ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකුද වූ වසන්තප්‍රිය රාමනායක මහතා අද (14) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ප්‍රකාශයට පත් කළ ‘පෙරමග’ සගරාවේ කර්තෘවරයා වශයෙන් මුලින් කටයුතු කළ ඒ මහතා මැගසින් මාධ්‍ය කලාවේ පුරෝගාමියකු ලෙස සැලකේ.
ඉන් අනතුරුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවයට බැදුණු රාමානයක මහතා කලක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.
මීට අමතරව රාමනායක මහතා ලංකාවේ ප්‍රධාන පුවත්පත් රැසක දේශපාලන විචාර ලිපි සම්පාදකයකු ලෙසද කටයුතු කළේය.










