පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බව එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සැලසුම් කළහොත් ඒ සදහා විශාල කාලයක් ගත වනු ඇති බවත්, සීමා නිර්ණය ආදීයේ බරපතළ ගැටලු ගණනාවක් නව ක්‍රමය තුළ මතුව ඇති බවත්ය.
එම නිසා සංශෝ්ධන කිහිපයක් පමණක් සිදුකරමින් පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව පුංචිහේවා මහතා පෙන්වා දෙයි.










