• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොඳ නරක එකට පැටලුණු අමුතු විප්ලවය…

October 25, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
හොඳ නරක එකට පැටලුණු අමුතු විප්ලවය…
Share on WhatsAppShare on Facebook

බ්‍රිතාන්‍යය ප්‍රමාණවත් අධිරාජ්‍යයක්ද ඇතිව කාර්මික විප්ලවය නිසා ප්‍රබල රටක් බවට පෙරළිණි. කාර්මික විප්ලවය යුරෝපයේ රටවල් කෙරේ පැතිරෙත්ම ඒ ඒ රාජ්‍යයෝ යටත් පාලිත සෙවීමද තවද ප්‍රබලව ගෙන ගියහ. ප්‍රංශය තමනට තිබූ අප්‍රිකාවේ හා ඈත පෙරදිග රාජ්‍ය මගින් තරවීමට තැත් කළ අතර මෙම තරගයට අන්තිමට ඉදිරිපත් වූ ජර්මනියට හා ඉතාලියට අප්‍රිකාවේ ප්‍රදේශ කිහිපයක් පමණක් ලැබිණි. ජපානයද මැංචූරියාව හා කොරියාව තමන්ට යටතට ගත් අතර ඕලන්දය තම පැරැණි අධිරාජ්‍යය පවත්වාගෙන ගියේය. රුසියාවට නම් ජපානය හා යුද්ධය ඇවිළී පැරැදුණු හෙයින් ලැබුණේ ආසියාතික රුසියාව පමණය. ඇමෙරිකාවටද ටෙක්සාස්, කැලිෆෝනියා, හොනලුලු හා පිලිපීන වැනි යටත් ප්‍රදේශ ලබාගත හැකි විය. ඉන්දියාව අප්‍රිකාවේ වැඩි කොටස, ලංකාව, බුරුමය, මලයාව, ඕස්ටේ්‍රලියාව, කැනඩාව හා දූපත් වූ කුඩා රාජ්‍ය රැසක් පාලනය කළ බි්‍රතාන්‍යය සියල්ලට වඩා ප්‍රබල විය. ලොවෙහි ප්‍රධාන නාවික බලයද විය. මේ රටවල වූ වැඩිපුර ජනගහනයද මේ අලුත් පාලිතවලට යවන ලදී.

අධිරාජ්‍යවාදය හා කාර්මික විප්ලවයේ අනුඵල

කාර්මික විප්ලවය රටවල වැඩෙත්ම නිපදවූ බඩු විකිණීමට ඔවුනට වෙළෙඳාම්පළවල් අවශ්‍ය වූ අතර, මහන්සි නොවී තමන් රිසි මිලට ඒ සඳහා අමුද්‍රව්‍ය සපයාගැනීමේ ගබඩා වශයෙන්ද යටත් විජිත අවශ්‍ය විය. ලෝක යුද්ධයකදීද ඇතැම් මුහුදු ආදිය රැකීම සඳහා මේ සමහරක් ප්‍රයෝජනවත් විය. තවද අධිරාජ්‍යයේ විශාලකම අනුව රාජ්‍යයේ තත්ත්වය හා ලොකුකමද වැඩෙන බව විශ්වාස කරන ලදී. මේ අතරතුර වෙළෙඳ තරගය නිසා එක් රටක් අනෙකට ඊර්ෂ්‍යා කරමින් බලවත් වීමේ තරගයක්ද අලුත් කාර්මික විප්ලවය නිසා ඇතිවිය. යුද්ධෝපකරණ හා නැව් හමුදාවල විශාලකම අතින් ලෝකයේ ප්‍රබලයන් වීමට ඇතැම් රාජ්‍ය සිතූහ. ඒ නිසා අන්‍යොන්‍ය අවිශ්වාසය ඇතිවී ලොකු රටවල් එකිනෙකට විරුද්ධ වූ කණ්ඩායම්වලට බෙදෙන්නට විය. පසු කලෙක ලෝක යුද්ධ දෙකකට තුඩුදුන්නේද මේ තත්ත්වයමය.

