• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මට මිලිටරි ගෝඨාභය වෙන්න පුළුවන්! කලකට පසු ජනපතිගෙන් වේගවත් කතාවක්!

November 6, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනපති විනාඩි 16ක් ජාතිය අමතයි! රට වහපු හේතුව කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මෙරට ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබාදීමේ විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මෙම වෙනස සිදු කිරීම සදහා එදා තාප්පවල චිත්‍ර ඇදි තරුණයන්ට සහ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන්ට යළි පෙරට එන ලෙස ආරාධනා කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, වැඩ නිමකළ මාර්ග 1,500ක් එකම දිනයකදී විවෘත කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අද (06) එක්වෙමින් ය.

“රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව” මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ එය සිදුකර තිබේ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, 

“මේ රට වාර 10කට වඩා අපිට වහන්න වුණා. මේ තත්ත්වය ගැන අවබෝධයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. විපක්ෂය කෑ ගහනවා රට වහන්න කියලා. වහනකොට කෑ ගහනවා රට අරින්න කියලා. රටට ඩොලර් බිලියන 5ක විදේශ විනිමයක් ගෙනාපු සංචාරක අංශය බිංදුව දක්වා වැටුණා. ජනතාවගේ ආදායම් සම්පූර්ණයෙන් කඩා වැටුණා. අපනයන ආදායම නැතිවෙලා ගියා. ලක්ෂ 2කට ආසන්න මැදපෙරදිග වැඩ කරපු අය ලංකාවට ගෙනාවා. ඩොලර් බිලියන 4ක් සෑම අවුරුද්දකම ගෙවන්න සිද්ධ වුණා ණය. අපි ඒක ගෙව්වා. රාජ්‍ය සේවකයා ගෙදර හිටියත් අපි පඩි ගෙව්වා.” 

“අද ගොවි මහත්තුරු උද්ඝෝෂණ කරනවා. අපි බලයට එනකොට වී රුපියල් 25ට විකුණගන්න බැරුව හිටියේ. අපි රුපියල් 50ක සහතික මිලක් දීලත් අද 60ට 70ට 80ට විකුණනවා. කමක් නෑ ඒක යන්නේ ගොවියට.”

“69 ලක්ෂයක් මට ඡන්දෙ දුන්නේ මගේ මූණට නෙමෙයි. මගේ ප්‍රතිපත්තිවලට. වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට දෙන්න අපි පොරොන්දු වුණා. වෙනස කරන එක අමාරුයි. ගොවියාට බලෙන් මේ කාබනික පොහොරවලට යන්න කියන්නේ නෑ. නමුත් මම කළේ හරි දේ.” 

“සමහරු කියනවා අපි බලාපොරොත්තු වුණේ මිලිටරි ක්‍රමයේ ගෝඨාභය කෙනෙක් කියලා. මට පුළුවන්. හැබැයි ඒ කියන්නේ.., මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර පාවිච්චි කරපන් කියලා කියන්න. හැබැයි මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒකද බලාපොරොත්තු වෙන්නේ. නෑ. සමහරු කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයි කියලා. ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තු වුණේ හමුදාවේ වගේ එක්කෙනෙක් කියලා. පුළුවන් මට ඕනේ නම් එහෙම කරන්න. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. බොරු චෝදනා නිසා අදත් අපි රටක් හැටියට ජිනීවා යනවා. මානව හිමිකම්වලට. මට එහෙම කරන්න ඕනේ නෑ. අපේ රටට.”

“නමුත් මම පොරොන්දු වෙච්ච ඒ විප්ලවීය වෙනස මම කරනවා.” 

“අපිට තෙල් නෑ. ගල් අගුරු නෑ. ගෑස් නෑ. නමුත් අපිට තියෙනවා හිරු එළිය, වතුර, සුළඟ, මේ තුනෙන්ම අපිට විදුලිය ජනනය කරන්න පුළුවන්. ඒක කරන්න ගියාමත් විශාල විරෝධයක්. මේවා අමාරු දේවල්.”

“යහපාලනය යටතේ ජනාධිපති අගමැති යනකොට විශාල කාර් ප්‍රමාණයක් යනවා. මම ඒවා නැති කළා. අමෙරිකාවෙදි මගෙත් එක්ක වාහන 15ක් ආවා.” 

“මම එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් හිටියේ සාමාන්‍ය හෝටලයක. මගේ භාර්යාව මගෙත් එක්ක ගියා. මම එයාගේ ටිකට් එකට සල්ලි ගෙව්වා.”

“මගේ ඥාතීන්වත් එක්කං ගියානම් ඒ අයත් සන්තෝෂයි. බැහැයි ඒ අයව එක්කං නොගියාම, අයියෝ අපේ මාමා ජනාධිපති වැඩක් නෑ. අපිට යන්නවත් නෑ. නමුත් ඒකයි වෙනස.”

“මටත් රජ ගෙදරක් තියෙනවා. ඒක බොහොම විශාලයි. ඒකෙ ඉන්න අමාරුයි. වැඩක් නෑ. අපරාදෙ නිකං විදුලිය පිච්චෙනවා. මම ඉන්නේ හිටපු ගෙදරමයි. ඒකයි වෙනස.”

“මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට මම කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දුන්නා. විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මහින්ද ජයසිංහ, ස්ටාලින් ද කවුද කියන කෙනාත් ගියා උපදෙස් ගන්න. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ගාවට. හැබැයි උන්වහන්සේව කුලපති කළාම… සුදුසු නෑ. ඔක්කොම වැල පිටින් ගිහින් උපදෙස් ගත්තේ එතන.”

“එක රටක් එක නීතියක් සංකල්පයක්. මේකට ඥානසාර හාමුදුරුවො පත් කළාම විවේචනය කරනවා. මම දන්නවා අවුරුදු 5ක් තිස්සේ එක රටක් එක නීතියක් ගැන සංකල්පය කතා කළේ උන්වහන්සේ. ඉතින් මං උන්වහන්සේට කතා කරලා කිව්වා මට මේ සංකල්පය හදලා දෙන්න කියලා. උන්වහන්සේ මට ඒක හදලා දුන්නාම මම ඒක අධිකරණ අමාත්‍යාංශයට දීලා අඩුපාඩු හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකනේ අවශ්‍යතාවය.”

SendShareShare
Previous Post

කාදිනල් හිමි යළි ආණ්ඩුවට එරෙහිව උසාවි යයි!

Next Post

අමෙරිකන් ගිවිසුමේ කැබිනට් පත්‍රිකාව දැම්මේ බැසිල් නෙමෙයි ගෝඨාභය! විදුලිබල ඇමැති ඉඳලා ඉඳලා ඇත්ත හෙළිකරයි!

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.