• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කෝටි 800ක වාහන ගන්න – හතර වටේටම වාහන බෙදන්න දෙමටගොඩ රුවන්ලාට සල්ලි උනන හැටි! CID SPECIAL

November 10, 2021
in CID, Exclusive, News
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පහුගිය සතිය ගෙවී යන්නේ රට උණුසුම් කළ විශේෂ පුවත් කිහිපයක් සමගය. ඒ අතර ඇහුණු එක ප්‍රවෘත්තියක් වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරන පාතාල ලෝකය හා සම්බන්ධ සිදුවීමකි. මේ කතාව දෙමටගොඩ හා බැඳී තිබුණේය. දෙමටගොඩ චමින්දගේ සහ දෙමටගොඩ රුවන්ගේ කතන්දරය මෙසේ ගිය සතියේ එළියට එන්නේ දෙමටගොඩ රුවන්ට අයත් වෙසල් වර්ගයේ මෝටර් රථයක් භික්ෂුන්වහන්සේ නමක් විසින් පරිහරණය කරන බවට සමාජ ජාල පුරා පැතිරුණු ආරංචියක් සමගය. මේ දෙමටගොඩ රුවන්ගේ වෙසල් රථය හමුවීමත්, ඉන් පසුව සිදුවුණු සමහර සිදුවීම් අතර යම් සබඳතාවක් ඇතැයි දේශපාලනය ගැන අවබෝධයක් ඇති අය පවසති. නමුත් ඒ ගැන අපි නිශ්චිතව කියන්නට දන්නේ නැත. කොහොම නමුත් දෙමටගොඩ චමින්දලාගේ සහ දෙමටගොඩ රුවන්ලාගේ කෙරුවාවල් සම්බන්ධව මේ වන විට පොලිසියේ නිදිබර නෙත් විවරවී තිබේ. නමුත් යළි කොයි වෙලේ නිද්‍රාශීලීව මේ පුවත් කාට හෝ අමතකව යා දැයි නොදන්නා නිසා අපි එය මෙසේ ලියා තබමු.

රාජකාරිය රාජකාරියක් බවත්, එය ඒ ඒ අංශ විසින් කළ යුතු බවත් අප මේ මොහොතේ මතක් කර සිටිමු. එයට මැදිහත් වීමට හෝ අලගු තියන්නට හෝ එයට හොඳ නරක කියන්නට හෝ අපට වගකීමක්වත්, සුදුසුකමක්වත් නැත. කොහොම නමුත් මේ නම ගෑවුණු දෙසොහොයුරෝ දෙමටගොඩ පොලිසිය පිටිපස්සේ වත්තේ පුංචි ගෙදරක 2000 වසරේදී පමණ ජීවත් වූ බව ඒ ගැන දන්නා අය කියති. මොවුන් දෙමටගොඩ පොළේ එක්තරා ව්‍යාපාර කටයුත්තක යෙදී සිටි අයය. නමුත් ඉතා ඉක්මනින් මේ දෙමටගොඩ පොළේ බඩු වික්ක අහිංසක සහෝදරවරුන්ගේ හිතමිතුරුකමට ගංජා පැමිණි බවත්, ගංජා වෙළෙඳාමේ යම් තරමක දියුණුවක් ලබද්දී ඒ වෙළෙඳාමට කුඩුත් එකතු වූ බවත් කාරණා දන්නා උදවිය කියයි. ඒ අනුව ගත් විට මේ දෙමටගොඩ රුවන්ලාගේ දෙමටගොඩ චමින්දලාගේ ඇරැඹුම එතැනය. නිසි පියවර නොගැනීමත්, නිසි ලෙස එයට මැදිහත් නොවීමත් අපේ රටේ බලධාරීන්ගේ ප්‍රශ්නයක් බව අපි ඔබට අමුතුවෙන් කිවයුතු නැත.

