• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ කොරෝනා තියෙනවා කියලා විපක්ෂය දන්නේ නෑ! මේ හදන්නේ ‘සජිත් පොකුරක්’ හදන්න! හත්අටදාහක් කොළඹට ගෙනැල්ලා ආණ්ඩු වට්ටන්න බෑ! පොහොට්ටුවෙන් සජබෙට උත්තර දෙයි!

November 16, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රටේ කොරෝනා තියෙනවා කියලා විපක්ෂය දන්නේ නෑ! මේ හදන්නේ ‘සජිත් පොකුරක්’ හදන්න! හත්අටදාහක් කොළඹට ගෙනැල්ලා ආණ්ඩු වට්ටන්න බෑ! පොහොට්ටුවෙන් සජබෙට උත්තර දෙයි!
Share on WhatsAppShare on Facebook

විපක්ෂය සෞඛ්‍ය උපදෙස් නොසලකා පදනම් විරහිත උද්ඝෝෂණයන් පැවැත්වීමට කටයුතු කර ඇති බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. එවැනි පුහු කටයුතු සඳහා රජය බය නොවන බවත් අභියෝගවලට නොසැලි මුහුණ දීමට ශක්තිමත් රජයක් පවතින බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා අදහස් දක්වමින්,

“ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කල්ලිය දන්නේ නෑ තාම මේ රටේ කොරෝනා වසංගතයක් තිබෙනවා කියලා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සජිත් පොකුර තමයි ඇති කරන්න හදන්නේ. විපක්ෂයක වගකීම කියන්නේ ඕක නොවේ. මේ අය හයිඩ්පාක් එකට හත් අට දහක් ගෙනල්ලා ආණ්ඩුව පෙරලන්න හදනවනම් ඒක විහිලුවක්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විපක්ෂ නායකතුමාගෙන් සහ ගෝලබාල පිරිසගෙන් මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න එපා කියලා. මේ රටේ ජනතාවගේ ජිවිත සමඟයි සෙල්ලම් කරන්නේ. බලය ලබා ගන්න ඕන නම් ජනාධිපතිවරණය කාලයට මහ මැතිවරණයක කාලයට බලය පෙන්වන්න. මම ඊයේ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියා මේ කොළඹට පැමිණෙන අයගේ PCR කරන්න කියලා. එහෙම නැතිව මේ විදිහට අයාලයේ ගිහිල්ලා නීතියක් රිතියක් නැතිව කටයුතු කිරීම ඉතාමත් වැරදි.

මුළු ලෝකයම අද ගොදුරුවෙලා සිටින කොරෝනා වසංගතය තුට්ටු දෙකට ගණන් නොගෙන ඡන්දය දිනන්න හා ආණ්ඩුව දිනන්නයි එන්නේ. ඒ විදිහට ඇවිල්ලා ආණ්ඩු පෙරලන්න හම්බෙන්නේ නෑ. ආණ්ඩු පෙරලන්න ඉගෙන ගන්න ඕන අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන්. එතුමා හිටිය නම් විපක්ෂ නායක හැටියට මේ අවස්ථාවේ මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නෑ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ පාපකර්මයට කරගහන්න එපා.

අපේ ආණ්ඩුව පත්කරගෙන අවුරුදු 02 ට ආසන්න කාලයක් සම්පූර්ණ වුණේ නෑ. ඒ කාලයේ තුළ කළ හැකි සියලු දේ අපි කරලා තිබෙනවා. අපි ආණ්ඩුව භාර දෙනකොට ස්වයංපෝෂිත රටක් , සංර්ධනය වුණු රටක්, භාණ්ඩාගාරයේ සල්ලි ඉතුරු කරලා, විදේශ සංචිතය ඉතුරු කරලා අපි ගියේ. නමුත් යහපාලන ආණ්ඩුව ඇවිල්ලා මහ බැංකුව කඩා වට්ටලා බැංකු පද්ධතියම කඩා වට්ටලා, මේ රට ලෝකයේම අවිශ්වාසයක් පෙන්නලා රටම අපකීර්තියකට පත්කරලා, සංචාරක කර්මාන්තය කඩා වට්ටලා, ආර්ථිකය කඩා වැටිලා, ආරක්ෂාව නැති වෙච්චි රටක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා භාර ගත්තේ. එතුමා මාස 1 ½ තුළ විශාල වැඩ කොටසක් කරගෙන යන අවස්ථාවේ තමයි මේ කොරෝනා වසංගතය පැමිණියේ. මේ කොරෝනා වසංගතය නිසා අපේ රට පමණක් විතරක් නොවේ දැවැන්ත රටවල් මේ ආර්ථික අර්බුදයට මුහුණ දිලා තිබෙන වෙලාවක තමයි අද අපේ ජනාධිපතිතුමා මේ රට අරගෙන යන්නේ.

