• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමන් දෙවි හාස්කම් පෙන්වූ රත්නපුරේ පැලවෙනගල…

November 20, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
සමන් දෙවි හාස්කම් පෙන්වූ රත්නපුරේ පැලවෙනගල…
Share on WhatsAppShare on Facebook

දේව විශ්වාසය, දේව ඇදහීම මෙන්ම ජනයා සිය දුක් දොම්නස් දෙවියන්ට පවසා සෙතක් ශාන්තියක් පැතිීම මෙරට ජනයාටද අමුත්තක් නොවේ. ඒ සඳහාම විවිධ දෙවි දේවතාවුන් වෙනුවෙන් පුද පූජා කන්නලව් පැවැත්වීම එදා මෙදාතුර මෙරට ජන සමාජයේ අතිශය ජනප්‍රිය කරුණක් බවට පත්ව ඇත්තේය. ඒ අනුව තම තමන්ගේ අවශ්‍යතාවයේ හැටියට ඊට ගැළපෙන ඊට බලයක් ඇති දෙවියන් උදෙසා එදා මෙදාතුර ලක් ජනයා පුද පූජා පවත්වති. එමගින් යහපතද උදා කරගනිති. ඒ බහුතරයක් වූ දෙවියෝ පස්පවින් වැළකුණු මෙරට ජනයාට නොපසුබටව පිහිට වන බවටද විශ්වාසයක් වෙයි.

එලෙසින් මෙරට ජනයා අනාදිමත් කාලයක සිට වදින පුදන දෙවිවරුන් අතරින් සමන් දෙවියන්ද විශේෂ දෙවි කෙනකු ලෙස ජන හදවත් තුළ විශ්වාසයක් වෙයි. සමන් දෙවියන් ගැන කියූ සැණින් ශ්‍රීපාද අඩවිය මතකයට නැගෙන්නේ නිරායාසයෙනි. සමනල අඩවියට සිරිපා මළුවට ශ්‍රීපාදයට ආරක්ෂාව සැපයීමේ වගකීම භාරගෙන ඇත්තේ සමන් දෙවිඳුය. එහෙයින් සමන් දෙවියන් උදෙසා දේවාල තනා සමන් දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම ආරම්භ කර ඇත්තේ පොළොන්නරු යුගයෙන් පසුවය. ඒ අනුව ප්‍රධාන සමන් දේවාලය සමනල කන්දේ සාදවා සිවු කොනින් සෙසු දේවාල සතරක් සෑදවූ බවත් පැවැසෙයි. ඒ අනුව නැගෙනහිරින් මහියංගනයේ සමන් දේවාලයද, දකුණෙන් බොල්තුඹේ දේවාලයද, උතුරින් දැරණියගල දේවාලයද, බටහිරින් සමරගමුව දේවාලයද ඉදිකිරීමට කටයුතු කර ඇත. මේ දේවාල අතරින් සබරගමුවේ මහ සමන් දේවාලයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඒ, එහි ඇති විස්මිත හාස්කම් නිසාමය.

වංශකතාවලට අනුව ශ්‍රීපාද අඩවියේ පළමු සමන් දේවාලය ඉදිකරන්නේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාය. එතුමා වරක් ශ්‍රීපාද වන්දනාවට යන අවස්ථාවේ සමන් දේව ප්‍රතිමාවක් නොමැති අඩුව දැනී තිබෙනවා. ඒ අනුව එතුමා සිය පතිරාජදේව කියන ඇමැතිවරයාට මේ රාජකාරිය පවරනවා. පතිරාජදේව ඇමැතිවරයා ගම්පොළ ප්‍රදේශයේ ශිල්පියකු කැඳවා සමන් දේව ප්‍රතිමාවක් සෑදවූ බවයි පැවැසෙන්නේ. පසු කාලයකදී මෙම ප්‍රතිමාව ගැන නිසි පුවතක් අසන්නට නොමැති වුවද ශීලවංශ නම් හිමිනමක් සිරිපා වන්දනාවට ගොස් සිරිපා මළුවේ රැය ගතකරද්දී බමුණු වේශයක් මවාගත් සමන් දෙවියන් උන්වහන්සේ වෙත පැමිණ සමනල කන්දේ ගල් ගුහාවක සමන් දේව ප්‍රතිමාවක් ඇති බවත්, එය රැගෙන ගොස් විහාරයේ තබා වැඳුම් පිදුම් කරන ලෙසත් ඉල්ලූ බව පැවැසෙනවා. ඒ අනුව එම හිමියන් පසුදා උදෑසනම එම ගුහාව සොයා ගොස් සමන් දේව ප්‍රතිමාව සොයාගෙන පසුව මහා පෙරහැරක් සංවිධාන කර ප්‍රතිමාව සිරිපා මළුවේ සිට හිනිදුම, දික්ලෙන, සීත ගඟුල, මරගල්පොත්ත, දියබෙදුම, නීලියහෙළ, දොඩම්බැවිල, පළාබද්දල, ගිලීමලය, රත්නපුරය, ගල්කඩුව ආදී ස්ථාන පසුකරමින් සබරගමුව වෙහෙර දක්වා වැඩමවූ බවයි පැවැසෙන්නේ. ඒ අනුව සමන් දේව පිළිමය වැඩමවූ පසු සබරගමු වෙහෙර සමන් වෙහෙර වූ බවත් පැවසෙනවා. පසු කලෙක දඹදෙණි යුගයේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ නියෝගයක් මත මැණික් ගරන්නට රත්නපුරට ගිය ආර්ය කාමදේව ඇමැතිවරයා මැණික් හමුවේවා යැයි සිතා සමන් දෙවියන්ට භාරයක් වූ බවත් සිතූ ලෙසම මැණික් හමුවීම නිසා සතුටට පත්ව මෙම ස්ථානයේ දෙමහල් දේවාලයක් සාදා සමන් දෙවියන් වෙනුවෙන් වෙන්කරවූ බවත් පැවැසෙනවා.

