ඉන්ධන මිලදී ගැනීමට සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකු පැවසීය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සම්බන්ධතාව මත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව කී එම නිලධාරියා විශේෂයෙන් පෙට්‍රල් සහ ඩීසල් ආනයනට එම මුදල යොදවන බව සඳහන් කළේය.
කෙසේවෙතත් මීට පෙර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඕමානයේ සංචාරයක නිරත වෙමින් තෙල් ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පියවර ගෙන තිබිණ.










