ගෑස් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමග ආදාහනාගාර ගාස්තුද ඉහළ නැංවීමට ඇතැම් නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් පියවර ගෙන ඇත.
ඒ අනුව කුලියාපාටිය නගර සභාව එම මුදල රුපියල් දෙදහසකින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
මෙතෙක් ආදාහන ගාස්තු ලෙස රුපියල් 8000ක් අය කළ අතර මිල වැඩිවීමත් සමග එය 10000 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම පිටස්තර පුද්ගලයකුගෙන් අයකළ 9000ක මුදල දැන් 11000 දක්වා ඉහළ නංවා තිබේ.










