මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පොහොර ලබා නොදීම හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක රැසක දැවැන්ත ගොවි විරෝධතා මතුව ඇති බව දැකගන්නට තිබේ.
ඒ අනුව ගොවීන් දහස් ගණනින් පොහොර ඉල්ලා ඒ ඒ දිස්ත්‍රික්ක මට්ටමින් දැවැන්ත උද්ඝෝෂණ ආරම්භ කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
මෙහිදී මෙම ගොවින් තීන්දු කර ඇත්තේ වගාවට අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී සියලු ගොවීන් ඒකාබද්ධව කොළඹට පැමිණ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමටය.
එහිදී කුඹුරු කිරීමට භාවිත කරන සියලු උපකරණ කොළඹට රැගෙන ඒමටද ගොවීන් තීන්දු කොට ඇත.










