• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 12කට පසු නැගෙනහිර යළි වෙඩි හඬින් ගිගුම් දෙයි! ගුවනින් මුහුදෙන් හමුදාව එකවර ගොඩ බහී! ලෝකෙම හොල්ලපු ලංකාවේ අලුත්ම යුද්ධය!

October 21, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු 12කට පසු නැගෙනහිර යළි වෙඩි හඬින් ගිගුම් දෙයි! ගුවනින් මුහුදෙන් හමුදාව එකවර ගොඩ බහී! ලෝකෙම හොල්ලපු ලංකාවේ අලුත්ම යුද්ධය!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා යුද හමුදා මෙරට සිටින පුහුණුව ලත් විනයගරුකම ශ්‍රම බළකායයි. එය රටට දැවැන්ත ශක්තියකි. රටේ ඕනෑම හදිසි අවශ්‍යතාවකදී ඉදිරියට එන්නට ශ්‍රී ලංකා යුද හමුදාව දෙවරක් සිතන්නේ නැත. හදිසි ආපදා තත්ත්වයකදී හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී මෙන්ම කොරෝනා වෛරසයට එරෙහි වැඩසටහන්වලදී, එන්නත්කරණයේදී යුද හමුදාව පෙරට එන්නේ මනා පුහුණුව නිසාය. ඒ සියලු‍ කාර්යයන්වලදී ශ්‍රී ලංකා යුද හමුදාව සිය පුහුණුවේ විශිෂ්ටත්වය සෑම අවස්ථාවකදීම ඔප්පු කර පෙන්වා ඇත. එහි හොඳම උදාහරණය කොවිඩ් වෛරසය මෙරට පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයි.

විශේෂයෙන්ම සිය ප්‍රාථමික කාර්යය වන ජාතිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළේදී ශ්‍රී ලංකා යුද හමුදාව යුද්ධයක් නොමැති අවස්ථාවකදී වුවද ජාතිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් යාවත්කාලීන වන පුහුණුවක් ලැබිය යුතුව ඇත. එම පුහුණුව භුමියේ සංග්‍රාමික කාර්යයන්වලින් ඔබ්බට ගොස් සයිබර් ආරක්ෂණ කටයුතු දක්වා මේ වන විට පුළුල් වී ඇත.

මේ වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව දේශීය මෙන්ම විදේශීය පුහුණුවීම්ද රැසක් සංවිධාන කරනු ලබයි. ‘හර්මතාන්’ යුද අභ්‍යාසය, එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා මෙරටින් පිටත්ව යන භට පිරිස් වෙනුවෙන් සංවිධාන කරනු ලබන සුවිශේෂම පුහුණු අභ්‍යාසයකි.

මිත්‍ර රටවල් රැසක සහභාගිත්වයෙන් විශේෂ බළකා සහ කමාන්ඩෝ භට පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කරන ‘දියකාවා’ යුද අභ්‍යාසය මෙරට මේ වන විට ක්‍රියාත්මක කරන සුවිශේෂම මෙන්ම විශාලතම යුද අභ්‍යාසය වේ. එකොළොස් වැනි වතාවට මෙවර පැවැති ‘දියකාවා’ යුද අභ්‍යාසය මන්නාරම, විල්පත්තු, අරිප්පු, තුනුක්කායි, වව්නිකුලම්, නැදුන්කර්නි, චුන්ඩිකුලම්, නයාරු, තිරියාය, නිලාවේලි, තොප්පූර්, ඉලංකන්තෙයි, වාකරේ, තෝනිතට්ටුමඩු, නරකමුල්ල, කංචිකුඩිච්චිආරු, චෙන්කලඩි, දඹුල්ල, මොරගහකන්ද, මීමුරේ, කොළඹ සහ දික්ඕවිට යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙවර පැවැත්විණි. මෙවර ඊට ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින සහ ඕමානය යන රටවල සෙබළු සහභාගි වූහ. මෙහි සුවිශේෂම කාරණය වන්නේ යුද, ගුවන් සහ නාවික යන ත්‍රිවිධ හමුදාවම මෙම අභ්‍යාසයට එක්වීමයි.

