• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නළුවෝ වීරයෝ කරන මුම්බායේ ආතර් රෝඩ් හිරගෙදර!

October 18, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
නළුවෝ වීරයෝ කරන මුම්බායේ ආතර් රෝඩ් හිරගෙදර!
Share on WhatsAppShare on Facebook

අද බ්‍රහස්පතින්දා දිනයක්. මෙම කතාව ඔබට ලියන්නට යන විට වේලාව සවස 2.25ට පමණ ඇතිය. වෙනදා ලිපි ලියනවාට වඩා මෙවර මේ ලිපිය ලියන්නට අවශ්‍ය කරුණු කිසි ලෙස පෙළ නොගැසුණු නිසා ලිවීමට යම් ප්‍රමාදයක්ද ඇතිවන්නට ගත්තේය. කෙසේ හෝ අවශ්‍ය කරුණු රැසක් ගොනුවී තිබුණද අත්‍යාවශ්‍යම එක් කරුණක් නිසා එම තත්ත්වය උද්ගත වූයේය. ඒ විශේෂිත කරුණ ගැන පුවත් ශ්‍රී ලංකාව යාබද ඉන්දියාවෙන් ගලා ඒවි යැයි මට මොහොතින් මොහොත බලා සිටින්නට සිදුවිය. ඒ සඳහා දැනට හත් අට වතාවක්ම අන්තර්ජාලයේ පුවත් නිරීක්ෂණය කරමින් සිටින්නෙමි. එහෙත් අවශ්‍ය වගතුග මෙතෙක් ඉන්දියාවේ සිට දැනගන්නට නැත. එසේ වුවද එම සිදුවීමට අදාළ යම් වගතුගක් පමණක් දැනට වාර්තා වී ඇත. එනම් ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මහාධිකරණයේදී මෙම අතිවිශේෂිත වූ නඩු විභාගය ඇරැඹීමට නියමිත බවය.
කුමක්ද මේ ලොවක් දෙනෙත් හැර බලා සිටින සුවිශේෂ නඩු විභාගය? එය නම් ‘ආර්යන් ඛාන්’ගේ නඩු විභාගයයි. 23 හැවිරිදි ආර්යන් ඛාන් යනු සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයාය. දැනට ලෝකයේ බොහෝ දෙනකු දන්නා පරිදි පසුගියදා මෙම තරුණයා යම් මත්ද්‍රව්‍ය ආරවුලකට පැටලුණේය. ඔහු සමග ඔහුගේ මිතුරන් පිරිසක්ද මේ ප්‍රශ්නයට මුහුණ දුන් අතර දැනට එම පිරිස ආරක්ෂක අංශ භාරයේ පසුවෙති. කෙසේ හෝ මෙම අර්බුදය යටතේ පසුගියදා ආර්යන් ඛාන් දෙවතාවක්ම රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. මුම්බායි මහාධිකරණය ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර දැනට ඔහු දින 19ක් අඛණ්ඩව රිමාන්ඩ් සිර භාරයට පත්ව සිටියි. අද මේ මොහොතේ ඉන්දියාවේදී පැවැත්වෙන්නේ ඔහුට ඇප ලබාදීම සලකා බැලීමේ නඩු විභාගයයි.

ඔබට මෙය ලියා තබන්නේ ඔක්තෝබර් 14 වැනිදා. දැන් ශ්‍රී ලංකාවේ වේලාව සවස 3.30ට ආසන්නය. ශ්‍රී ලංකාවේ වේලාවත්, ඉන්දියාවේ වේලාවත් බොහෝ විට එක සමානය. මම බොහෝ අවධානයෙන් යුතුව නැවත නැවතත් අන්තර්ජාලය හරහා ඉන්දියානු පුවත් බලන්නට වීමි. මේ මොහොතේ ආර්යන් ඛාන් නඩු විභාගය ආරම්භ වී ඇති බැව් මුම්බායි නගරයෙන් වාර්තා වන්නට විය. මෙම ඉන්දීය තරුණයාට අද ඇප ලැබේයැයි මුළු මහත් ඉන්දියාව මෙන්ම ලොවෙහි බොහෝ පිරිස්ද බලා සිටිති. එහෙත් මේ මොහොත තෙක් ඇප ලැබීමක් සිදුවී නොමැත. එහෙත් ඇප ඉල්ලීම් අයැදුම්පතේ නඩු විභාගය බොහෝ බැරෑරුම් අයුරින් සිදුවෙමින් ඇත. දෙපාර්ශ්වයම තමන්ගේ ප්‍රකාශයන් අධිකරණයට ඉදිරිපත් කරමින් සිටිති.

