ආණ්ඩුව වලිගය නැති ගොනානම් බලශක්ති ඇමති උදය ගම්මන්පිල ඒ ගොනා ඇතුළේ ඉන්න බූරුවෙක් යැයි පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
“ආණ්ඩුව සමානයි වලිගය නැති ගොනා වැනී කියලා ගම්මන්පිල මහත්තයා කියනවානම්, ආණ්ඩුව සමාන කරල තියෙන්නේ ගොනාටනේ. ඒ ගොනා ඇතුළේ ඉන්න බූරුවෙක් විදිහටනේ ගම්මන්පිල මහත්තයා එහෙනම් ඉන්නේ.
ගම්මන්පිල මහත්තයා එළියේ ගිහිල්ලා ඉවරවෙලා බැනලා බැනලා අපි ගිහිල්ලා වාඩි වුනේ පොදු ජන පෙරමුණේ සම්මේලනයේ දහයයි කාල වෙනකොට. මුනැහේ ගිහිල්ලා වාඩි වුනා 9.45 වෙනකොට. ගිහිල්ලා බැසිල් රාජපක්ෂ මැති තුමාගේ අත්දෙක අල්ලගෙන රෝසමල වඳිනවා වගේ වැඳගෙන ඉන්නවා. මොනවද ගම්මන්පිල මහත්තයෝ ලැජ්ජා නැති දේශපාලනය. සුදු ඇඳගත්තට කමක් නැහැ ලැජ්ජා නැති දේශපාලනය කරන්න එපා.” යැයිද ඔහු එහිදී පැවසීය.
කර්මාන්ත ඇමති විමල් වීරවංශට ඇත්තේ පුද්ගලික ප්‍රශ්නයක් බවත් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකරට සහ මන්ත්‍රී තිස්ස විතාරණට ඇත්තේ ඇමතිකම් නොලැබීමේ ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්ට් රෝහණ ලක්ෂ්මන් පියදාසට ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා නොදීම පිළිබඳ ප්‍රශ්නයක් බවත් මෙහිදී මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසීය.
එමෙන්ම තමන් සොච්චම් වැටුපකින් හුන්ඩුවක් වැනි නිවසක ජීවත්වන මන්ත්‍රීවරයෙකු බවත් සුඛෝපභෝගී වාහනයක් ඉල්ලා සිටියේ එම සාධාරණ හේතුව නිසා බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.