• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහනුවර සුපිරි හෝටලයට පෙම්වතුන් සොයා එන අමුතු අමුත්තා…

November 6, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
මහනුවර සුපිරි හෝටලයට පෙම්වතුන් සොයා එන අමුතු අමුත්තා…
Share on WhatsAppShare on Facebook

හාත්පස මඳ අඳුර පැතිර යමින් තිබිණි. අහස් කුස කෙළවරේ තිබූ රන්වන් පැහැයද අඳුරට වැසී යෑමට ඔන්න මෙන්නය. මහනුවර නගරයට ආසන්න අතුරු මාවතක කෙළවර කඳුගැටයක් මත පිහිටි සුවිසල් හෝටලයේ රථ ගාලෙහි සිය මෝටර් රථය නතර කළ තරුණ යුවලක් ඉන් බැසගත්තේ කුමක්දෝ කතාබහකට හඬනගා සිනාසෙමිනි. දෙදෙනාම සිටියේ උතුරා යන සතුටකිනි.

හෝටලයේ උද්‍යානයේ සිරි නරඹමින් හෙමිහිට ඇවිදගෙන ගිය තරුණ යුවල එහි පිළිගැනීමේ කවුළුව පසුකර කවුන්ටරය වෙත ඇවිද ගියේ යම් තරමක හදිසියකිනි. යුවල දුටු විගස ඔවුන්ගේ අවශ්‍යතාව හඳුනාගත් කවුන්ටර් සේවිකාව සිනා මුසුව නැඟී සිටියාය.

‘සර් එන්න…’

සේවිකාව පැවසුවේ ප්‍රියමනාපව සිනාසෙමිනි.

‘මිස් අපට රූම් එකක් ගන්න…’

‘හරි හරි සර්. සර්ලගෙ වෙලාව හොඳයි. තව එක…’

ඇය කතාව කියන්නට අවස්ථාවක් නොතිබූ කලබලයෙන් සහ කේන්තියෙන් තරප්පු පෙළ බැස පැමිණි තරුණයකු ඒ අසල සිටි සේවකයකුට මොන මොනවාදෝ කියනු ඇසුණේය.

‘මිස් මේ සර්ලට අර අනිත් කාමරේ දෙන්න කියන්න…’

සේවකයා කවුන්ටර් සේවිකාවට පැවසුවේ අතකින් ඉඟියක්ද කරන අතරේය.

‘එතකොට මේ, ආ හරි හරි. කසුන් ගිහින් ඒ ප්‍රශ්නෙ විසඳලා එන්න. ස්… සොරි සර්. විනාඩියක් දෙන්න. සර්ලගෙ රූම් එක ලෑස්ති කරලා දෙන්නම්…’

තරුණ යුවල තරමක් දෙගිඩියාවට පත්වුවද ඇගේ වචනයට සලකමින් තරමක් එහායින් වූ අසුනක් වෙත ගොස් වාඩිවූහ.

තත්පර විනාඩි ගෙවීගොස් මොහොතකින් ඔවුන්ටද කාමරයක් ලැබිණී. දෙදෙනා ඊට ඇතුළු වූයේ සිනාමුසු මුවින් යුතුවය. සිත්ගන්නාසුලු වටපිටාව, ගෘහ භාණ්ඩ මෙන්ම ජනේලයෙන් බැලූ විට පෙනෙන ඈතින් ඈතට විහිදී යන කඳු පන්තියද සුන්දර දසුනක් සේ සිත් සොරාගන්නට සමත් විය. බොහෝ වේලාවක් අවට සිරි නරඹමින් සිටි දෙදෙනා ජනේලය වසාදැමුවෝය.

‘මං වොෂ් එකක් දාගන්න යනවා…’

තරුණිය නාන කාමරයට ගියේ එසේ කියමිනි. තරුණයා ඒ අතරේ තමන්ට අවශ්‍ය කෑම ඇණවුම් කළේය. තරුණිය වතුර ෂවරය හැර නාන්නට සූදානම් වෙද්දී දොරෙහි අගුල වැටෙන හඬ ඇසී තරමක් කලබලයෙන් අගුල කරකවා බැලුවාය. එහි අගුල ඉබේටම වැටී තිබිණි.

‘මං නාද්දි ඔයා එළියෙන් දොරේ අගුල දැම්මද?’

ඇය කාමරයට පැමිණි විගස ඇසුවේ සිතේ වූ දෙගිඩියාව නිසාමය.

‘නැහැ. මං දොර ළඟට ගියේවත් නැහැ. ඔයාමයි දාන්න ඇත්තේ…’

‘හ්ම්…’

ඒ කතාව එතැනින් නැවතුණේ කාමරයේ විදුලි බුබුළු හිටි හැටියේ විසන්ධි වීමෙනි.

‘කරන්ට් ගියාද?’

තරුණයා ජනේලයෙන් පෙනෙන ආලෝකය විපරම් කරමින් කීවේය. ඔහුට දකින්නට ලැබුණේ අනෙකුත් කාමරවල විදුලි බුබුළු දැල්වෙන අයුරුය.

‘බල්බ් එක පිච්චිලා. මං කතා කරලා බලන්නම්.

ඔහු මේසය මත වූ දුරකතනයේ රිසිවරය අතට ගත්තේත්, යළිත් විදුලි බුබුළු දැල්වුණේත් එකටමය.

