පසුගිය කාලසීමාවේදී ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ඇති බව කියමින් රට ඇතුළේ මහත් ආන්දෝලනයක් ඇති කළ නාමල් කුමාර නැමැත්තා සහ ප්‍රබල පාතාල සාමාජිකයකු වන මාකදුරේ මධූෂ් නැමැත්තා මේ වනවිට බන්ධනාගාරයේ සිට වත්මන් ජනාධිපතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරන්තරව තොරතුරු සොයා බලමින් සිටින බව දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව කියමින් පසුගිය කිල සීමාවේ නාමල් කුමාර විසින් මහා විගඩමක් නැටුවද මේ වනවිට එය සම්පූර්ණයෙන්ම ගෙතූ කතාවක් බවත්, ඒ සම්බන්ධ යටි තොරතුරු රැසක් මේ වනවිට රහස් පොලිසිය මගින් අනාවරණය කරගෙන ඇති බවත් දැනගන්නට ඇත.
එමෙන්ම මධුෂ්ද මේ වනවිට පාතාලයට සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනකුගේ නම් ගම් හෙළිදරව් කිරීමක් කර තිබුණද මැතිවරණ සමය වීම හේතුවෙන් ඒ සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් කිසිවක් සිදු නොකිරීමට රහස් පොලිසිය තීන්දු කර ඇති බව පැවසේ.
කෙසේවෙතත් මේ වනවිට දෙදෙනාම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් සිටින බවක් දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් විශේෂ ලිපියක් මෙවර ‘සී.අයි.ඩී ස්පෙෂල්’ තීරයෙන් බලාපොරොත්තු වන්න.










