තමන්ට මේ රටේ සිටින නොම්මර එකේ වංචාකාරයෙක් අපට පහර දෙනවා කියන්නේ අප ඔවුන්ගෙන් යැපෙන පුද්ගලයන් නොවන බව තහවුරු කිරීමක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය.
තමන් අමාත්‍ය ධූරය දරමින් සිටියදී වෝටර්ස් එජ් හෝටලයේ ඕකිඩ් උද්‍යානයක් නිර්මාණය කළ බවත්, අද ඒ ව්‍යාපෘතිය අවුරුදු 2ක් තිස්සේ අතහැර දමා විනාශ කොට ඇති බවත් ඒ මහතා කීය.
තමන් ආරම්භ කළ ව්‍යාපෘති 323ක් අද වනවිට සම්පූර්ණයෙන්ම අතහැර දමා විනාශ කොට ඇති බවත්, අද ඕකිඩ් වගාව වීඩියෝ කරන පුද්ගලයන් ආණ්ඩුව විනාශ කළ මේ ව්‍යාපෘතිද වීඩියෝ කර පෙන්වන ලෙස ඒ මහතා අභියෝගයක්ද කළේය.










