යුගදනවි බලාගාරය අමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් වන දෙවන ගිවිසුම තමන් ඇහැටවත් දැක නොමැති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කීවද වීරවංශ මහතා කියා සිටියේ අදාළ කැබිනට් පත්‍රිකාව බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවකි.
මෙම බලාගාරය පැවැරුවහොත් බරපතළ අර්බූද රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බව කී අමාත්‍යවරයා තනතුරු අහිමි වුවද ඊට විරුද්ධව පෙනී සිටින බවද කියා සිටියේය.
සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කොට ඇත.










