වැටුප් විසමතා ගැටලුව ඉවත් කරන ලෙස ඉල්ලා ගුරු විදුහල්පතිවරු අද දිනයේදී නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධාන කොට තිබිණ.
එහිදී අඩබෙර ගසමින් ගරා යකුන් නටමින් නව අංගයක් එක් කිරීමටද ගුරු විදුහල්පතිවරුන් පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් මෙම ස්ථානයට පොලිස් නිලධාරියකු පැමීණමත් සමග තත්ත්වය තරමක් උණුසුම් වන ආකාරයක් දැකගන්නට ලැබිණ.









