• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන අරමුණු වෙනුවෙන් දවස් 2ක් රටම කළුවර කරන එක සාධාරණද? ජොන්ස්ටන් උත්තර දෙන්න සූදානමින්! (PHOTOS)

October 31, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
දේශපාලන අරමුණු වෙනුවෙන් දවස් 2ක් රටම කළුවර කරන එක සාධාරණද? ජොන්ස්ටන් උත්තර දෙන්න සූදානමින්! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

“රටේ ජනතාව දින දෙකක් අඳුරේ තබනවා නම් ඒක කොච්චර අසාධාරණ තීරණයක්ද යනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.

නොවැම්බර් මසදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය පෑලියගොඩ නව කැළණි පාලම අවසන් අදියරේ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නියැලුණු අතර එහිදී මාධ්‍යවේදීන් විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

නව කැළණි පාලම කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරීමට ඉවහල් වන බැවින් කුළුණු මත ඉදිකර ඇති පාලම් කොටසේ භූමිය අලංකරණය කිරීම සඳහා සිටුවා තිබෙන දේශීය උද්‍යාන අලංකරණ ශාක කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

මෙම නව කැළණි පාලම සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් කරන්නේ කවදාද යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

නොවැම්බර් මාසයේදී මෙම කැලණි පාලමේ වැඩ අවසන් කර ජනතාව වෙත විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම උසාවියේදි වුණු එකඟතාවය මත නොවැම්බර් මස 15 දින වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩ අවසන් කර එම කොටසත් ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා .

ආණ්ඩුවට සහය දෙන සුළුපක්ෂ වෙනම සාකච්ඡා මේසයකට යෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

අපි අවස්ථා ගණනාවක දැක්කා විවිධ පක්ෂ වෙන වෙනම සාකච්ඡා කරනවා . ඔවුන්ට අයිතියක් තිබෙනවා සාකච්ඡා පවත්වන්න. සුළු පක්ෂවල මේ හමුවීම් අපිට ගැටලුවක් නොවෙයි. රජයක් හැටියටත් මාස දෙකකට වරක් අපි සියලු දෙනාම එකතුවෙලා සාකච්ඡා පවත්වනවා.

කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් වෘත්තීය සමිති දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නියලෙනවා කියා යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

වෘත්තීය සමිති ගන්න සෑම තීන්දුවක්ම අපිට හරි කියලා කියන්න බැහැ. වෘත්තීය සමිති දේශපාලන පක්ෂවල නියෝජනයක්. පසුගිය කාලේ වරායේ වෘත්තිය සමිති නැගෙනහිර ජැටියට විරුද්ධ වුණා. ඒකෙන් ලැබුණු ප්‍රතිඵලය තමයි සටන් කරලා නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකාව සන්තකයේ තියාගෙන ඊට වඩා හොඳ, ප්‍රමාණයෙන් විශාල බටහිර ජැටිය ලබාදුන්නු එක. වෘත්තිය සමිති දේශපාලන කෝණයෙන් බැහැරව මේ රටට විපතක් වනවානම් ඒ ගැන සොයා බැලිය යුතුයි. විදුලි ඒකකයක මිල අඩු වෙනවා නම් ඇයි වෘත්තීය සමිති ඒකට විරුද්ධ වන්නේ. ආණ්ඩුව අඩු මිලට විදුලිය ලබා ලබාගැනීමට කටයුතු කරනවා නම් ඒක දූෂණයක් වෙන්නේ නැහැ. වෘත්තීය සමිති වැඩි මිල සම්බන්ධයෙන් පෙනී සිටිනවා නම් එතැන වෙනම දේශපාලන අරමුණක් තිබෙනවා. මේ රටේ ජනතාව දින දෙකක් අඳුරේ තැබීමට වෘත්තීය සමිති සූදානම් වෙනවා නම් ඒක මොනතරම් අසාධාරණ තීරණයක්ද?. ඒ ගැන මේ රටේ බුද්ධිමත් ජනතාව කල්පනාකාරීව බැලිය යුතුයි. රජය මේ අවස්ථාවේ විදුලි මිල අඩු කර ගැනීමට කටයුතු සැලසුම් කරන එක ජනතාව ලබන ජයග්‍රහණයක්. ‍

