අගුණුගොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රන්ජන් රාමනායක මහතා අද දින කරාපිටිය රෝහල වෙත රැගෙන ආවේය.
ඒ, දැනට ඒ මහතා පීඩා විදින රෝගී තත්ත්වයකට සෞඛ්‍යමය ප්‍රතිකාර ලබා ගැනීම සදහාය.
එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මහතාට අවස්ථාව ලබා නොදීමය.
රන්ජන් රාමනායක මහතා බසයට නැග ජනේලය විවෘත කළද වහාම නිලධාරියකු එම ජනේලයද වසා දැමීමට කටයුතු කළේය.