රටේ ආර්ථිකය ඝෘණ තත්වයක ගිහින් තිබෙන වෙලාවක තමයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඉතාමත් කොන්දක් තියාගෙන හොඳ අයවැයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. විශාල ධනයක් එකතු කර ගන්න සමාගම් 62 න් ඒ බදු මුදල් ලබා ගන්න කටයුතු කරලා තිබෙනවා. ඒ බදු මුදල් සාමාන්‍ය ජනතාවට වදින්නේ නැති විදිහට කටයුතු කරලා තිබෙන්නේ. එන්.එම්.පෙරේරා මහතා ගෙනාපු අයවැයට වඩා හොඳ අයවැයක් බැසිල් රාජපක්ෂ මැතිතුමා ගෙනල්ලා තිබෙන්නේ කියන එක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. මේ අයවැය මේ රටේ විශාල පරිවර්තනයක් වෙනවා කියන එක මට සහතිකයක් ලබා දෙන්න පුළුවන්. ග්‍රාමිය මට්ටමෙන් සංවර්ධන කටයුතු සිදු කරන්න, පරිසරය ආරක්ෂා කරන්න යන හැම අංශයක්ම ප්‍රසාරණය වෙන විදිහට මේ රටම වෙලාගත් සංවර්ධිත අයවැයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ සඳහා කවුරු මඩ ගැහුව්වත් යථාර්තවාදි අයවැයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ”

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ.සුමිත් මහතා

“ විශේෂයෙන්ම අද සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය ආණ්ඩුවට විරුද්ධව කොළඹට ජනතාව ඒකරාශි කරලා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා අපට දැනගන්න හැකි වුණා. මේ ප්‍රේමදාස මහතා කොරෝනා වෛරසය මේ රටට ආපු දවසේ ඉදන් බැලුවේ මේ කොරෝනා වෛරසය තුළින් මේ රටේ සම්පූර්ණ ක්‍රියාවලිය අඩපන කරන්නයි. මුලින්ම චීනයෙන් සයිනෝෆාමික් එන්නත ගෙනාපු අවස්ථාවේ ප්‍රේමදාස මහතා කිව්වේ මේ රට චීන කොලනියක් කරගන්න එපා කියලා. බොරු ප්‍රචාර යැව්වා. ජනතාව බිය වැද්දුවා. මේ කොරෝනා වෛරසය රටේ ව්‍යාප්ත වෙලා රට වැටෙනවා බලාගෙන ඉන්නයි ප්‍රේමදාස මහතා බලාගෙන හිටියේ. හැබැයි බුද්ධිමත්ව, නිවැරදිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කොරෝනා වෛරසය මේ රටින් තුරන් කරන්න අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් , හමුදා නිලධාරීන් , රාජ්‍ය සේවකයින් , ග්‍රාමිය ජනතාව මේ සියලුදෙනා ඒකරාශි කරලා කොරෝනා වෛරසය මේ රටින් තුරන් කරන්න ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. හැබැයි මේ කාලසීමාව තුළත් ප්‍රේමදාස මහතා කෙරුවේ ගුරුවරු පාරට බැස්සුවා. ගොවි ජනතාව පාරට බැස්සුවා. හැම වෙලාවේම උත්සහ කළේ මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත කරන්නයි. මිනිස්සුන්ට කොරෝනා හදලා මිනිස්සුන්ව මරණයට පත් කරලා ඒ මිනි මතින් දේශපාලනය කරන්න තමයි ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායකලා උත්සහ කරන්නේ. ඒ නිසා අදත් මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ ඒ වගේ වැඩසටහනක්.

පසුගියදා බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ඉතාමත් සාර්ථක අයවැයක් ඉදිරිපත් කරා. ලෝකයම කොවිඩ් වසංගතය නිසා හෙම්බත් වෙලා තිබෙන අවස්ථාවක ඉතාමත් බුද්ධිමත්ව මේ අයවැය අපේ රටට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අය දැක්කාම අද විවිධ පිරිස් බොරු චෝදනා කරනවා. මේ සාර්ථක අයවැය ක්‍රියාත්මක කරද්දි මේ විපක්ෂය කුඩුපට්ටන් වෙලා යනවා කියලා ඒ අය දන්නවා. ගමේ ජනතාවගේ ග්‍රාමීය ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න, අවශ්‍ය දේශීය නිෂ්පාදන ඉස්සරහට ගේන්න, හැම ක්ෂේත්‍රයකම නිරතවන පිරිස්ගේ ආර්ථික ශක්තිය ඉස්සරහට ගේන්න පුළුවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තමයි මේ මුදල් බෙදිලා තිබෙන්නේ. ගමේ ජනතාවගේ හදගැස්ම හදුනන නායකයෙක් තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා.” යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

SendShareShare
Previous Post

පොලිසිය මහපාරේ යකඩ උල් තබා බස් නවත්වයි! උද්ඝෝෂකයන් පාර මැදම ආණ්ඩුවට එරෙහිව පොල් ගසා විරෝධය පළ කරයි! (VIDEO)

Next Post

කොහෙන්ද ආවේ-කොහෙද ඉන්නේ-මොකද්ද තියෙන හයිය! යකාටවත් බය නැති අනුරාධපුරේ හාමුදුරුවෝ පළමු වරට පත්තරේකට කතා කරයි!

MORE NEWS

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

Load More
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ...

Read more
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.