• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට ගහපු සුසිල්ගේ කතාව මාධ්‍යවලින් එළියට ආවෙ නැත්තේ ඇයි? සුසිල් ගල්ලෙන බින්ඳද – එහෙමත් නැත්නම් තට්ටුවක් විතරක් දැම්මද?

November 2, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මගේ කාලෙ නම් තෙල් ටැංකි දෙන්න හදපු එක නැවැත්තුවා! දැන් වෙන දේ දැන් ඉන්න අයගෙන් අහන්න! ඇමැති සුසිල්ගේ අමුතු කතාව! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ඇතැම් කටයුතු දැඩි විවේචනයට ලක් කරමින් උද්වේගකර කතාවක් කළේය. මෙම කතාවට මාධ්‍ය එතරම් ප්‍රචාරයක් ලබා දෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ හේතුවෙන් මෙවර මව්රට පුවත්පත ඔස්සේ ප්‍රේමජයන්ත මහතාගේ සම්පූර්ණ කතාව පළ කිරීමට අපි පියවර ගත්තෙමු. මේ පළවන්නේ එම කතාවය.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අපි මේ අවස්ථාවේදි විවාදයට භාජනය කරන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවේ ගරු සභාපති මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා විසින් සභාගත කරන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) පිළිබඳ ඒ කමිටුව විසින් කමිටුවේ නිර්දේශ මත සභාපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ වාර්තාව. දැන් මෙහිදී ඉතාම කෙටි ඉතිහාසයක් ගැන මෙහිදී සඳහන් කරනවා නම් මහපොළ භාරකාර අරමුදල පිහිටෙව්වේ මේ රටේ දේශපාලනඥයකුට එහා ගිය රාජ්‍යතාන්ත්‍රිකභාවයක් පෙන්වපු, ඔක්ස්ෆර්ඩ් විශ්වiාලයේ ඔක්ස්ෆර්ඩ් යුනියන් එකේ පවා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගෙන් පසු,

(ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ බාධාකිරීම්)

මම කතා කරන්නේ මේ වාර්තාවට අදාළ විවාදය ගැන. මේක වෙන වෙන පැතිවලට යන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 21ක් හිටපු මන්ත්‍රීවරයකු හැටියට මෙහිදී මං අහගෙන ඉන්නකොට සඳහන් කරපු මහබැංකු සිද්ධිය පිළිබඳ පළමුවැනි විශේෂ කෝප් කාරකසභාවේ 12 දෙනාගෙන් එක්කෙනෙක් මම. ඩිව් ගුණසේකර මැතිතුමා තමයි සභාපති. මම ඒ ගැන කියන්න යන්නෙ නෑ. ඒක මේකට අදාළ නොවන නිසා. එහෙම නම් ඊට කලින් හෙජින් ගනුදෙනුව පිළිබඳවත් කෝප් කමිටුවක් තිබුණා. ඒ කමිටුවෙත් මම හිටියා. හැබැයි මේ එකකින්වත් එතැනින් එහාට නීතිමය කටයුතු කිරීම සඳහා ඉස්සරහට ගියෙ නෑ. ඒ පළපුරුද්ද අපට තියෙනවා. ඒත් මම ඒ ගැන නෙවෙයි කතා කරන්නේ. මේ අද ගරු මහාචාර්ය චරිත හේරත් මැතිතුමා කෝප් කමිටුවෙ සභාපතිවරයා හැටියට කටයුතු කරද්දි මේ ස්ලිට් ආයතනය පිළිබඳ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 21ක් ඉන්නවනෙ අපේ කමිටුවෙ. කිසිදු භේදයකින් තොරව සභාපතිතුමනි අපි එක්තරා මතයකට ආවා. එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයේ සෑම පක්ෂයකම මන්ත්‍රීවරු ඒ නියෝජනය කළා. ඇයි ඒ? මෙහි තිබෙන්නා වූ වැදගත්කම. මේ වාර්තාව තමයි මේ ඉදිරිපත් කරලා තිබෙන මං හිතන්නේ කෝප් කමිටුවෙ සියලු සාමාජිකයන්ගෙ පොදු එකඟතාවක් තුළින් තමයි මේ වාර්තාව ගරු සභාවට ඉදිරිපත් කරන්නේ. මේ සභාවට මේ සභාව ඉදිරිපත් කිරීමේ සභාපතිතුමාගේ සටහනේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඇයි මේ කරන්නේ කියන කාරණය. ඒ තමයි මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) පිළිබඳ මේ විශේෂ වාර්තාව. මෙහිදී කියන්නේ මේ ආයතනය පසුගිය වසර කිහිපය තුළ ආරම්භයේ සිට ක්‍රමානුකූලව රාජ්‍ය භාරකාරීත්වයෙන් ඉවත් කිරීමේ ක්‍රියාදාමයක නියැළී සිටින බව මෙම ගරු සභාවට දැනුම්දීමට. පාර්ලිමේන්තුවට. එතකොට ඒකෙ ඉතාම පැහැදිලිව ඊළඟට කියනවා රාජ්‍ය මුල්‍යයට අයත් සම්පතක් රාජ්‍යයේ භාරකාරීත්වයෙන් ඉවත් කරමින් අනියම් ලෙසින් පෞද්ගලික හිමිකාරිත්වයක් වෙතට එම රාජ්‍ය සම්පත් පවරාදීමේ ක්‍රියාවලියක් ස්ලිට් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය සිදුකර ඇති බවයි. ඒක ආරම්භ කරන්නේ මෙහෙමයි. ඊට පස්සේ මේකෙ එක, දෙක, තුන මම එතැනට එනවා. මට තියෙන්නේ සීමිත කාලයෙදි. අවසානයේදි මම කියනවා ඊගාවට සභාපතිතුමාගේ වාර්තාවේ රාජ්‍ය සම්පතක් ලෙසින් ස්ලිට් ආයතනය සුරක්ෂිත කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමටත්ය.

