අද රඹෑව පැවැති ගොවි උද්ඝෝණයකදී ගොවියන් විසින් අලුත් වැඩක් සිදු කොට තිබිණ.
ඒ, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ සහිත වෙස්මුහුණක් පැළදි පුද්ගලයකු සුභෝපභෝගී රථයකින් උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණීමය.
එහිදී ගොවි ජනතාව විසින් පොලු රැගෙන කෑ ගසමින් විරෝධය පළ කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරායාගේ අනුරුවකට ගිනි තැබීමට ගොවීන් පියවර ගත්තේය.