මෙසේ ඉදිවූ දේවාලය කෝට්ටේ රාජධානි සමයේ තවත් සංවර්ධනයට පත්ව ඇති අතර බොහොමයක් බැතිමතුන් සමන් දෙවියන් වැඳපුදා ගෙන පිහිට ලබාගෙන ඇති බවද පැවැසෙනවා. පසුව හයවැනි පරාක්‍රමබාහු රජතුමා මේ දේවාලය උදෙසා පූජාකර ඇති ගම්වර සහ අනෙකුත් පූජා භාණ්ඩ ගැන රත්නපුර මහ සමන් දේවාල ගල් සන්නසේ සඳහන්ව තිබී ඇතත් පරංගින් එම සන්නස විනාශ කර තිබෙනවා.

එහෙත් ඒ සියලු තොරතුරු සඳහන් පුස්කොළ පොත පසුව හමුවී තිබෙනවා. කෙසේ නමුත් අද දකින්නට ඇති සමන් දේවාලය දෙවැනි රාජසිංහ රජුගේ නිර්මාණයක් ලෙසටයි පිළිගැනෙන්නේ.

මේ සමන් දේවාල භූමියේ පිහිටි විස්මිත හාස්කම් පෙන්වන හරි අපූරු දෙයක් පිළිබඳ කා අතරත් කතාබහට ලක්වනවා. ඒ තමයි ‘පැලවෙන ගල’. මේ ගල තරමක් විශේෂයි. මීටර් තුනක් පමණ උසැති වීදුරු ආභරණ යෙදූ මෙම ගලේ මුල අඟල් 6 × 6 ප්‍රමාණයේ කළු ගල් කැබැල්ලක්. මෙය මුලින් අඟල් කිහිපයක් පමණක් උසට තිබුණු බවත්, පසුව ක්‍රමයෙන් උස්ව මීටර් තුනක් පමණ උසට ලියලා ඇති බවත් පැවැසෙනවා.

මේ පැලවෙන ගල ගැන ජනප්‍රවාදයේ විවිධ කතා අසන්නට ලැබෙනවා. මහා පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් මෙම ස්ථානයේ දේවාලය ඉදිකරන්නට සූදානම්ව මුල්ගල ලෙස ගෙනා ගලෙන් කොටසක් කඩා එය දෙවියන්ට පූජා කළ බවයි පැවැසෙන්නේ. ඉන් පසු දේවාලයේ වැඩ අවසන් කර පුද පූජා පවත්වාගෙන යන අතරේ දෙවියන්ට භාරකළ මුල්ගලෙන් කොටසක් පූජා භාණ්ඩයක් ලෙස දේව ප්‍රතිමාව අසල තබා තිබෙනවා. කාලයක් ගතවෙද්දි මේ ගල පැලවීමට පටන්ගත් බවයි ජනප්‍රවාදයේ එන්නේ. ක්‍රමයෙන් ගල ඉහළට ලියලා ආ බවත් සඳහන් වෙනවා. අතීතයේ මුතුන්මිත්තන් දේවාලයට යන විට එම ගල උසට නොතිබූ බවත්, පසුව එය උසට වැඩී තිබූ බවත් පවසන වැඩිහිටියන් අදද හමුවෙනවා.

අතීතයේ මේ අරුම පුදුම ගල දකින්න හැමෝටම අවස්ථාව ලබාදී නැතත් පසුව මෙය දේවාලයේ දොරටුව අබියස තැන්පත් කර ඇති බවකුත් පැවැසෙනවා. කෙසේ නමුත් මේ සම්බන්ධව විවිධාකාර අදහස් ඉදිරිපත්වන අතර කාලයකට පෙර මෙහි පැමිණි පිරිසක් මෙම ගල පැලවෙනවාද බලන්න එහි මුදුන කඩාදැමූ බවත්, ඉන් පසු ගල පැලවීම නතර වූ බවත් පැවැසෙනවා. එහෙත් බොහෝ දෙනකුගේ විශ්වාසයට අනුව මෙය විස්මිත දේව හාස්කමක් ලෙසිනුයි දකින්නේ.

දෙවියන් ඇසට පෙනෙනා දේ මෙන්ම නොපෙනෙනා දේත් සිදුකරන බව කාගේත් විශ්වාසයයි. එනිසා මෙය එවැන්නක් නොවේ යැයි කාට නම් තර්ක කළ හැකිද?

කුමාර රත්නායක

SendShareShare
Previous Post

විජයදාසගේ පුතාගේ ජීවිතයේ ලොකුම රැවටීම!

Next Post

කුලගෙදර ගිනිවද්දන ග්‍රහදොස්…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.