මෙන්න මේකයි මේ වාර්තාවෙන් කරලා තියෙන්නේ. වාර්තාවෙ ආරම්භයෙ කියනවා ඇයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. සභාපතිතුමාගෙ සටහනේ අවසන් වශයෙන් කරුණු 8ක් දක්වලා අවසානයේ කියනවා මේ සභාවට අපි මේ නිර්දේශ ඉදිරිපත් කරනවා, මේ සභාවට තමයි අවසන් වශයෙන් තීන්දුවක් ගන්න වෙන්නේ. මගේ තිබෙන ව්‍යවස්ථාදායකයේ අත්දැකීම් අනුව, නීතිඥයකු හැටියට මට තිබෙන දැනුමත් එක්ක මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි අපට සිදුවේවි පනතක් ගේන්න මේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුවට අපි ඇවිල්ලා ඉන්නේ නීති සම්පාදනය කරන්න. හැබැයි නීති සම්පාදනය වෙන තැනක කරලා මෙතෙන්ට ගෙනැල්ලා අපේ අත උස්සවන්න හදලා හරියන්නේ නෑ. අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ ආයතනයට ඇවිල්ලා නෑ. එහෙම අය ඉන්න පුළුවන්. මම නීති උපාධිය කළේ 1982 ශ්‍රේෂ්ඨාධිකරණයට එන්රෝල් වුණේ 1985දී. දැන් අවුරුදු 36ක්. පළමුවැනි අවුරුදු 10ම මහාධිකරණයේ නඩු කතා කළේ. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා. සමහරු ඒවා දන්නෙ නෑ. සමහරු හිතාගෙන ඉන්නේ අපි මේ මොන්ටිසෝරි ගිහිල්ලා ඇවිල්ලා කියලා. කොහෙවත් හදනවා නීති. මෙතෙනට ගේනවා. කන්සල්ටින් කමිටි එකට ගේනවා. මෙතනට ඇවිල්ලා අපි අත උස්සන්න ඕනෙ. ජනතාව අපිව පත්කරලා තියෙන්නේ සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වාර්තාවත් එක්ක මම කියනවා. ඒ කාර්යභාරය තමයි අපි ඉටුකරලා තියෙන්නේ.

