ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද දිනයේ හදිසි අනතුරකට මුහුණ දී තිබේ.
ඌව පරණගම හා හාලිඇල යා කරමින් ඉදිකර ඇති ලෑලි පාලමක් මත ගමන් කරද්දී ඔහු ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම පැරණි ලී පාළම අබලන් තත්ත්වයේ පසුවන අතර එය නිරීක්ෂණය සඳහා ගිය අවස්ථාවේ මෙම ඇදවැටීම සිදුව තිබේ.
පාලමේ කැඩී තිබූ ලෑලි කැබැල්ලක පය තැබීම හේතුවෙන් ඔහු පාලම මත බිම ඇද වැටුණි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා පාලමෙන් ගගට ඇද නොවැටුණු අතර ඔහුට අනතුරක් සිදුව නැති බවද වාර්තා වෙයි.