කාලය ගලායමින් ඇත. දැන් වේලාව සවස 5.30ට ආසන්නය. මහා භාරතයෙන් (ඉන්දියාවෙන්) ආරංචි වූයේ සුවිශේෂ පුවතකි. එයින් ප්‍රකාශ වූයේ ආර්යන් ඛාන්ට මෙවරද තෙවැනි වතාවටත් ඇප අහිමිවූ බවත්, අධිකරණය ඇප ඉල්ලීම් අයැදුම්පතේ විභාගය ඔක්තෝබර් 20 වැනිදා දක්වා කල්තැබූ බවය. එනම් තවත් දින 07කි. ඒ අනුව ඔහු නැවතත් රිමාන්ඩ් සිරගෙට යා යුතුය. ඔක්තෝබර් 20 වැනිදා වන විට ඔහු දවස් 27ක් සිර මැදිරියක ගතකර සිටිනු ඇත. ඒ අනුව ඔහුට දැනට මෙතෙක් සිටි සිරගෙය වන මුම්බායි නගරයේ පිහිටි ‘ආතර් රෝඩ්’ සිරගෙදරට නැවත රැගෙන ගොස් ඇත. මුලදී ආර්යන් ඛාන් සාමාන්‍ය රිමාන්ඩ් සිර ගෙයක දින කිහිපයක් ගත කළත්, පසුව දෙවැනි වතාවට දඬුවම් නියම කිරීමේදී මෙම සිර ගෙදරට යෑමට නියම විය. ‘ආතර් රෝඩ්’ බන්ධනාගාරය යනු මුම්බායි නගරයේ ප්‍රධානතම මධ්‍යම බන්ධනාගාරයයි. 1926 වසරේදී ගොඩනැගුණු මෙම සිරගෙය මුම්බායි මධ්‍යම බන්ධනාගාරය ලෙසින් නිල වශයෙන් හැඳින්වේ. මුල් කාලයේදී 800ක පමණ රැඳවූවන් පිරිසකට මෙය නිර්මාණය කළත්, දැනට එහි සිරකරුවන් 3,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බව පැවසෙයි. එහෙයින් එම බන්ධනාගාරයේ නිසි පහසුකම්ද අවම බව කියැවෙයි. මේ නිසා ලෝක මානව හිමිකම් කොමිසමෙන් පවා ඉන්දීය රජයට චෝදනා එල්ලවී තිබිණි. එහෙත් එහි නිසි පහසුකම් මෙතෙක් ස්ථාපිතව නැත.

මෙම බන්ධනාගාරය තුළ නොයෙකුත් ආකාරයේ සිරකරුවන් රඳවා තබා ඇත. එනම් ඉතා දරුණු ආකාරයේ අපරාධකරුවන්ගේ සිට සාමාන්‍ය තත්ත්වයේ සිරකරුවන් රාශියක් මෙහි සිටිති. එසේම මෙම බන්ධනාගාරය තුළ විවිධ භයානක අපරාධ කල්ලි අතර දරුණු ගැටුම් කිහිපයක්ම පසුගිය කාලයේ සිදුවී ඇත. අතිශය ප්‍රකට සුපිරි බොලිවුඩ් නළුවකු වන සන්ජේ දත් පසුගිය කාලයේ වසර 03කට අධික කාලයක් මෙම බන්ධනාගාරය තුළදී සිර දඬුවම් ලැබුවේය. ත්‍රස්තවාදී කල්ලි සමග එක්වෙමින් සහ විවිධ අවිආයුධ කිහිපයක් ළඟ තබාගැනීමේ වරදට සන්ජේ දත්ට සිර දඬුවම් නියම විය. 2008 වසරේදී මුම්බායි නගරයට භයානක ප්‍රහාර එල්ල කළ මුස්ලිම් ත්‍රස්තවාදී නායකයකු වන අජ්මාල් කසාබ්ද සිරගත කර ඇත්තේ මෙම බන්ධනාගාරය තුළය. එසේම 1993දී මුම්බායි නගරයට ප්‍රහාර එල්ල කළ මුස්ලිම් ත්‍රස්තවාදී නායකයකු වන අබු සලීම්ද සිරගත කළේ මෙම බන්ධනාගාරයේය. තවද ලෝක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ඩාවුඩ් ඊබ්‍රාහිම්ගේ අපරාධ කල්ලි සාමාජිකයන් රැසක් මෙම බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිති. ඩාවුඩ් ඊබ්‍රාහිම් මේ වන විට මැදපෙරදිග රටක සැඟවී අපරාධ මෙහෙයවයි.

මේ ආකාරයට ඔබට මෙම සුවිශේෂ බන්ධනාගාරය ගැන යම් පැහැදිලි විස්තරයක් සොයා ලියා තැබුවේ ආර්යන් ඛාන් තරුණයාද අද සිර දඬුවම් විඳින්නේ මෙම සිරගෙය තුළ වීම හේතුවෙනි. එහෙත් මෙතෙක් ඔහුට දීර්ඝ සිර දඬුවම් නියම වීමක් නොමැති අතර ඉදිරි නඩු විභාගවලදී එය තීරණය කෙරෙනු ඇත. මෙලෙස සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් අද දඬුවම් විඳීමට අදාළ වූ සිද්ධිය මුළු මහත් ලෝකය තුළම ප්‍රකට වූ කරුණක් බවට පත්වී ඇත.

