• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හම්බන්තොට ජනතාවනි ලෑස්ති වෙන්න! රේස් බලන්න චාන්ස් එකක් ළඟදීම එනවා!

November 3, 2021
in Exclusive, News, Uncategorized
Reading Time: 3 mins read
A A
නාමල්-ප්‍රසන්න-සාගර පෝර්ට් සිටියේ තරගෙට රේස් පදියි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ගැන තවත් එක කතාවක්. දියුණු වේ යැයි හීන දකිමින් ඉන්න, සංවර්ධනය වේ යැයි බලාපොරොත්තු තියාගෙන ඉන්න අවුරුදු සිය ගානක් තිස්සේ සංවර්ධනය වෙමින් පවත්නා රටක් විදියටම ඉන්න මේ දේශය සමහර දිනවල, සමහර කාලවල විවිධ වෙනස්කම්වලින් පිරිලා ඉතිරිලා යනවා. ලංකාවේ සංවර්ධනය අද තියෙන්නේ කොයි මට්ටමේද කියලා ඇහුවොත් අපට පේන්න තියෙන සංවර්ධනය තියෙන්නේ ගොඩනැගිලි සංවර්ධනයක් විතරයි. කොළඹ නගරය අලුතෙන් ඉදිවෙන ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් තියෙනවා. අහස අල්ලන් ඔන්න මෙන්න තියෙන සමහර ගොඩනැගිලි නිසා බැලූ බැල්මට පේන්නේ නගරය සංවර්ධනය වෙලා කියලා.

අලුතෙන් ඉදිවන අධිවේගී මාර්ග නිසා මිනිසුන්ට එහෙට මෙහෙට යන එක පහසු වෙලා. මේ පහසුව අපට දැනෙන්නෙත් සංවර්ධනය කියලා. සංවර්ධනය වුණත් අසංස්කෘතික වෙච්ච දේශයක තවමත් කිසිදා සංවර්ධනය වේදැයි හිතාගන්නවත් බැරි දේශයක තවත් නගරයක් දෙකක් අළු ගසාදමා නැඟිටිමින් ඉන්නවා. එහෙම එක නගරයක් තමයි හම්බන්තොට නගරය. කොළඹ නගරය ප්‍රධාන වෙළෙඳ නගරය ලෙස අලුත් වෙද්දි අගනුවර ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හිටි තැනම ඔහේ බලා ඉද්දි හම්බන්තොට ඇතුළු දකුණු පළාතේ සමහර නගර අලුත් වෙමින්, වෙනස් වෙමින් යනවා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙ ආණ්ඩුව කාලෙ පොළොන්නරුවට බොහෝ දේ ලැබුණා වගේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙ හම්බන්තොටට බොහෝ දේ ලැබුණු බව ප්‍රසිද්ධ රහසක්. ඒ ලැබුණු දේවලින් නිසි ප්‍රයෝජනයක් තියෙනවද නැද්ද කියන එක ඔබත් අපිත් දෙගොල්ලොම දන්නවා. හම්බන්තොට අද වෙනකොට ප්‍රධානතම නගරයකට අවශ්‍ය වෙන සියලු අංගෝපාංග සහිතයි. හැබැයි සමහර වෙලාවට නගරයෙ පාළුව උහුලගන්න බැරි තරම්.

