ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ස්කොට්ලන්ත පුවත්පතක සම්පූර්ණ පිටවුක් පළ කිරීමට එරට ජීවත් වන සිංහල ජනතාව පියවර ගෙන ඇත.
ඒ, ජනාධිපතිවරයාගේ ස්කොට්ලන්ත ගමනට එරෙහිව දෙමළ ඩයස්පෝරාව විසින් එරට ‘ද හෙරල්ඩ්’ පුවත්පතේ පළ කළ සම්පූර්ණ පිටුවක පළවූ දැන්වීමට ප්‍රතිචාර වශයෙනි.
මෙම දැන්වීම මගින් ජනාධිපතිවරයා විසින් ගෙවුණු කෙටි කාලය ඇතුළත සිදුකරන ලද සංවර්ධන කටයුතු සහ දෙමළ ජනතාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග විදහා දැක්වීමට පියවර ගෙන තිබේ.