මුදල් සුලබ වීමෙන් ආර්ථික තත්ත්වය දියුණු විය. ඒ හේතුවෙන් රට වැසියාගේ ජීවන තත්ත්වය දියුණු අඩියට පැමිණියේය. සමාජ සේවාවන් දියුණු කිරීමට වුවමනා මුදල් පහසුවෙන් සොයාගත හැකි වී මහජනයාගේ දැනීම දියුණු කරගැනීමට හේතු භූත වූ පුස්තකාලය, කෞතුකාගාරය ආදිය තැනීම පිණිස රජයනට මුදල් වෙන් කිරීමට හැකි විය. අධ්‍යාපනයද මංමාවත්හි දියුණුවද ඇතිවීමෙන් නගර ගම් අතර මනා සම්බන්ධය ඇතිවිය. ගම් තුළම වූ විවාහ මඟුල් නැතිවී බොහෝ දුරුකතරින් වුවද ස්ත්‍රී පුරුෂයනට විවාහ බැඳුමෙන් සම්බන්ධ වීමටද හැකි විය. හිතවතුන් හා පහසුවෙන් හා ඉක්මනින්ද ඇසුරු කිරීම, කාර්ය සංවිධානයෙහි ඉක්මන් බව, වන්දනා ගමන්, විනෝද ගමන් යෑම්, ඇඳුම් පැලඳුම් හා ගෙවල් පරිහරණය, ආහාර පාන හා ඇඳුම් ආයිත්තම් උපකරණද සුලබ වීම ආදී නොයෙක් පහසුකම්ද කාර්මික විප්ලවය නිසා ඇතිවූයේය.

කාර්මික විප්ලවයෙන් ඉෂ්ට විපාක ඇතිවූවා සේම අනිෂ්ට විපාකද ඇතිවිය. ඔබ දන්නා පරිදි වාෂ්ප බල යන්ත්‍රය නිපදවීමෙන් පසු ගල් අඟුරු ආකර අසල කර්මාන්ත ශාලා ගොඩනැගුණේය. ඒ හේතුවෙන් බොහෝ කලක් නිසරු බිම් හා පාළු පෙදෙස්ද කිහිප දිනක් ගතවූ පසු සශ්‍රීක නගර බවට පෙරැළිණි. ගම්වාසීහු නාගරික කර්මාන්ත ශාලාවල වැඩකිරීමට ආ හෙයින් ගම් පාළු විය. මැන්චස්ටර් හා බර්මිංහැම් වැනි කාර්මික නගරයන්හි ජනගහනය අධික විය. ඒ නගරවල මුඩුක්කු වැඩී ගියේය. එහෙත් කර්මාන්ත ශාලා සේවකයන්ට ලැබුණු වැටුප් ප්‍රමාණවත් නොවූයෙන් ඔවුහු දුෂ්කර ජීවිතයකට මුහුණදුන්හ. කම්කරුවන්ට අලුයම සිට රෑ වන තුරු සෞඛ්‍යයනට බාධාකර තැන්වල වැඩකිරීමට සිදුවිය. බාල දරුවන්ගෙන්ද වැඩ මෙසේ වැඩ ගන්නා ලදී. කර්මාන්ත ශාලාධිපතීහු තම ලාභයම බලාපොරොත්තු වීම නිසා ඔවුහු පොහොසත් වූහ. කර්මාන්ත ශාලා සේවකයෝ දිනෙන් දිනම දිළිඳු බවට පත්වූහ. මේ හේතුන් නිසා එක් පසෙකින් මහා ධනවතුන්ද ඇතිවූ අතර අනෙක් පසින් මහත් දිළිඳු ජනකායක්ද ඇතිවූහ. ජනගහනයද රටෙහි ශීඝ්‍රයෙන් වැඩිවිය. 1450 වසරේදී ලක්ෂ 65ක් සිටි එංගලන්තයේ 1850 වන විට ලක්ෂ 178ක් පමණ විය. මේ නිසාද මුඩුක්කු වැඩිවිය.
කර්මාන්ත ශාලා සේවකයෝ තමන්ගේ දෛනික වැටුපෙන් දිවි ගෙවන්නට අපොහොසත් වූහ. ඒ නිසා ඔවුහු කර්මාන්ත ශාලා අවට මුඩුක්කු ජීවිත ගත කළහ. මුඩුක්කු ජීවිතය වැනි දුක්ඛිත තත්ත්වයකින් දිවිය ගෙවූවනට ශිෂ්ට සමාජයේ සාමාජිකයන් ලෙස කල් ගතකිරීම අපහසු විය. තාවකාලික විනෝදය පතා ඔවුහු මත්වතුරෙහි ලොල් වූහ. නොයෙක් දුෂ්චරිතයන්ට ඇබ්බැහි වුණු ඔවුන්ගෙන් යැපුණු දූ දරුවනට ඔවුහු නපුරු අදර්ශයක් දුන්හ.

අඩු වැටුප් ගෙවා වැඩගත හැකි නිසා කර්මාන්ත ශාලා හිමිකරුවෝ ස්ත්‍රීන්ගෙන් හා දරුවන්ගෙන්ද වැඩගත්හ. මොහු දිනපතා පැය පහළොවක් පමණ වැඩෙහි යෙදුණහ. එකල කම්කරු වැටුප් හා කම්කරුවන් වැඩෙහි යෙදිය යුතු කාලයද රජයෙන් සීමා කොට නොතිබිණි. 1819 පළමුවරට පැය 12, 1/2ට වඩා දරුවන් වැඩෙහි යෙදීමද ඔවුන්ගේ වයස අවුරුදු 9ට වැඩි විය යුතු බවටද නියම විය. මේ පළමු කම්කරු පනත විය.