හම්බන්තොට නගරයෙ මේ වෙනකොට ප්‍රධාන වරායක් සහ ගුවන් තොටුපොළක් තියෙනවා. සක්‍රීයව ක්‍රියාත්මක නොවෙන මත්තල ගුවන් තොටුපොළට දැන් ඉඳහිට ප්ලේන් එකක් දෙකක් එනවා යනවා. සමහර වෙලාවට අලිත් එනවා. යහපාලන ආණ්ඩුව කාලෙ මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කරන්නත් පියවර ගත්තා. කොහොම නමුත් මේ කොවිඩ් කාලයේදි මත්තල ගුවන් තොටුපොළෙන් යම් ප්‍රයෝජනයක් තිබුණු බව අපි දැක්කා. මත්තල ගුවන් තොටුපොළ ඉදිකරලා තියෙන ස්ථානය, ප්‍රධාන නගරයක සිට ඊට තිබෙන දුර, පරිසර සංවේදී කලාපයක පිහිටා තිබීම, විශේෂයෙන්ම අලි ඇතුන් සහිත වනාන්තරවල නෑදෑකම් තියෙන බිම්කඩක් වීම නිසා මත්තල ගුවන් තොටුපොළ අසාර්ථක ඉදිකිරීමක් බව ලෝකයේ බොහෝ දෙනෙක් පිළිගන්නවා. මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානයක් පැමිණි බව පවා ප්‍රවෘත්තියක් ලෙස පළවෙන නිසා මෙය අක්‍රීය ගුවන් තොටුපොළක් බව බොහෝ දෙනා පිළිගෙන අවසානයි.

ඒ වගේම හම්බන්තොට වරාය මේ තරම්ම ක්‍රියාත්මක නොවන මට්ටමේ තියෙන එකක් නෙවෙයි. ඒත් අද වෙද්දි මේක අපට අයිති නැති තැනට පත්වෙලා. බොහෝ දෙනා බොහෝ කතන්දර මේ සම්බන්ධව කිව්වා. වරායෙ ගලක් තියෙන බව සමහර ඇමැතිවරු කියලා, ඒ ඇමැතිවරුම එහෙම ගලක් නැති බව ආයෙත් වතාවක් කියපු අවස්ථාව අපට හම්බවුණා. ඒක ලංකාවෙ දේශපාලනයෙ තියෙන අප්‍රසන්න බව මිසක්, හම්බන්තොට වරායෙ ප්‍රශ්නයක් නෙවෙයි. අද වෙනකොට අපි දන්නා තරමට හම්බන්තොට වරාය අපට අයිති නෑ. ශ්‍රී ලංකාවෙ තියෙන සමහර වරායවල් අතරින් හම්බන්තොට වරාය ඉතා ප්‍රයෝජනවත් බව කිව්වත්, හම්බන්තොට වරායෙන් ඒ තරම්ම ආදායමක් එනවද නැද්ද කියන එක ගැන අපට පුංචි ප්‍රශ්නයක් තියෙනවා.

කොහොම නමුත් මේ දැවැන්ත ඉදිකිරීම පිටිපස්සේ තිබුණේ ලංකාවෙ දේශපාලකයන්ගෙ පෞද්ගලික හීන බවයි හම්බන්තොට වරාය ගැන කතා කරද්දිත් සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ. හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොළ ඉතාම සාර්ථකව නිමාවෙලා තියෙනකොට මේ හම්බන්තොට ප්‍රධාන නගරය ආශ්‍රිතව අභය භූමියක්, ප්‍රධාන මල් උයනක් ඇතුළු බොහෝ දේ තියෙනවා. හම්බන්තොට ගිය ගමන් සෆාරි, ඒ වගේම, වියළි කලාපීය මල් උයන ඒවාට උදාහරණ. ඒ වගේම හම්බන්තොට ප්‍රධානතම සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිවෙලා තියෙනවා. ඒ දැවැන්ත ඉදිකිරීම නිහඬව නිසලව හුදකලාව අදත් තියෙනවා. බොහෝ විට මේක පාවිච්චි නොවන තත්ත්වයේ එකක්. ශ්‍රී ලංකාවෙ ඒ විදියටම තියෙන ප්‍රධානතම සම්මන්ත්‍රණ ශාලාව තමයි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙ බොහෝ දේ සිදුවෙනවා. බොහෝ උත්සව තියෙනවා.

