ආණ්ඩුව දූෂිත බවට චෝදනා එල්ල කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අභියෝග කරයි.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, “ගම්මන්පිල ඇමතිතුමා කිව්වා දූෂිත ආණ්ඩුවක් කියලා. ඒ තරම් දූෂිත රජයක් නම් මේක ඇයි එතුමා ඒක තුළ ඉන්නේ.”
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, “පක්ෂ රැස්වීමෙදී එකක් කියලා එළියට ගිහින් තව එකක් කියනකොට ඒක අපිට ඉවසන් ඉන්න බැරි වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. බල්ලා තමයි නැට්ට වනන්නේ. නැට්ටෙන් බල්ලෙක් වනලා නෑ නේ කොහෙවත්. ගැලපෙන්නැත් නම් දික්කසාද වෙන්න ඕනේ.”