මෙහිදී ඒ ගැන නැවත දීර්ඝව ආවර්ජනය කිරීම එතරම් අවශ්‍ය කරුණක් නොවේ. එනම් පසුගිය ඔක්තෝබර් 02 වැනිදා රාත්‍රියේදී මුම්බායි සිට ගෝව නගරය බලා යාත්‍රා කළ සුපිරි මගී නැවක පැවැති සාදයකදී සිදුකළ වැටලීමකදී ආර්යන් ඛාන් සහ තවත් 12 දෙනකුගෙන් යුත් තරුණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගිනි. මෙම තරුණ පිරිස එහිදී විවිධ මත්ද්‍රව්‍ය භාවිත කළ බවත්, එසේම එවැනි මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් බවටත් චෝදනා නැගිනි. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ ඉන් පසුවය.

තත්ත්වය එසේ වුවත් ආර්යන් ඛාන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන් ප්‍රකාශ කර සිටින්නේ මෙම සිදුවීම ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිතාමතා සිදුකළ ක්‍රියාවක් සහ චෝදනාවක් බවයි. ආර්යන් ඛාන් කිසිදු විටෙක මත්ද්‍රව්‍ය භාවිත නොකළ බවත්, එසේම ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය තබාගෙන නොසිටි බවත් නීතිඥයන් අධිකරණයේදී ප්‍රකාශ කර ඇත. එහෙත් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් සහ එම අංශයට අදාළ නීතිඥයන් ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍යයන් බවයි. ඔවුන් මෙම වැටලීම සිදුකර ඇත්තේ ඉතා සංවිධානාත්මක අයුරිනි. සුපිරි නෞකාවට ඔවුන් වෙස්වලාගෙන ඇතුළුවී මෙම වැටලීම සිදුකර ඇති බවද නීතිඥයන් පවසා තිබිණි. එහිදී නියත ලෙස මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ම එම නිලධාරීන් භාරයට ගැනීමට හැකිවී ඇත. දැනට ඉන්දියාවේ තිබෙන අති සුපිරි මගී නෞකාව වන ‘කොර්ඩේලියා කෲස්’ නෞකාව තුළදී රාත්‍රියේ මෙම සිදුවීම සිදුවී ඇත. කෙසේ වෙතත් මෙම සිදුවීමට ‘කොර්ඩේලියා කෲස්’ නෞකා සමාගමේ කිසිදු සම්බන්ධයක් නැතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණි.

අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවලින් දැක්වෙන්නේ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සමග ආර්යන් ඛාන් නිරන්තරයෙන් ‘වට්ස්ඇප්’ සේවාව හරහා ගනුදෙනු කළ පණිවුඩ විමර්ශන නිලධාරීන්ට හමුවී ඇති බවය. එසේම දැනට කාලයක සිට මෙම තරුණයා මත්ද්‍රව්‍ය භාවිත කිරීමට පුරුදුව සිටි අයකු බවටද කරුණු හෙළිවී ඇත. එයට හේතුවී ඇත්තේ ආර්යන් ඛාන් වසර කිහිපයක්ම ඇමෙරිකාවේ සිටිමින් විශ්වවිiාල අධ්‍යාපනය හැදෑරීම බවටද කරුණු හෙළිවී ඇත. ඔහු ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිiාලයේ සිනමා කලාව සම්බන්ධ උපාධියක් හදාරා ඇත. ඔහු එම අධ්‍යයන කටයුතු නිමකර ඉන්දියාවට පැමිණ ඇත්තේ 2020 වසරේදීය. මෙම මත්ද්‍රව්‍ය සිද්ධියට අදාළව ආර්යන් ඛාන් සමග සිටි තරුණියන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ හෝ ඔහුට දැනට පෙම්වතියක්ද සිටියි.

කෙසේ හෝ දැන් අපූරු වගතුගක් ලෙස ප්‍රකාශ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය කතාව ‘නළු නිළි දඩයමක්’ද යන්නය. එනම් ෂාරුක් ඛාන් සහ ආර්යන් ඛාන්ද මුස්ලිම් ජාතිකයන් හෙයින් හින්දු අන්තවාදීන් විසින් සිතාමතා යම් උගුලක් ඇටවූයේද යන්නය. එහෙත් එවැනි වටපිටාවක් ගැන වාර්තාවී නොමැත. ෂාරුක් ඛාන්ගේ බිරිය ගෞරී ඛාන් පවා හින්දු භක්තික කාන්තාවකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බණ්ඩාරගම ‌කොල්ලො දෙන්නගේ අත් දෙක කපපු කතාව පසුපස කෝටි 40ක කුඩු ඔත්තුවක්!

Next Post

විවාහයෙන් පස්සෙ එයාව පේන්න බැරිද?

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.