අද සවස අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව ඇත්තේ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැරලිකාර පිල සමග පමණක් පවත්වන සාකච්ජාවක් නොව ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් බවට නිවැරදි කිරීමක් අප වෙත එවා ඇත.
ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් මෙම සාකච්ජාවට එක්වීමට නියමිත බව වාර්තා වේ.
මෙහිදී යුගදනවි ගිවිසුම පිළිබද සාකච්ජාවක් සිදුවනු ඇති බවද දැනගන්නට තිබේ.
මෙම රැස්වීම අද සවස 5ට පැවැත්වේ.










