සුදුස්සකු සොයා ගන්නා තුරු තවත් මාසයක් තනතුරේ රැඳී සිටින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ආචාර්ය ගුණසේන මහතා විශ්‍රාම ගැනීම ගැන තම අදහස ලිඛිතව කලින් දැනුම් දී තිබුණි.
ආරංචි මාර්ග වලට අනුව සභාපති ධුරයෙන් ඉවත් වීමට ජනාධිපතිවරයාද එකගතාව පළ කොට තිබේ.
කෙසේ වෙතත්, එම තනතුරට සුදුසු ආදේශකයක් සොයා ගන්නා තුරු තවත් මාසයක් රැඳී සිටින ලෙස ආචාර්ය ගුණසේන මහතාට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.
ජනාධිපති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමටද ගුණසේන මහතා සහභාගී වී ඇත.










