ලබන 21 වැනි දින පාසල් විවෘත කිරීමට නියමිත බැවින් දිලුම් අමුණුගම අමාත්‍යවරයාගේ හිතවතුන් යැයි කියා ගන්නා පිරිසක් රාසිංදෙව් විදුහලට ඇතුල්වීමත් සමග උණුසුම් තත්ත්වයක් මතුව ඇත.
මෙහිදී විදුහල්පතිවරයා දැනුවත් නොකොට මෙසේ පිරිසක් පාසලට ඇතුලුවීම හේතුකොටගෙන විදුහල්පතිවරයා හා එම පිරිස අතර මතගැටුමක් මතුව තිබේ.
එම පිරිස සදහන් කරන්නේ තමන් දිලුම් අමුණුගම අමාත්‍යවරයාගේ කීම පිට මෙසේ පාසලට ඇතුල් වූ බවකි.
එම සංවාදය පහත පළවේ.