මීට අමතරව පාකිස්තාන යුද හමුදා භට පිරිස් සහභාගිත්වයෙන් Shake Hands යුද අභ්‍යාසයද ක්‍රියාත්මකය. වාර්ෂිකව පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයද පසුගියදා පළමුවරට මෙරටදී පැවැත්විණි. දෙරට අතර ද්විපාර්ශ්වික හා මිත්‍ර සබඳතා වර්ධනය කරමින් පවත්වනු ලැබූ මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ආරම්භ කෙරිණි. උපායමාර්ගික යුද මෙහෙයුම්, අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ප්‍රතිවිප්ලවකාරී යුද උපක්‍රම, ත්‍රස්තවාදයට එරෙහි ඒකාබද්ධ යුදමය ප්‍රහාර, ආරක්‍ෂාව හා ලු‍හුබැඳීම, ත්‍රස්තවාදීන් සැඟවුණු ස්ථාන සොයා ප්‍රහාර එල්ල කිරීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීම, ත්‍රස්තවාදීන්ගේ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම, කැරලිකරුවන් පිළිබඳ ඔත්තු බැලීම, ප්‍රහාර සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම යනාදිය විෂය පථයන් ආවරණය කරමින් මෙම යුද අභ්‍යාසය පැවැත්විණි.
එමෙන්ම කලාපීය බලවත් රාජ්‍යයක් වන ඉදියානු භට පිරිස් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන 8 වැනි මිත්‍ර ශක්ති යුද පුහුණු අභ්‍යාසය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ 53 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත් වේ. 2012 වර්ෂයේ සිට පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය මෙවර පැවැත්වෙන්නේ අට වැනි වතාවටය. ‘මිත්‍ර ශක්ති‘ යුද පුහුණු අභ්‍යාසයට සහභාගි වීම සඳහා කර්නල් ප්‍රකාශ් කුමාර්ගේ :ක්‍දකදබැක ඡර්න්ිය ණමප්ර* ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු භට කණ්ඩායම ඔක්තෝබර් මස 2 වැනි දින දිවයිනට පැමිණියහ. මෙම අභ්‍යාසය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සමග අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්වනු ලබයි. පුරා සති දෙකක කාලයක් පැවැත්වෙන අභ්‍යාසය සඳහා ඉන්දීය යුද හමුදා භටයන් 120 දෙනකු සහ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් 120ක භට පිරිසක් සහභාගි වෙති.

මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අරමුණ වනුයේ යුද උපක්‍රම පිළිබඳ දෙරට අතර ඇති දැනුම හුවමාරු කරගැනීමයි. එහිදී පාබල අවි ආයුධ ඵලදායී ලෙස යොදාගැනීම, පාබල හමුදා තාක්‍ෂණය, ප්‍රති ත්‍රස්ත විරෝධී ක්‍රියාවන්, කුඩා කණ්ඩායම් මෙහෙයුම්, දිගුදුර මෙහෙයුම්, ත්‍රස්තවාදී සැඟවුණු බෝම්බ ප්‍රහාර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හා දෙරට අතර වැඩිදියුණු කරන ලද පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පුහුණු අභ්‍යාසයන් පැවැත්වේ. මෙවර මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා ඉන්දීය යුද හමුදාවේ මහාර් රෙජිමේන්තුවේ :ඵ්ය්ර ඍැටසපැබඑ* භට පිරිස් සහභාගි වෙති.

මෙවර අඛණ්ඩව අටවැනි වරට පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයේ හත්වැනි අදියර ඉන්දියාවේ පූනේහි පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී 2020 වර්ෂයේදී පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකා භට පිරිස් සමඟින් ඉන්දීය හමුදාවේ කුමාඕන් රෙජිමේන්තුවේ භට පිරිස් සහභාගි වූහ.

මෙවර පැවැත්වෙන මිත්‍ර ශක්ති යුද අභයාසයේ සුවිශේෂ කාරණය වන්නේ එහි අවසන් යුද අභ්‍යාසය නැරඹීම සඳහා ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහභාගි වීමයි. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද හමුදා ප්‍රධානී දිවයිනට පැමිණියේය. එම අවසන් යුද අභ්‍යාසය අම්පාර යුද හමුදා පුහුණු පාසලේ නගරබද සටන් පුහුණු ගම්මානය ආශ්‍රිතව පැවැත්වේ.

යුද අභ්‍යාසයක් තුළින් යුද හමුදාවකට ලැබෙන දැනුම අතිමහත්ය. විශේෂයෙන්ම කලාපීය බලවත් රාජ්‍යයන්ගේ යුද හමුදාවන් සමග සිදුකරන යුද අභ්‍යාසයන් තුළින් ඕනෑම හමුදාවකට සිය දැනුම යාවත්කාලීන කරගැනීමට හැකියාව ලැබේ. යුද හමුදාව මේ සියලු‍ ආකාරයේ පුහුණු තුළින් බලාපොරොත්තුවන්නේ ජාතියේ ආරක්ෂකයාගේ භූමිකාව සිය උපරිමයෙන්ම ඉටුකිරීමටයි. ඉන් රටට ලැබෙන්නේ සුළුපටු සේවයක් නොවේ. මන්ද ශ්‍රී ලංකා යුද හමුදාව ජාතියේ ආරක්ෂකයන් වශයෙන් රටට කිසිවකුටත් නොදෙවැනි සේවයක් ඉටුකරන නිසාය.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

ගෝඨා සභාවට ඇවිත්!

Next Post

පාසල් ඇරියත් දරුවොත් නෑ! ගුරුවරුත් නෑ! ස්ටාලින්ගෙන් අලුත් අභියෝගයක්! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.