ගොවිජනතාව මුහුණ පා සිටින පොහොර ප්‍රශ්ණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ වන විට 95%කට වැඩි පිරිසක් වගා කටයතු වල නියැලිලා අවසන් .. කුරුණෑගල ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික දිස්ත්‍රික්ක කිහිපයක ගොවිතැන් කටයුතු ද මේ වන විට ආරම්භ කර අවසන්. මේ වන විට ගොවිතැන් කටයුතු ආරම්භ නොකල දිස්ත්‍රික්කවල ගොවීන් පිටිපස්සේ කවුරුන්ද ඉන්නේ කියන එක රටට හෙළිදරව් කළ යුතුයි. තව නොබෝ දිනකින් පොහොර ප්‍රශ්නයට ස්ථිරසාර පිළිතුරු ලැබෙනවා. පොහොර ප්‍රශ්නය පිටුපස සිට උද්ඝෝෂණයන් මෙහෙය වන අය කවුරු ද යන්න මාධ්‍ය විසින් ජනතාවට හෙළි කළ යුතුයි. ගොවීන්ට වන පාඩුව රජය විසින් දරාගෙන ඒ වෙනුවෙන් වන්දි ලබා දෙනවා නම් උද්ඝෝෂණය කරලා පලක් නැහැ. මේ උද්ඝෝෂණ රැල්ල පිටිපස්සේ තිබෙන්නේ වෙනත් දේශපාලන යටි අරමුණක්. දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්ව සල්ලි දීලා උද්ඝෝෂණ වලට උසිගන්වනවා. මේ විරෝධතා පිටිපස්සේ වෙනත් හස්තයක් තිබෙනවා. විරෝධතා කරන්න සීමාවක් තිබෙනවා. දැන් කවුරු හෝ ලබා දෙන මුදල් වලට තමයි උද්ඝෝෂණ කරන්නේ .

ආනයනය කල නයිට්‍රජන් පොහොර සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

අලුතින් දේකට හුරු කරවන්න ගියාම මෙවැනි ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්. මේවා කඩාකප්පල් කරන්න බලාගෙන ඉන්න පිරිසක් සිටිනවා.ඔවුන් මේ සම්බන්ධයෙන් නොයකුත් දේවල් කියනවා. අපි මේකේ සාර්ථක අසාර්ථක තත්වය බලමු. රජයක් හැටියට මේක සාර්ථක වෙනවා යැයි අපි කියනවා. අපි මේකට රජයක් විදිහට සාර්ථකව මුහුණ දෙනවා. කොවිඩ් වසංගතය සහ පොහොර ප්‍රශ්නය ඡන්දය වලට හරවා ගන්න එපා කියලා විපක්ෂයට කියනවා. ප්‍රේමදාස මහත්තයා ඡන්ද දෙකක් පරාදයි. දිසානායක මහත්තයාගේ පාර්ලිමේන්තුවේ හය තුනට බැස්සෙත් ඡන්ද වලින්. අහිංසක මිනිස්සුන්ව හිර කරන්න එපා කියලා මම විපක්ෂට කියනවා.

ජ.වි.ප යේ මන්ත්‍රීවරු පොලවේ පස් ලංකාවට අයිති නැහැ කියා පවසනවා යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

ජ.වි.ප යට මේ පොලවේ පස් තියා කිසිම දෙයක අයිතියක් නැහැ. ඒගොල්ලො කැට හොල්ලලා හොයාගෙන ගිණුම්වල තැන්පත් කර ගෙන තිබෙන රුපියල් බිලියන6 – 7 ගැන විතරයි ඒ අයට අයිතිය තිබෙන්නේ. ඒ අයගේ ගිණුමේ තිබෙන මුදල් විතරයි ලංකාවට අයිති අනිත් රටේ සෑම දෙයක්ම පිටරටට විකුණලා කියන මතය තමයි ඔවුන්ඉදිරිපත් කරන්න හදන්නේ. රටේ සම්පත් විකුණනවා කියන බොරුව සමාජ ගත කරන්නන තමයි ඒ අය උත්සහ කරන්නේ. 71 දී සහ 89 දී මේ රටට කළ විනාශයට ජ.වි.ප.ය වගකිව යුතුයි. එල්.ටී.ටී.ඊ ය සහ ජ.වි.ප.ය මෙරටට කළ විනාශය නිසයි මේ රට ඉදිරියට නොගියේ. මේ අභියෝග සියල්ල ජයගෙන අපි අපේ රට ඉදිරියට ගෙන යනවා.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යපෘති අධ්‍යක්ෂිකා දර්ශිකා ජයසේකර ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

පොලිස්පති බස්නාහිර විතරක් කුඩු-ගංජා ගහන පොලිස්කාරයන් 37කගේ නම් ලයිස්තුවක් හදලා!

Next Post

හරීන් ගම්පහට එයි! හෙට සජිත් එක්ක ප්‍රධාන කාර්යාලය විවෘත කරයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.