කොහොම නමුත් දෙමටගොඩ චමින්දලා දෙමටගොඩ වත්තේ පුංචි ගෙදරම ජීවත් වියයුතු යැයි කිසිවකු සිතන්නේ නම් ඒකත් වැරැදිය. ඔවුන් දියුණු විය යුතුය. ඔවුන් අලුත් දේවල් සොයාගත යුතුය. අලුත් ව්‍යාපාර කටයුතුවල නියැළිය යුතුය. නමුත් ඒවා සාධාරණ විය යුතුද, අසාධාරණ වියයුතුද යන්න පමණක් ඔවුන්ද දෙවරක් සිතිය යුතු කරුණුය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් දෙමටගොඩ පොළේ බඩු විකුණමින් සිට පසුව ගංජා ව්‍යාපාරයට සම්බන්ධ වන චමින්දලා පසුව කුඩු ව්‍යාපාරයත් සමග ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලකයන් සමග සම්බන්ධතා පවත්වාගෙන යන්නට ගනී. මේ සම්න්ධතා පවත්වාගැනීම එක පැත්තකින් සිද්ධ වෙද්දී මෙයට කිසිම සම්බන්ධයක් නැති සේ පිටින් පෙනෙන, නමුත් ඇතුළෙත් සම්බන්ධයක් තියෙනවා යැයි කියන දෙමටගොඩ රුවන්ගේ හාර්ඩ්වෙයාර් එක බේස්ලයින් පාරේ ආරම්භ වේ. ඒත් සමගම ඔහු යහමින් මුදල් ඇති අයකු බවට පත්ව සිටි අතර, එසේ යහමින් මුදල් හදල් තිබුණු දෙමටගොඩ රුවන්ට ඉතා ඉක්මනින් තට්ටු තුනක හෝටලයක් මිලට ගන්නටද හැකියාව ලැබේ.

මෙසේ මිල මුදල් යහමින් ලබාගන්නා අතර, රුවන්ලා චමින්දලා විශාල ගැටලුවක පැටලේ. ඒ, අපි කවුරුත් දන්නා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයය. භාරත ඝාතනය සිද්ධ වන වෙලාවේ දුමින්ද සිල්වා සමග එකට සිටි අනෙක් පුද්ගලයා දෙමටගොඩ චමින්දය. මෙසේ එකට සිටි දෙමටගොඩ චමින්දට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධව දඬුවම් ලබන්නට සිදුවේ. එසේ සිදුවීමත් සමග දෙමටගොඩ චමින්දට හිරබත් කන්නට සිදුවන අතර, රුවන් කරළියට එන්නේ 2015 ඡන්දයත් සමගය. ඒ, රවි කරුණානායකලාගේ දේශපාලන රැස්වීමකට සිදුකළ වෙඩි ප්‍රහාරයක් පිළිබඳ අහන්නට ලැබුණු වෙලේය. මේ ප්‍රහාරය සිද්ධ කරන්නේ රුවන්ලා බව සමහර තැන්වල කියැවුණේය. නමුත් රුවන්ලාගේ මේ වෙඩිතැබිල්ල ගැන අවධියෙන් සිටි රුවන්ලාට විරුද්ධ පැත්තේ උදවිය බන්ධනාගාර බස් රථයට වෙඩි තබමින් මේ පළිය ගත් බවද කාරණා දන්නා උදවිය පවසති.

කෙසේ නමුත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ භික්ෂුන්වහන්සේ නමකගේ ආදරය අදත් දෙමටගොඩ චමින්දලාට ලැබෙන්නේ ඒ හාමුදුරුවන්ගේ සිවුරු හෝදා දුන් නිසා බව වරක අපට අහන්නට ලැබුණේය. ඒ, ඒ හාමුදුරුවෝත් සිර ගෙදර උන් අවධියකය. කොහොම නමුත් මේ කතාවල ඇත්ත නැත්ත අපි දන්නේ නැත. හාවක් හූවක් ඇහුණු පමණින් ඒවා විශ්වාස නොකිරීමද බොහෝ කතාවලට මුලක් මැදක් අගක් තියෙනා බවද අපි විශ්වාස කරමු.

