන වැව් බැම්මේ දිග ආසන්න වශයෙන් කිලෝමීටර් 7කි. බැම්ම මුදුනේ පළල අඩි 2 සිට 18 දක්වා වන අතර බැම්මේ පාදම අඩි 160කි. ගබඩා කර තැබිය හැකි ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 4කට ආසන්න වේ.

තිසාවැව මගින් පූජා නගරයේ පිහිටි ප්‍රධාන පොකුණු කිහිපයක් සහ අවට පිහිටි ප්‍රධාන වැව් කිහිපයක්ම පෝෂණය වෙයි.

මේ සියල්ලත් සමග කවුරුත් විස්මයට පත්කෙරෙන ඉදිකිරීම් රැසක් ඉදිකර ඇත්තේ වසභ රජ සමයේය. එකල තිසාවැවේ සිට රන්මසු උයන දක්වා ජලය ගෙන යෑම සඳහා උම්මග්ග ජල මාතිකා නම් උමං ජල මාර්ග පද්ධතියක් ඉදිකර තිබූ බව සඳහන් වේ.

රන්මසු උයන පිහිටා අත්තේ තිසාවැවේ බැම්ම පාමුලය. පුරාණ ශ්‍රී ලංකාවේ උද්‍යාන කලාව මුලින්ම හමුවන්නේ මහින්දාගමනයෙන් පසුවය. එහිදී රජුට අයත් නන්දන නම් උයනක් ගැනත් කියැවේ. එය ඇතුළු නුවරට ආසන්නයේ ඉතා ක්‍රමවත්ව සැකසූ උද්‍යානයකි. ඊට යාබදව ජෝතිවන නමින් උද්‍යානයක්ද තිබී ඇත. ඒ හා සමානවම ප්‍රසිද්ධ උද්‍යානයක් ලෙස මහමෙව්නා උයන සඳහන් කළ හැකිය.

බුදුදහම ස්ථාපනය කිරීමෙන් පසු මහමෙව්නා උයන සඟසතු කෙරිණි. එහෙයින් රාජකීය උද්‍යානයක අඩුව පුරවාලීම සඳහා රන්මසු උයන ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
අක්කර 40ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබූ මෙම උයන හෙළ නිර්මාණකරුවාගේ විස්මිත හැකියාවන් මනාව පෙන්වන නිර්මාණයක් ලෙස සැලකේ. මෙම උයනට ජලය සපයා ඇත්තේ තිසාවැවේ ප්‍රධාන සොරොව්ව වන මොගොල් නාග නම් සොරොව්වෙනි. උද්‍යානයේ ශිලාමය පොකුණු පද්ධතියට තිසාවැවේ සිට ජලය රැගෙන ගොස් ඇත්තේ අඩි 2,650ක තරම් දිගට ගඩොලින් තැනූ කානු පද්ධතියකිනි.

එම සොරොව්වේ සිට දකුණු දෙසට ජලය ගලායන අයුරින් සැකසූ ජල මාර්ග දිගේ එන ජලය පොකුණට මැදිකර තැනූ කොටසද එතැනින් ඇතුන් දිය නාන කැටයම් සහිත පොකුණටද, ඊට පසු එතැනට දකුණින් පිහිටි විශාල පොකුණටද, ඉන් පසු ඉසුරුමුණි විහාරය අවට කුඹුරු යායටද ජලය ගලායන අයුරින් කඩින් කඩ පොළොව මතුපිටිනුත් යළි භූගතවත් නිර්මාණය කර ඇත්තේ වර්තමාන තාක්ෂණයටද නොදෙවැනි අයුරිනි.

තවද පොකුණු වැව් බැම්මට පහතින් පිහිටා ඇති හෙයින් වැව් ජලය පොකුණට ගලා එද්දී අධික පීඩනයක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එය එසේ සිදුවුවහොත් පොකුණුවල දිය නෑම අනතුරුදායකය. මේ හේතුවෙන් උමං මාර්ග තුළ විශේෂිත උපක්‍රම යොදා ජලයේ පීඩනය අඩුකර තිබෙන්නට ඇතැයි පැවැසේ. එසේම එම පීඩනයට ඔරොත්තු දෙන ආකාරයට උමං බිත්ති සකසා තිබීමද අනිවාර්ය වේ.

මේ හේතු නිසා පුරාණ ඉන්ජිනේරු තාක්ෂණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස රන්මසු උයනේ වාරි නිර්මාණ හඳුන්වා දිය හැකිය. එමෙන්ම උද්‍යාන පුරා විවිධාකාර පොකුණු සහ ජල මල් ආදිය තිබී ඇති බවත් උද්‍යානයේ භූගත උමං පද්ධතිය මිනිස් සිරුරේ ස්නායු පද්ධතියට සමාන විය හැකි බවත් වරක එච්.සී.පී. බෙල් මහතා පවසා තිබේ.

මේ ආකාරයේ තවත් සුවිශේෂ ඉදිකිරීම් රාශියකින් සමන්විත රන්මසු උයනත්, තිසාවැවත්, හෙළ ඉතිහාසයේ අභිමානවත් බව ලොවට කියාපාන ප්‍රධානතම ස්ථානයක් ලෙස අද මෙන්ම අනාගතයටද රැකගැනීම කාගේත් වගකීමකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

සෝෂල් මීඩියාවලින් ආණ්ඩුවට ගැහුවොත් බලාගමු! ආණ්ඩුවෙන් සියලුම දිසාපතිවරුන්ට නියෝගයක්!

Next Post

නව වසරේ කතරගම දේව පිහිට ලබාගන්න…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.