මේ දිනවල පැවැත්වෙන ලෝකකුසලාන විස්සයි විස්ස තරගාවලියේදී ලංකා කණ්ඩායමේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන මහේල ජයවර්ධන අද තරගයෙන් පසු ලංකාව බලා පැමීණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒ දින 138ක් පුරා ජෛව බුබුලක් යටතේ සිට මතුව ඇති වෙහෙස දුරු කර ගැනීමට සහ සිය දියණිය දැන බලා ගැනීමේ වුවමනව හේතුවෙන් මත වාර්තා වේ.
ඉන්දීය අයිපීඑල් තරගාවලියේ සිටම මේ දක්වා මහේල සිටින්නේ ජෛව බුබුලකට යටත්වය.
ඒ අනුව අද තරගයෙන් පසු මහේල ලංකාවට පැමිණියද ඉදිරි තරගවලදී තාක්ෂණය ඔස්සේ ලංකා කණ්ඩායමට උපදෙස් ලබා දීමට මහේල සැලසුම් කර ඇති බවද වාර්තා වේ.