මට මතකයි පසුගිය පාලන කාලේ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ක්‍රියාදාමයකට ගියා. මොකක්ද ක්‍රියාදාමය? පාර්ලිමේන්තුවෙ යෝජනාවක් සම්මත කරලා, තේරීම් කාරකසභාවක් පත් කරලා, අනු කමිටු හයක් හදලා, ඒ අනුකමිටු හයට තමයි තාක්ෂණ සහාය දුන්නේ නීති විශාරදයන්. නැත්නම් මේක ව්‍යවස්ථාදායකයද? අපි මොකටද මෙතැන ඉන්නේ? 1972 පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව හදනකොට එදා තුනෙන් දෙකක් තිබුණු සමගි පෙරමුණු ආණ්ඩුව කොල්වින් ආර්. ඩි සිල්වා මැතිතුමා තමයි ව්‍යවස්ථා සම්පාදක ඇමැති. ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙපැත්තෙම ඉඳලා පාර්ලිමේන්තුවට පිටින් ගිහිල්ලා 29 වගන්තිය මඟහරින්න අවශ්‍ය නිසා නීති තර්ක තුළ එළියට ගිහිල්ලා නව රඟහලේ තමයි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ. කවුද හැදුවේ? පාර්ලිමේන්තුවේ තේරීම් කාරකසභාව. එදා කතානායක ස්ටැන්ලි තිලකරත්න තමයි ඒක අස්සන් කළේ. එතුමා තමයි සභාපති. මම සතුටු වෙනවා එතුමාගෙ ගෝලයෙක් මම. මට අකුරු ඉගැන්නුවෙ එතුමා. මම ක්‍රිමනල් ලෝවල ජූනියර් කෙනෙක් හැටියට කොළඹ මහාධිකරණයට යනවා මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා. අන්න එදා පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය මේ ඉන්නවා වාසුදේව නානායක්කාර මැතිතුමා. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. එතුමාට මතක ඇති 1972 ව්‍යවස්ථාව හැදුවෙ කොහොමද කියලා. අද සමහරු දන්නෙ නෑ ව්‍යවස්ථා හදන්නේ කොහොමද කියලා. ඒ නිසා මම පැහැදිලිව කියනවා මේකෙ වගකීම තියෙන්නේ මේ සභාවට. ඒක නිසා තමයි සභාපතිතුමා මේක ඉදිරිපත් කළේ. ඇතුලත්මුදලි මැතිතුමා අධිනීතිඥයෙක්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිiාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටියේ බණ්ඩාරනායක මැතිතුමාට පස්සේ. ඒකෙ හිටියා කදිරගාමර් මැතිතුමා ඊට කලින්. එතුමා තමයි මහපොළ භාරකාර අරමුදල පිහිටෙව්වේ. ඒක යටතෙ තමයි මේක ආරම්භ වුණේ. එදා ඒක හදලා ඒ මහපොළ අරමුදලෙන් මිලියන 500ක් දීලා අක්කර 25ක ඉඩමක් දීලා, කිංග්ස්ලි වික්‍රමරත්න මැතිතුමා එදා සද්භාවයෙන් මේක ආරම්භ කළේ රජයේ ආයතනයක් හැටියට ගිහිල්ලා යම් ලාභයක් ලැබුවොත් ඒක නැවත මහපොල භාරකාර අරමුදලට බැර කරලා දහස් ගණනක් විශ්වවිiාල සිසුන්ට උසස් අධ්‍යාපනය කරගෙන යෑමට අවශ්‍ය පහසුකම සලසා දෙන්න. අපි සතුටු වෙනවා ස්ලිට් ආයතනය ඉතා හොඳ මට්ටමක තියෙනවා. මේකෙම තියෙනවා විශ්වවිiාල මට්ටමේ තියෙන්න ඕනේ. අන්තර්කාලීන වැඩපිළිවෙළක් කළා මොරටු විශ්වවිද්‍යාලයට භාරදීලා නැවත පනතකින් මේක හදනතුරු. දැන් මොකද වුණේ ?

ඊට පස්සේ ගැරන්ටි කම්පැනියක් හදලා මේ යන්න පටන් ගත්තා. දැන් එක කෝස් එකකට රුපියල් ලක්ෂ 10යි 15යි එෆිලේට් කරලා තියෙනවා කර්ඩ්න් යුනිවසිටි එකට, උප්සලා යුනිවර්සිටි එකට. කොහෙද උප්සලා යුනිවර්සිටි එක තියෙන්නේ? ස්වීඩන්වල. මම ගිහිල්ලා තියෙනවා. ලෝකෙ පැරැණිතම විශ්වවිiාලයක්. 13 වැනි සියවසේ ආරම්භ කරපු. හොඳයි. ප්‍රශ්නෙ තියෙන්නේ මේ ආයතනය රජයේ භාරකාරත්වයෙන් එළියට යන්නේ ඇයි? යෑමේ උත්සාහයන් දෙකක් මේ වාර්තාවෙන් කියලා තියෙනවා. දැන් ඔඩිට් ජෙනරාල්ට ඔඩිට් කරන්න බෑ. මේකනෙ ප්‍රශ්නෙ. එතකොට පාර්ලිමේන්තුවෙ කෝ? මුල්‍ය පාලනය? 148 වගන්තිය. 150. ඉතින් මෙවායින් බැහැර යනවනෙ. මේවා පූර්වාදර්ශයක් වෙන්න පුළුවන් නේ? පූර්වාදර්ශයක් වෙන්න ගියා තවත් ආයතනයකට. මම මේ වෙලාව නම කියන්නේ නෑ. හැබැයි මම හිතන්නේ රජයේ ඉහළ බලධාරීන් විසින් ඒක වෙනස් කළා. නැත්නම් ඒකටත් වෙන්නෙ ඕක. මේ ආයතනය හොඳයි. මේ ආයතනය පවත්වාගෙන යන එක හොඳයි. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ රජයේ භාරකාරීත්වය තුළ මේක පවත්වාගෙන යන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රතිලාභීන් ගණනකට මේක නිර්මාණය කරන්න පුළුවන්. මහපොළ අරමුදලට මෙහෙ එන යම්කිසි ආදායමක් තියෙනවා නම් වැඩිපුර ඒ ආදායම බැර කරලා තවත් සිසුන් දහස් ගණනකට මේ අවස්ථාව දෙන්න පුළුවන්. ඒ සඳහා තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ.

SendShareShare
Previous Post

අත්අඩංගුවට ගැනීමේ බියක්! සිරිල් ගාමිණී පියතුමා උසාවි යයි!

Next Post

කරන්නාගොඩ නිදහස් කර ඇත්තේ රහස් වාර්තාවක් පදනම් කරගෙන! රහස් වාර්තාව වහාම උසාවියට ඉදිරිපත් කරන්න නියෝග!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.