2002-2003 කාලයේදී බේස්ලයින් පාරේ දුම්රිය මාර්ගය ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම කොහොම නමුත් දෙමටගොඩ රුවන්ගේ එකවුන්ට් එකට වැටුණු එක මිනීමැරුමකි. නමුත් මේ එකවුන්ට් එක ඉතා ඉක්මනින් පියවා දෙන්නට එවකට සිටි සමහර බලධාරීන් එච්චර උනන්දු වුණේ ඇයිදැයි අදටත් සමහරුන්ට ප්‍රශ්නයකි. මේ මරණය සම්බන්ධයෙන් නම ඈඳුණු පුද්ගලයා ඒ වෙලාවේ හිටියේ තමන් සමග යැයි එක්තරා ප්‍රධාන පෙළේ නීතිය රකිනා පිරිසක් කී නිසා නීතියේ රැහැනින් පැනගන්නට පුද්ගලයාට එදා පුළුවන්කම ලැබිණි. රුවන්ලාගේ කුඩු තොගයක් පොලිස් භාරයට ගත් අවස්ථාවක එවකට සිටි ආරක්ෂක අංශ ප්‍රධානියෙක් එම ආරක්ෂක අංශයේ සදාචාරය පවා වෙනස් කරමින් මහ රෑ පැමිණ ඒ නඩු භාණ්ඩ පරීක්ෂා කොට කුඩු, ගංජා කළ බව මේ පිළිබඳ ජීවමාන සාක්ෂි දන්නා සමහර පුද්ගලයෝ කියති. ඒවාද සිදුවුණා නම් රටේ අවාසනාවකි. හදිසියේම රුවන්ලාගේ කුඩු ජාලයේ ප්‍රධාන සම්බන්ධතාව ඇති පුද්ගලයා ලෙස සලකන පාකිස්තාන ජාතිකයා රුවන්ලා සමග ඉන්නා බව අහන්නට ලැබුණු එක්තරා අංශයක් මධ්‍යම රාත්‍රියේ ඒ තිප්පොළ වටලා පාකිස්තාන ජාතිකයා ඇතුළු කිහිප දෙනකු අත්අඩංගුවට ගත්තේය.

නමුත් ඒ අත්අඩංගුවට ගැනීම හැරෙන තැපෑලෙන් යළි නිවැරැදි කළ අතර, පාකිස්තාන ජාතිකයා නිරුපද්‍රිතව රටින් පිටවිය. මේ කෙරුම්කාරකම් කරන්නට ඔහුට ලැබෙන්නේ ඔහුගේ ඇති දේශපාලන හිතවත්කම් සහ යාළු මිත්‍රකම් නිසා යැයි බොහෝ දෙනා පවසන කාරණයකි. ජනාධිපතිවරණ සමයේ රටේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයකුගේ කාර්යාලයක් රුවන්ලාට අයත් විශාල ගොඩනැගිල්ලක නොමිලයේම පවත්වාගෙන යන්නට ඉඩ දුන් බවද රුවන්ලාට ඇති තවත් එක්තරා චෝදනාවකි. එය චෝදනාවක් යැයි කියන්නේ සමාජයෙන් එල්ල වන චෝදනාවක් නිසාය. එසේ නොමැතිව කිසිම ආරක්ෂක අංශයක් විසින් ඔවුන්ට චෝදනා නොකරන බවද අපට විශ්වාසය. ඒ ගොඩනැගිල්ල ජනාධිපතිවරණයේදී නොමිලේම ලබාදුන් අතර මහ මැතිවරණ සමයේද එක්තරා තරුණ දේශපාලකයකුට තමන්ගේ කාර්යාලය පවත්වාගෙන යන්නට ඉඩ ලබාදුන් ස්ථානයකි. රුවන්ගේත් චමින්දගේත් බිරින්දෑවරු තමන්ගේ දරුවන් සමග මේ ස්ථානයට පැමිණ බඩු මලු 1000ක් බෙදාදුන් කතාව සත්‍යයකි. බඩු මලු 1000ක් බෙදාදීම රුවන්ලා කළත්, චමින්දලා කළත්, මොන සල්ලිවලින් කළත් ඉතාම යහපත් දෙයක් බව අපේ විශ්වාසයයි. මක්නිසාද යත් අහිංසක මිනිසුන්ට දෙයක් දෙන්නට හිතක් පහළ වෙනවා නම් ඒ මිනිසුන්ගේ නරක කොහොම වෙතත් එය හොඳක් ලෙස ලිවිය හැකිය.

නමුත් පහුගිය දිනෙක හදිසියේම දෙමටගොඩ රුවන් පිළිබඳ වැඩි උනන්දුවක් ආරක්ෂක අංශ විසින් ඇතිකර ගන්නේ කුමක් නිසාදැයි ඔබට දැන් ප්‍රශ්නයක් මතුවිය හැකිය. මක්නිසාද යත් චමින්දලා, රුවන්ලා දෙමටගොඩ පොර පිටියේ සටනට එන්නේ අදක ඊයේක නොවනා නිසාය.