බොහෝ සිදුවීම් සිදුවෙන්නේ මේ ස්ථානයෙ පිහිටීම සහ ළඟාවීමේ පහසුව, ඒ වගේම ප්‍රධාන වෙළෙඳ නගරය නිසා ඒ හරහා යන එන බස් රථවල, කුලී රථවල පහසුකම් සහිත වීම නිසා යැයි අපි හිතනවා. කොහොම නමුත් හම්බන්තොටට ගුවන් තොටුපොළක්, වරායක් වගේම ප්‍රධාන අවශ්‍යතාවල් විදියට දැනෙන තවත් බොහෝ දේ ලැබී තියෙනවා. හම්බන්තොට රෝහල අපි දන්නා විදියට තවමත් ඉදිවෙනවා. එය ඉදිවෙයිද, නොවෙයිද කියලා හිතාගන්න බැරි වුණත් අද වෙනකොට එය දැවැන්ත ඉදිකිරීමක් බවට පත්කරලා ඉවරයි. තව යන්න තියෙනවා නම් තියෙන්නේ පොඩි දුරක්.

ඒ නිසා හම්බන්තොටට මේ වෙනකොට ප්‍රධානතම රෝහලකුත් ලැබිලා තියෙනවා. ඒ සියල්ල අතර අලුතින් ලැබෙන්න යන දේ තමයි හම්බන්තොට ‘ෆෝමියුලා වන්’ වර්ගයේ මෝටර් රථ ධාවනය කළ හැකි ධාවන පථයක්. මේ ධාවන පථය නිර්මාණය කිරීමේ කටයුත්තට මේ වෙනකොට විදෙස් සමාගම් විශාල ප්‍රමාණයක් මැදිහත් වෙලා තියෙනවා. මූලිකත්වය අරගෙන තියෙන්නේ සුපුරුදු පරිදි රාජපක්ෂ පවුලේම කෙනෙක්. ඒ, නාමල් රාජපක්ෂ මහත්තයා. නාමල් රාජපක්ෂ මහත්තයලා රට වටාම මෝටර් රථ රේස් පැදීම සම්බන්ධව විවිධ චෝදනා ලබමින් ඉන්න පිරිසක්. ඔවුන්ගේ සමහර ධාවන පථ නිසා මාර්ගවල ගමනාගමනය නතර වූ බව, ඒ වගේම රට වහලා ඔවුන් රේස් පැද්ද බව, ඒ වගේම දළදා මාලිගාව ඉදිරියේ රේස් පදින්න සූදානම් වූ බව ඇතුළු පදනමක් ඇති සහ නැති බොහෝ චෝදනා ඔවුන් සම්බන්ධව තියෙනවා. නමුත් මේ සියල්ල පරයමින් හෙට දවසේදී හම්බන්තොටට ෆෝමියුලා වන් වර්ගයේ මෝටර් රථ ධාවන පථයක් ලැබීමට නියමිතයි.