යම් හෙයකින් කර්මාන්ත ශාලාවෙහි නිපදවුණු බඩු අලෙවි නොවීමෙන් කම්හල් හිමියනට පාඩුවක් වීද එකල කම්හල් හිමියෝ කිසිදු අනුකම්පාවක් නොමැතිව කම්කරුවන් නෙරපා දැමූ බව පෙර සඳහන් විය. පිරිමින් නෙරපුණු කල අඩු පඩියට ඉතිරි වූ භාර්යාවන් හා කුඩා දරුවන් විසින් පිරිමින්ද රැකිය යුතු විය. නියම කල්හි සුදුසු අධ්‍යාපනයක් කුඩා දරුවන්ට නොලැබිණි. මේ හේතුවෙන් දාමරිකකම් වැඩිවී සමාජයෙහි ශිෂ්ටසම්පන්න බව පහත්ම තැනට වැටිණි. ජන සමාජයේ දියුණුව ඇනහිටියේය.

ඒකාබද්ධ වූ මුඩුක්කුවල විසූවනට නිතරම බෝවන වසංගත රෝග වැලඳුණු බව කීම පුදුමයක් නොවේ. එවැනි තැන්හි රෝග බෝවීම වැළැක්වීම අපහසු විය. මෙපමණක් නොවේ. කර්මාන්ත ශාලා පටන්ගන්නට පෙර ගෘහ කර්මාන්තය වශයෙන් කෙරුණු රෙදි විවීම් ආදිය නැවැතිණි. අතින් වියූ රෙදි ආදිය මිල අධික විය. ඒ නිසා ඒ අයට රක්ෂා නැති විය. කර්මාන්ත ශාලාවෙහි රෙදි ලාභ විය. ගෘහ කර්මාන්තයට කර්මාන්ත ශාලාව හා තරග කළ නොහැකි වූ හෙයින් එසේ වූ අතර ගෘහ කර්මාන්ත නැවැතිණි. තවද ගොවිතැන් ක්‍රමද අලුත් වූයෙන් කුඩා ගොවීන්ගේ බිම් කැබැලි මිලට ගෙන විශාල ගොවිපළ ඇති විය. ගොවි ද්‍රව්‍ය නිෂ්පාදනය මෙයින් වැඩි වූ අතර සුළු ගොවියාට තම ඉඩම් විකුණා කම්කරුවන් වශයෙන් නගරවලට යන්නට සිදුවිය. මෙසේ රටෙහි ආර්ථික පදනමද වෙනස් විය. එක් අතකින් රක්ෂා හිඟය මතුවන්නට විය.

මුළු ලෝකයම එකම පෙදෙසක් මෙන් සැලකෙමින් කර්මාන්ත ශාලාවල බඩු නිපදවන්නට විය. ලාභයට යම් රටක කිසියම් කර්මාන්තයක් කිරීමට හැකි වූයේ නම් ඒ කර්මාන්තයම කිරීමට අධික වියදමක් දැරිය යුතු රටවල එය නැවතිණි. මේ හේතුයෙන් එක් රටක අභ්‍යන්තරයෙහි වූ වියවුල් නිසා තවත් බොහෝ රටවලට බඩු නැතිව යන්නේය. ගෘහ කර්මාන්තයට සැලකිලි ලැබුණු කාලයකි. ගම්වල රටවල වූ ස්වෛරී තත්ත්වය පහව අන්‍යොන්‍යාධාරය බලාපොරොත්තු වීමට සිදුවිය.

මෙවැනි බොහොමයක් හොඳ හා නරක එකට බද්ධ වූ කාර්මික විප්ලවයෙන් පසු වර්තමානය තුළ දැකිය හැකි සියලු සංසිද්ධීන් බද්ධව ඇති බව අද වෙද්දී අවබෝධ කරගැනීම අපහසු නැත. අදද බොහෝ රටවල් එම හොඳ නරක සම සමව භුක්ති විඳිමින් හිඳිනු ඇස්පනාපිට පෙනෙන්නට ඇත්තේය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

උද්ඝෝෂණ අස්සේ හම්බන්තොට ගොවියො මාර දෙයක් සොයාගනී! ජන්දෙ දුන්නු අයටත් මාර පණිවුඩයක් දෙයි! (VIDEO)

Next Post

ඔබේ විවාහයට මොනවා වෙයිද?

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.