• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිරිල් ගාමිණී පියතුමා මඩවනවාද? කාවින්ද අහපු ප්‍රශ්නෙට ජොනී දුන් උත්තරේ! (VIDEO)

November 18, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සිරිල් ගාමිණී පියතුමා මඩවනවාද? කාවින්ද අහපු ප්‍රශ්නෙට ජොනී දුන් උත්තරේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සිරිල් ගාමිණි පියතුමන් සී.අයි.ඩි.යට කැදවීම පිළිබදව කාවින්ද ජයවර්ධන මහතා එල්ල කල චෝදනාවකට පිළිතුරු ලබා දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය ගැන යමක් දන්නවා නම් ඒ පිළිබද ප්‍රශ්න කිරීම අසාධාරණදැයි විමසා සිටියේය.

පාර්ලිමේන්තුවේදී ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද කීය.

මම ඔබතුමාට කියන්න කැමතියි මමත් කතෝලිකයෙක්, ඔබතුමාත් කතෝලිකයෙක්. සිරිල් ගාමිණී පියතුමා මොනවා හරි දන්නවා නම් එතුමාගෙන් ඒක අහන එක වැරදිද?. ඒක අහන්න ඕනි. ඔබතුමා මොනවා හරි දන්නවා නම්, මමත් දන්නවනම්, සී.අයි.ඩි. එක තියෙන්නේ හොයන්න. ඒකට බය වෙන්න හොඳ නැහැ. මම මේ කතා කරන්නේ ඥානසාර හාමුදුරුවෝ ගැන නෙමෙයි. බෞද්ධ භික්ෂුවක් ගැන නෙවෙයි. ඔබතුමා කතෝලික මන්ත්‍රීවරයෙක්. මමත් කතෝලික මන්ත්‍රීවරයෙක්. ඒ හින්ද මම කියන්නේ කවුරුහරි, හරීන් ප්‍රනාන්දු මහත්තයා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, කවුරු හරි මේ ගැන දන්න දෙයක් තියෙනවනම් ඒක හොයන එක හරි.

ඔබතුමාලා කෙරුවේ බෝම්බ ගහපු මිනිස්සුන්ව කොමිසමක් දාලා මේකේ බොරු කරපු එක. එහෙම කරන්නේ නැහැ අපි. ඒ හින්දා මේක දේශපාලනයට හරවා ගන්න එපා. කතෝලික ආගමෙන් පූජකතුමාලයි, මේක ආගම් භේදයක් ඇති කරන්න එපා මන්ත්‍රීතුමා. අපි ඔක්කොම එකතුවෙලා මේක හොයමු. අපි කියන්නේ දඩුවම් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම වැරදි කරපු අයට දඬුවම් කරන්න ඕනේ. ඔබතුමා ඉන්න තැන තමයි මමත් ඉන්නේ. හැබැයි මේක දේශපාලනේට හරවා ගන්න එපා.

අපි කිසිම කෙනෙක්ව නිශ්ශබ්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමා ගැන මට කනගාටුවක් තියෙනවා ඔබතුමාගේ තාත්තා හොඳ දේශපාලනඥයෙක්. හොඳ මිත්‍රයෙක්. ඔබතුමාත් එහෙමයි. අපි දේශපාලන වශයෙන් වෙනස් උනත්. අපි මේ පියතුමන්ලා ගෙනල්ලා මඩවන ආණ්ඩුවක් නෙමෙයි. තමුන්නාන්සේලා තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කරගත්තේ. දැන් දොස් කියනවා. තමුන්නාන්සේලා කාලේ තමයි ආරක්ෂාව දෙන්න බැරුව මේ රටේ අහිංසක කතෝලික ජනතාව විතරක් නෙවෙයි අනිත් ආගම් වල ජනතාවත් මැරුනේ හෝටල් වල. ඒක තමයි ඇත්ත. තමුන්නාන්සේලාගේ හරීන් ප්‍රනාන්දු එදා තාත්තා කිව්වා කියලා නැට්ට පස්ස පැත්තෙ ගහගන ගෙදර බුදිය ගත්තේ. මිනිස්සු මැරෙන්න ඇරලා අදත් බොරුවට කියවනවා ඇවිල්ලා. අපි ඡන්ද දින්නේ පාස්කු ප්‍රහාරයට ඉස්සරලා. තමුන්නාන්සේලාව පැරැද්දුවේ අපි පාස්කු ප්‍රහාරයට ඉස්සල්ලා. කරුණාකරලා මේක දේශපාලනයට හරෝ ගන්න එපා. ඒක අපි වැදගත් විදියට කියන්නේ. මේක අපි එකතුවෙලා හොයමු. ඔය කවුරු හරි දන්නවා නම්, සිරිල් ගාමිණී පියතුමා දන්නවානම්, දන්න දේවල් කියන්න ඕනි. එතුමා පියතුමෙක් වෙන්න පුළුවන් වෙන කවුරුහරි වෙන්න පුළුවන් …

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා…
අපේ පියතුමා යුක්තිය ඉල්ලුවේ. උන්වහන්සේ චෝදනාවක් කළේ නැහැ. යුක්තිය ඉල්ලූවහම මේ විදියට ගෙනල්ලා අපහසුතාවට පත්කර එක ගැන විරුද්ධව තමයි අපි මේ කතා කරන්නේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා…
පියතුමා යුක්තිය ඉල්ලලා විතරක් නෙමෙයි, උන්වහන්සේ පැහැදිලිව කියලා තියෙනවා. ඒ විතරක් නෙමේ අනිත් අයත් කියලා තියෙනවා. අපේ අද ඉන්න එස්.අයි.එස්. එකේ නායකයාට විරුද්දව චෝදනා කරලා තියනවා. ඉතින් ඒවාට සාක්ෂි තියෙනවා නම් සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන. ඒක උන්වහන්සේගේ යුතුකමක්, පියතුමාගේ යුතුකම. එහෙම නැත්නම් මේ කරන්නේ ලොකු අගෞරවයක් ඒකයි අපි කියන්නේ තමුන්නාන්සේට. තමුන්නාන්සේලාගේ ඔය මන්ත්‍රීවරුන් මේ පාර්ලිමේන්තුව ඇතුළේ හැංගිලා ඉඳලා කතා කරන්නේ නැතිව, මහ මොළකාරයෝ ගැන දන්නවා නම්, ගිහිල්ලා කියන්න. මේ බොරුවට දේශපාලනය කරන්න හදන්න එපා මේ සම්බන්ධයෙන්.

SendShareShare
Previous Post

කවදාවත් නැටිල්ල නම් නවත්තවන්නේ නැහැ…

Next Post

අනියම් පෙමක පැටලුණේ දුහුළු මලක නිලූපා මිසක නීටා ප්‍රනාන්දු කියන නිළිය නෙවෙයි…

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.