‘ඇති යන්තම් හරිගියා…’

දෙදෙනා සැනසුම් සුසුමක් හෙළුවෝය. ඒ ඇසිල්ලේ කාමරයේ සීනුව නාද කෙරුණේ ආහාර රැගෙන පැමිණි බව ඇඟවීමටය. තරුණයා දොර හැරියේය. සේවකයා ආහාර සහිත බන්දේසිය මේසය මත තැබුවේ සිනාමුසු මුහුණින් යුතුවය.

‘සර් පොර්ක් කරිය මේ වෙනමම තියෙන්නේ…’

සේවකයා එසේ කියා යන්නට සූදානම් වූ අතර තමා ඌරුමස් ඇණවුම් නොකළ හෙයින් තරුණයා ඒ ගැන විමසුවේ සැකයෙනි.

‘ආ සර් කෝල් කරලා ඕඩර් කළේ නැද්ද? ආ හරි හරි. මේක රූම් නම්බර් දහතුනේ. හරි හරි සොරි සර්. මං මේක ගෙනියන්නම්.

‘නෑ එපා එපා. ඔහොම තියන්න. මං ඒකට ගෙවන්නම්. ගැටලුවක් නැහැ.’

කවදාවත් නැතිව තරුණයාටත් ඌරුමස් කන්නට ආසාවක් ඇතිව තිබිණි.

‘ඔයා ඌරුමස් කනවද?’

සේවකයා පිටව ගිය පසු තරුණිය ඇසුවාය. තරුණයා සිනාසෙමින් යහනෙන් නැගිටගත්තේ වාහනයේ අමතකව ආ ජංගම දුරකතනය රැගෙන එන්නටය. ඔහු ගිය පසු තරුණිය සැනසිල්ලේ යහන මත දිගාවී කල්පනාවකට වැටුණාය. ඒ ඇසිල්ලේ මේසය අසලින් හඬක් ඇසී කලබල වූ ඇය එදෙස බලද්දී කවුරුන් හෝ එතැන සිට යනවා වැනි ඡායාවක් දැක තිගැස්සුණාය.

‘නෙතුමි, මේ දොර අරින්න ළමයෝ…’

තරුණයාගේ හඬ ඇසී ඇය දොර අසලට ගොස් බලද්දී එහි අගුල්ලා තිබිණි. තමා අගුල නොදැමූ බව ඇයට මතකය.

‘ඔයා අගුල දැම්මද?’

‘නැහැ. ඒත් අගුල වැටිලා…’

‘මේක මහ හොල්මන් කාමරයක් අනේ….’

‘හරි හරි අපි කාලා ඉමුකෝ…’

තරුණයා ආහාර බන්දේසිය විවර කරමින් කීවේය. ඔහුට දක්නට ලැබුණේ මොහොතකට පෙර පිරී තිබූ ඌරුමස් බඳුන හිස්ව ඇති අයුරුය.

‘මස් කන්නේ නැහැ කිව්වට ඔයා ඌරුමස් කරියම කාලානේ…’

‘මං… මං කෑවෙ නෑ. පිස්සුද අනේ…’

‘මේ බලන්නකෝ…’

‘දෙයියනේ… මං දැක්ක එක හරි. ඔතන ඉඳලා කවුරු හරි ගියා. අනේ අපි ඉක්මනට මෙහෙන් යමු. නැත්නම් වෙන කාමරයකට යං. මට බයයි…’

ඒ අනුව ඔවුන් දෙදෙනාද එම කාමරය ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ට වෙනත් කාමරයක් දීමට හෝටල් සේවකයෝ කටයුතු කළහ.

‘අර දහතුනේ කාමරේ හොල්මන් තියෙනවද?’

කාමර සේවකයාට සංතෝසමක්දී හිතවත් කරගත් තරුණයා එසේ ඇසුවේ කුතුහලයෙනි.

‘අනේ සර් මං කිව්වා කියලා කියන්න එපා. ඔය කාමරේ මීට ගොඩක් කලින් දවසක හිටිය කපල් එකක නෝනා මහත්තයට වස දීලා මරලා තිබුණා. වස දාලා තියෙන්නේ ඌරුමස් කරියට. ඉතින් එදා ඉඳලා ඒ මහත්තයා ඔය කාමරේ හොල්මන් කරනවා කියලා හැමෝම කියනවා. ඇත්ත වෙන්නත් පුළුවන්. ඔය කාමරේට කවුරු ආවත් ඌරු මස් ඕඩර් එකක් එනවා. ඌරු මස් කන්නෙ නැති අයටත් ඌරු මස් කන්න හිතෙනවලු ඔය කාමරේදි…’

හෝටල් සේවකයාගෙන් සියල්ල අසාගත් තරුණයා පසුදා උදෑසනම තරුණියත් සමග පිටව ගියේ තමා ඔයින් ගැලවුණා ඇති යැයි සිතමිනි.

මෙම සිදුවීම සිදුවී දැනට කාලයක් ගතව ඇතත් තවමත් එහි එම අද්භූත සිදුවීම් සිදුවන බව තතු දන්නෝ පවසති.

සත්‍ය කතාවකි.
නම්ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

නව තාක්ෂණයෙන් පිං පව් හංගන්න පුළුවන්ද?

Next Post

එක පුද්ගලයෙක් විතරක් ලෝකෙට කැපී පේන්න ගිහින් මුලු ගොවි ජනතාවයි රටයි දෙකම උකසට තියලා! සජිත් මේ චෝදනා කරන්නේ් කාටද?

MORE NEWS

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.