අද රාත්‍රියේ කොළඹින් පිට පිහිටි ඓතිහාසික නගරයක අතිවිශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
මෙම අතිවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොරෝනා රෝගය වාර්තා වීමෙන් පසු රටේ පවත්වන දැවැන්තම රාත්‍රී භෝජන සංග්‍රහය ලෙස දැනගන්නට ඇත.
ඒ සදහා දැනටමත් ආරාධනා පත් 1000කට අධික ප්‍රමාණයක් යවා ඇති බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් පසුගියදා සමගි ජන බලවේගයේ ආණ්ඩු විරෝධී රැස්වීම පැවැත්වීමට පැය 24ක් තබා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඒකරාශී වීම්, සාද, උත්සව පැවැත්වීම සීමා කරමින් විශේෂ චක්රලේඛයක්ද නිකුත් කර තිබිණ.










