එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් වූ ජනපති කාර්ය සාධක බළකායට ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති පත්කිරීම් පිළිබදව ගැටලු ඇති බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමේදී පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා කළ පිළිතුරු සැපයීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.
එහිදී වීරසේකර මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් සිදුකරන පත්කිරීම් ප්‍රශ්න කළ නොහැකි බවත්, අනුර දිසානායක මහතාද යහපාලන ආණ්ඩුව සමයේ අරලිය ගහ මැදුරේ නඩු අසන කමිටුවක පත්වීම් ලැබ සිටි බවත්ය.
ඊට විරෝධය පළ කළ දිසානායක මහතා තමන් එවැනි පත්වීමක නොසිටි බවත්, නීතිය හා සාමය බාර අමාත්‍යවරයා මේ අයුරින් මඤ්ඤං කෙළින්නේ නම් රටකට යන කල කුමක්ද බවත් ප්‍රශ්න කර සිටියේය.