මේ ධාවන පථය ප්‍රයෝජනවත්ද නැද්ද කියන එක ගැන අපට තේරෙන්නේ නෑ. පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය වටේ ඉදිවෙන්න යන ජොගින් පාත් එක සම්බන්ධව බොහෝ තර්ක විතර්ක ඇති වෙනවා වගේම මේ සම්බන්ධවත් ඇතිවේවි. රටක් සංවර්ධනය විය යුත්තේ ගොඩනැගිලිවලින් පමණක් නොවෙයි කියන එක අපිත් විශ්වාස කරනවා. නමුත් ජාත්‍යන්තර වශයෙන් වැදගත් සහ ජාත්‍යන්තර වශයෙන් මුල්‍යමය විදියට ලාභ ලැබෙන සමහර දේවල් ඉදිවිය යුතුයි කියලත් අපි දන්නවා. හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අද වෙනකොට ඉදිවෙලා ඉවරයි. නමුත් එහි විශාලත්වය, ඒ වගේම සුළඟේ බලපෑම, ප්‍රධාන හෝටල් ඒ ආශ්‍රිතව නොතිබීම වැනි බොහෝ කරුණු නිසා මේ ක්‍රීඩාංගණය පවත්වාගෙන යෑමේදී යම් යම් ගැටලු ඇතිවෙලා තියෙන බවත්, ඒ සඳහා තියෙන ආකර්ෂණය අඩුවෙලා තියෙන බවත් අපි අසා තිබෙන කාරණා. ඒ විදියටම ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන පථය මේ විදියට ඉදිවීමෙන් ප්‍රයෝජනයක් ලැබේද නැද්ද කියන එක සම්බන්ධයෙන් සමහර විට ප්‍රශ්න කෙරෙනවා. කොහොම නමුත් දැවැන්ත ධාවන රැලි පැවැත්විය හැකි ඉදිකිරීමක් සිදුවුණාම සමහර විට ඒ හරහා විශාල විදේශ විනිමයක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. එහි පැවැත්වෙන විදේශීය සහ ශ්‍රී ලාංකික ධාවන තරග නිසා ඒ සඳහා විශාල ඉල්ලුමක් වගේම විශාල ආකර්ෂණයක් ලැබිලා අපේ සංචාරක කර්මාන්තය ඒ හරහා දියුණු කරන්නත් අවශ්‍ය නම් පුළුවන් වේවි.

කොහොම නමුත් මිනිසුන් බඩගින්නේ ඉන්නකොට, ඔවුන්ට ජීවත් වෙන්න විදියක් නැතිව ඉන්කොට එයාලා රේස් පදිනවා කියන සාමාන්‍ය සරල තර්කයෙන් නාමල් රාජපක්ෂ මහත්තයලට බේරෙන්න බැරි වේවි කියලත් අපි විශ්වාස කරනවා. හැබැයි කෙසේ හෝ ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟියි’ කියන කතාවත් ඕනෑම කෙනකුට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ නිසා කොස් පොළොස්, හෙරලි බතල ටික විතරක් කාලා හිටපු අපේ මිනිසුන්ට බක්කි කරත්තෙන් ගමන් ගිහිල්ලා, පස්සෙන් පහු එහෙන් මෙහෙන් වාහනයක් දෙකක් අරගත්තත් අදත් ශ්‍රී ලංකාවෙ වැඩි දෙනා ගමන් බිමන් යන්නේ අනුන්ගේ ත්‍රිරෝද රථවලින්, අනාරක්ෂිත විදියට. එහෙම රටක ෆෝමියුලා වන් වර්ගයේ මෝටර් රථ ධාවන පථයක් හම්බන්තොටට ලැබෙන එක ගැන ඇත්තටම ඊර්ෂ්‍යාවකින් තොරව සතුටු වෙන්න ඕනේ. ප්‍රයෝජනය හරියට ගන්න පුළුවන් නම් මේවා ඉදිවීම වටිනවා. හැබැයි එය තව දුරටත් ප්‍රයෝජනයක් රහිත ඉදිකිරීමක් වුණොත් කාගේ හෝ සල්ලි විතරක් නාස්ති වෙලා නිකම් එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ හීන එළිවෙන එකෙන් අපට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ, ලෝකෙට වැඩකුත් නෑ. ඒ නිසා අපි බලා ඉඳිමු, මේ මෝටර් රථ ධාවන පථය ඉදිවෙනතුරු. ඉන් නිසි ප්‍රයෝජන ගන්නවද කියලා. අපටත් පුළුවන් දවසක යමු රේස් එකක් පදින්න. නැත්නම් රේස් එකක් බලන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කාබනික ලණුව ජනපතිට දුන්නේ පාදෙණිය සහ යාපාද? දයාසිරි කරපු චෝදනාවට පාදෙණියයි යාපායි දුන් උත්තරේ!

Next Post

මැච් එක පැරදුණාට පසු කෝලිගේ දියණියට දූෂණ තර්ජන! වහාම පරීක්ෂණ ඇරඹේ!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.