• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක පුද්ගලයෙක් විතරක් ලෝකෙට කැපී පේන්න ගිහින් මුලු ගොවි ජනතාවයි රටයි දෙකම උකසට තියලා! සජිත් මේ චෝදනා කරන්නේ් කාටද?

November 6, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනාධිපති අඩියක් පස්සට ගනීද? නැත්නම් බළකාය විසුරුවා හරීද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලෝකයට කැපී පෙනෙන්නෙකු බවට පත්වීමේ එක් පුද්ගලයකුගේ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් සුවහසක් වූ මෙරට ගොවි ජනතාවගේත් සමස්ත පුරවැසි පරපුරේත් ජීවිත උකසට තබා කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ වගා හානියට පත් ගොවීන්ට වන්දි ලබාදෙන බවට පුරසාරම් දෙඩුව ද ඒ සඳහා වන පිළිගතහැකි යාන්ත්‍රණයක් හෝ පදනමක් මේ දක්වා රජය ඉදිරිපත් කර නොමැති බවකි.

ගොවි ඉඩම් මුඩු ඉඩම් කොට රටම විකුණන මහා කුමන්ත්‍රණයක් ද?

මෙරට ගොවි ජනතාවගේ අප්‍රතිහත ධෛර්ය හා උත්සාහය නිසා වසර 2010 පමණ​ වන විට රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකිවීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය උදෙසා කෘෂි විද්‍යාඥයින් හා විෂය පිළිබඳ ප්‍රාමාණිකයින් ලබාදුන් දැනුම හා නායකත්වය ද අමතක කළ නොහැක.  ආහාර සුරක්ෂිතතාවය සැලකූ විට පසුගිය දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු ස්ථානය රැකගෙන තිබිණ. වසර 2019 වනවිට ලොව ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව 66 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබිණ. දේශීය​ තේ සහ කුරුඳු සඳහා ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක් ඇති වී තිබිණ.

එවන් තත්ත්වයක තිබූ රටකට අද අත්ව ඇති ඉරණම කුමක්ද?

ආණ්ඩුවේ අදූරදර්ශී අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන​ නිසි කලට පොහොර නොලැබීම නිසා අද වන විට ගොවි ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත්වී ඇති අතර මේ හේතුවෙන් සමස්ත රටේ ජනතාවට ඉදිරියේ දී අතිශය භයංකර ආහාර හිඟයකට මුහුණ පෑමට ද සිදුවනු ඇත​.

අප​ රටේ ඉඩම් ප්‍රමාණයෙන් 1/3 ක් කෘෂිකර්මාන්තය සඳහා යොදාගෙන ඇති අතර​ රටේ ශ්‍රම බලකායෙන් ¼ ක් සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තයට සම්බන්ධව තම ජීවනෝපාය සලසා ගනී. දළ ජාතික නිෂ්පාදනයට​ කෘෂිකර්මාන්තයේ දායකත්වය 7.3% කි.  වී වගාව හා සම්බන්ධ වී ඇති පවුල් ඒකක ගණන මිලියන 1.8 කි. වැඩි වන ජනගහනයත් සමඟ ආහාර සඳහා ඇති ඉල්ලුම ද​ වැඩිවන නිසාවෙන් සහල් නිෂ්පාදනය වාර්ෂිකව 1% කින් හෝ ඉහළ දැමිය යුතුව ඇත​. එවන් පසුබිමක කිසිදු පෙර සූදානමකින් තොරව කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනීකරණයට යොමු කිරීම මගින් එම​ ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත.

රජරට ප්‍රදේශයේ පැතිරෙමින් පැවති වකුගඩු රෝගයට එකම හේතුව රසායනික පොහොර භාවිතය බවට මිත්‍යා මත හුවා දක්වමින් ඒ පිළිබඳව කිසිදු විද්‍යාත්මක හා පර්යේෂණාත්මක සොයා බැලීමක් නොකර ක්ෂණිකව පොහොර තහනම් කිරීමට පියවර ගැනීම අමනෝඥ ක්‍රියාවකි. ලෝකයට කැපී පෙනෙන්නෙකු බවට පත්වීමේ එක් පුද්ගලයකුගේ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් සුවහසක් වූ මෙරට ගොවි ජනතාවගේත් සමස්ත පුරවැසි පරපුරේත් ජීවිත උකසට තබා කටයුතු කිරීම අනුමත කළ නොහැක.