ඉන්දියාවේ වෙරළාරක්ෂක හමුදාව අත්අඩංගුවට ගන්නා කුඩු තොගයක අයිතිකාරයා දෙමටගොඩ රුවන් බව ඉන්දීය ආරක්ෂක අංශ විසින් හදිසියේම හඳුනා ගත්තේය. ඒ පිළිබඳ ඔවුන් කඩිනමින් ශ්‍රී ලංකාවට දැනුම් දුන්නේය. නමුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ එය එතරම් තැකීමකට ලක් නොකළ අතර, ඉන්දියාවට මෙය තැකීමක් නොකර සිටිය නොහැකි දෙයක් බවට පත්ව තිබිණි. ඔවුන් සිතා සිටියේ ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්ෂාවට පවා මෙයින් තර්ජන එල්ල විය හැකි බවය. ඒ ඔස්සේ සොයයමින් සැටලයිට් දුරකතනයක පැටිකිරිය සොයාගන්නා අතර, එයද දෙමටගොඩ රුවන්ලාගේ අයිතිවාසිකම් සහිත එකක් බවට පසුව සොයා ගැනිණි.

මේ කාරණාවත් සමග දිගින් දිගටම ඉන්දියාව, ශ්‍රී ලංකාවට මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නටත්, ඔවුන් ගැන විමර්ශන කරන්නට මතක් කළ නිසාවෙන් ලංකාවේ ආරක්ෂක අංශවලට කට පියාගෙන ඉන්නට බැරි විය. නමුත් ඔවුන්ගේ කට පියන්නට අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නට මේ සොහොයුරන් සූදානම් බව සත්‍යය. ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි ඕ.අයි.සී.ලා, ඩී.අයි.ජී.ලා පත්කරන්නටද උත්සාහ කළ බව පැවැසෙන තවත් එක කතාවකි. ඒවායේ සත්‍ය අසත්‍යතාව අපි හරියටම දන්නේ නැත. ඔවුන්ට එහෙම දෙයක් කරන්නට පුළුවන් වුණාද කියන්නට දන්නේත් නැත. නමුත් අප දන්නා පරිදි නම් ඔවුන්ට අවශ්‍ය කළ ඩී.අයි.ජී.වරයා පත් කරගන්නට ඉඩ ලැබුණේ නැත. ඒ, ඩී.අයි.ජී.ත් සමග මේ පුද්ගලයා නයිට් ක්ලබ්වල සැරිසරනු සමහරු දැක තිබේ. දැනට ඉන්නා පොලිස් ප්‍රධානීන් ඊට වඩා ප්‍රබල නිසා ඔවුන් පත් වුණද හැකි ඉක්මනින් මේ තනතුරු වෙනස් කරන්නට රුවන්ලාට අවශ්‍යව තියෙන ආකාරය දැනටද පෙනෙන්නට තිබෙන කාරණාවකි.

කොහොම නමුත් ඉන්දියාවේ වුවමනාව මත මේ පරීක්ෂණ අදද සිදුවෙමින් තිබේ. මේ ලිපිය ලියන අතරතුර රුවන්ලාට අයත් තවත් කෝටි අටක පමණ වත්කම් ලෙස සඳහන් කරන වාහන 4ක් ගැන දැනගන්නට ලැබුණේය. වෙසල් එක එක්තරා ප්‍රධාන පෙළේ පන්සලක හාමුදුරු කෙනකුගේ භාවිතයට ලබාදී තිබුණු එකකි. මේ වන විට දෙමටගොඩ කුඩු රාජධානියේ මේ සොහොයුරන් දෙදෙනා තමන්ගේ ඒකාධිකාරය පතුරුවමින් සිටී. පරීක්ෂණ මේ වන විටත් සිදුවන නමුත් ඒවා කොයි අත පෙරළෙතැයි අප දන්නේ නැත. මේ පිළිබඳ පරීක්ෂණ මේ මොහොතේත් සිදුවන අතර, ඒවා කොහොම කොතැනින් වෙනස්වී රුවන්ලා චමින්දලා නිදහස් වේදැයි සියල්ලෝම බලා සිටිති.

සුමනතිස්ස රණේපුර

SendShareShare
Previous Post

බයිඩන්ගේ ඉහළම නියෝජිතවරියක් 15දා ලංකාවට!

Next Post

උල් ආයුධයකින් ඇන මහදවල් මහපාරේ මරා දැමූ ලසන්ත හේග්වල යළි ඉපිද සටනට එන හැටි!

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.