මේ හරහා රටේ ගොවි ජනතාවත් කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්ෂේත්‍ර ගණනාවකුත් බරපතළ ගැටලු සහගත තත්ත්වයකට පත් කර ඇත.  වී වගාවට අමතරව සහල් මෝල් හිමියන්, තේ ගොවියන් හා කර්මාන්තශාලා හිමියන්, කුරුදු ගොවීන්, මල් වගාකරුවන් මෙන්ම එළවළු හා පලතුරු ගොවීන්ද පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටය​. බතලේගොඩ වී පර්යේෂණායතනයෙ වසර ගණනාවක් මුළුල්ලේ සිදු කරන ලද පර්යේෂණ අත්දැකීම්වලට අනුව කාබනික වගාව මඟින් අස්වැන්න අඩුවීම 21% -30% ත් අතර ප්‍රමාණයක් බව පෙන්වා දී ඇත. එවන් පසුබිමක කිසිදු තාක්ෂණික දැනුමක් හෝ විද්‍යාඥ සහයක් නොමැතිව ගොවීන් සිදුකරන වගාවන් හිදී නිසැකවම ඊටත් වඩා වැඩි ප්‍රතිශතයකින් අස්වැන්න අඩුවිය​ හැකි බව කෘෂි විද්‍යාඥයින්ගේ මතයයි.

නිසි ප්‍රමිතියෙන් තොර පොහොර, මෙරට නීතිරීති පවා උල්ලංඝනය කරමින් සහ විශේෂයෙන් ශාක නිරෝධායන පනත හා SLS ප්‍රමිතීන් පවා නොසලකාහරිමින් ගෙන ඒමට උත්සාහ දැරීම​ හරහා දේශීය ගොවිබිම් ඇතුළු සමස්ත භූමියම විපතේ හෙලීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිකුලෙන් යුතුව බැහැර කළ යුතුය. මෙම ක්‍රියාව නිසා මෙරට සමස්ත ජෛව පද්ධතියම තර්ජනයකට පත්වීමේ අවධානමක් ඇත. කාබනික උන්මාදය හරහා නව ව්‍යාපාර පැලැන්තියක් බිහිකර එමගින් ජනතා මුදල් ගසාකන තත්ත්වයක් ද බිහිවෙමින් පවතී.  පොහොර ගෙන්වීම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා තල්ලු කිරීමට ද මෙම බලධාරීන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය හේතු වී ඇත.

මීට අමතරව මෙම තීරණ හා ක්‍රියාවන් මගින් රටතුල විදේශ විනිමය පිළිබඳ ගැටලුවක් ද මතු වෙමින් ඇත.  කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය වූ පොහොර ගෙන්වීමට ඇස්තමේන්තු කර තිබූ මුදලට වඩා වැඩි මුදලක් මෙම හදිසි තීරණ සහ නොසැලකිලිමත් ක්‍රියාපටිපාටිය හරහා රටට අහිමිවෙමින් ඇත.

තවද මෙරට ජනතාව කෘෂිකර්මාන්තයෙන් ක්‍රමයෙන් ඈත් කර කෘෂි ඉඩම් මුඩු ඉඩම් බවට පත්කොට බහුජාතික සමාගම්වලට ඒවා කුණු කොල්ලයට ලබාදීමේ කූට න්‍යාය පත්‍රයක් ද මේ තුළ ක්‍රියාත්මක වන්නේදැයි ඇත්තේ බරපතළ සැකයකි.

විද්‍යාත්මකව තහවුරු වූ කරුණු මත නොසිට මිත්‍යාමත පදනම්ව පොහොර සම්බන්ධ තීරණ ගැනීම තුළ කෘෂිකර්මාන්තයේ නිරත විශාල ශ්‍රමබලකායේ සහ නිෂ්පාදකයන්ගේ අනාගතය අඳුරුකර ඇත. මීට අමතරව කිසියම් මුදලක් උපයා ගත්ත ද​ අවශ්‍යතාවන් සඳහා ආහාර මිලදී ගැනීමට නොහැකි වටපිටාවක් අනාගතයේ දී උදාවීම වැලැක්විය නොහැක.

තවද වගා හානියට පත් ගොවීන්ට වන්දි ලබාදෙන බවට පුරසාරම් දෙඩුව ද ඒ සඳහා වන පිළිගතහැකි යාන්ත්‍රණයක් හෝ පදනමක් මේ දක්වා රජය ඉදිරිපත් කර නොමැත.

ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාවගේ යහපත උදෙසා සියලු දෙනාටම පිළිගත හැකි වැඩි නිෂ්පාදනක​තාවයක්ද තහවුරු කරන තිරසාර නව කෘෂිකාර්මික වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස 

විපක්ෂ නායක

SendShareShare
Previous Post

මහනුවර සුපිරි හෝටලයට පෙම්වතුන් සොයා එන අමුතු අමුත්තා…

Next Post

ඒ අය කියන දේ අහන්න ඒ අය අපේ බාප්පලාද? හක හක ගා හිනාවෙමින් මෛත්‍රී ආණ්ඩුවට දාපු නෝන්ඩිය! (VIDEO)

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.